`ජාත්‍යන්තර තරගයකින් රන් පදක්කමක් ලබා ගත් පළමු අවස්ථාව මෙය බවත් මෙම ජයග්‍රහණය ලබා ගැණිමට තමා සිතූ තරම් අපහසු නොවූ බවත්` ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති අටවෙනි එන්.සී.ආර් ගොල්ෆ් කුසලාන ශූරතාවලියේ කේවල ශූරතාවය සහ කණ්ඩායම් ශූරතාවය දිනාගනිමින් දිවයිනට පැමිණි විජිත බංඩාර කටුනායකදී එසැණට කීය.
අදාල තරගාවලියේ කේවල ශූරතාවය විජිත බංඩාර විසින් දිනාගත් අතර විජිත බංඩාර සහ සිසිර කුමාර එකතුව කණ්ඩායම් ශූරතාවය දිනාගත්හ.
ශ්‍රී ලංකාවට ගෞරවයක් එක්කර දෙමින් දිවයිනට පැමිණි මෙම ක්‍රීඩකයන්ව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබූහ.
තරගාවලිය ඉන්දියාව, අයර්ලන්තය, පාකිස්තානය, නේපාලය, ජර්මනිය සහ ශ්‍රී ලංකාව යන රටවල්හි ක්‍රීඩකයෝ හැත්තෑ පස් දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය 26 වෙනිදා සිට 01 තෙක් නවදිල්ලියේදී පැවැත්විණි.
කේවල ශූරතාවය දිනාගත් විජිත බංඩාර මහනුවර කෙංගල්ල විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර සිසිර කුමාර බොරුල්ල එස්.ඩබිලිව්.ආර්.ඩී බන්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙකි.
තම පියා ගොල්ෆ් ක්‍රීඩාව හා සම්බන්ද රැකියාවක් කරන බැවින් කුඩා කල සිට ක්‍රිඩා කිරීමට අවස්ථාව ලැබුන බවත් එසේම තම පුහුණු කරුවූ ජගත් කල්දේරා මහතාගේ නිවැරදි මග පෙන්වීමත් නිසා මෙම ජයග්‍රහනය පහසුවෙන් ලබා ගත හැකි වූ බවත් ඔහු කීය.
තමා වසර දහයක් පමණ තිස්සේ කරන ලද පුහුණු වීමේ ප්‍රථීඵලය අද ලැබී ඇති බවත් එළඹෙන දකුණු ආසියානු තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් කීය.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලංකාවට ගොල්ෆ් වලින් ජය පිට ජය
ඉෂාර Monday, 04 March 2013 09:00 AM
ගියා දන්නෙත් නෑ, සෙල්ලම් කලා දන්නෙත් නෑ,ආවා දන්නවා. (ස)
දිමුතු Sunday, 03 March 2013 06:05 PM
නියමයි ,සියලු දෙවිපිහිටයි ඔබ සියලුම දෙනාට.ඉදිරියටත් මෙවැනි ජයක්ග්‍රහණ අපේ රටට ගෙන එන්න ලැබේවායි පාර්ථනා කරමි.(නදී)
ඉසුරු Monday, 04 March 2013 10:16 AM
ජයවේවා ..... ලංකා ..... ජයවේවා (දී)
ප්‍රනීත් Sunday, 03 March 2013 07:54 PM
දිනලා එද්දි තමයි අපේ අයියලට මෙයාව මතක් වෙලා තියෙන්නේ. ඒකනේ සෙල්ලම් කරන පොටෝ නැත්තේ.(නදී)
ධම්මිකා Sunday, 03 March 2013 11:11 AM
උණුසුම් සුභ පැතුම්! (නි)
රූපා Sunday, 03 March 2013 11:32 AM
ෂා... නියමයි මල්ලී! (නි)
ගාමිණී Sunday, 03 March 2013 11:29 AM
ගෝල්ෆ් ක්‍රීඩකයන්ට උණුසුම් සුභ පැතුම්! (නි)
ඉරේෂ් Sunday, 03 March 2013 11:51 AM
නියමයි පුතා. ඔහොම යමු. (නි)
අමිල Sunday, 03 March 2013 01:51 PM
කුමක් හෝ හොද දෙයකින් ශ්‍රී ලංකාවට ගෞවරයක් ලැබීම අපේ සතුටයි.(නදී)
මහින්ද Sunday, 03 March 2013 02:14 PM
මීටපෙරත් අපි කිහිප වරක්ම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබලා තියෙනවා නේද? (නි)
මහින්ද Sunday, 03 March 2013 02:14 PM
ඔබට සුභ පැතුම්! (නි)
ලලිත් Sunday, 03 March 2013 02:54 PM
ජය වේවා දරුවනි! ජයම වේවා! (නි)
අනූ Sunday, 03 March 2013 03:11 PM
සුභ පැතුම්! (නි)
තුසිත Monday, 04 March 2013 07:26 AM
නියමයි පුතා නියමයි. (නි)
චන්ද්‍රමිරි Sunday, 03 March 2013 03:32 PM
ජය වේවා! උනුසුමි අන්දමින් පිලිගෙන නැහැ.(නදී)
පිටිගල Sunday, 03 March 2013 03:40 PM
සැමදා පරදින ක්‍රකට් වලට වියදම් කරන සල්ලි මෙන්න මේවට වියදම් කරන්න.(නදී)