IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ලංකාවට කොරියා රැකියා වැඩිපුර

ශ්‍රී  ලාංකිකයනට දකුණු කොරියාවේ රැකියා තවත් වැඩිපුර ලැබීමේ අවස්ථාව උදාවන ලකුණු පහළ වෙයි. දෙරට ජනපතිවරුන් අතර සෝල් අගනුවර ‘බ්ලු හවුස්‘ ජනපති මැදුරේ පැවැති සාකච්ඡාවක දී මේ ගැන සාකච්ඡා විය. දැනට විසිදහසක් පමණ ලාංකිකයෝ එහි රැකියා කරති. දෙරට නායකයන් අතර අද පැවැති සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ ජනපති අවධාරණය කෙළේ ශ්‍රී ලංකාවේ දැන් දේශපාලන ස්ථාවරත්වය ඇති බවයි. එහෙයින් ආයෝජනයට එන්නැයි කොරියා ආයෝජකයනට ඇරැයුම් කෙළේය. සාකච්ඡාවෙන් පසු ගිවිසුම් තුනක් ද අත්සන් කැරිණි. කොරියා භාෂාව උගැන්වීම සඳහා දකුණු කොරියාවෙන් ගුරුවරුන්  එවීමට ද එරට ජනපති එකඟ විය. හම්බන්තොට තොරතුරු තාක්ෂණ උයනට ආධාර කරන ලෙස ජනපති ඉල්ලීමක් ද කෙළේය. කොරියා ආධාර ඇතිව ශ්‍රි ලංකාවේ  සිදු කැරෙන ව්‍යාපෘති සඳහා ඇමෙරිකා ඩොලර් විසි කෝටියක (රුපියල් කෝටි 2600ක ආධාර ද ලැබිණි.



අදහස් (0)

ලංකාවට කොරියා රැකියා වැඩිපුර

ප්‍රී Tuesday, 24 April 2012 11:37 PM

ආසියාවේ ආශ්චර්යය යනු මෙයයි. කොතරම් විශිෂ්ඨද?

:       0       0

සදළි Tuesday, 24 April 2012 11:58 PM

රැකියා නැති අයට, මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න කැමති අයට කොරියා යන්න දුන්නට කමක් නෑ. මේක හොද වැඩක්.

:       0       0

යූ.එම්.මුණසිංහ Wednesday, 25 April 2012 02:11 AM

අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මේ වගේ රටකින් අපිට රැකියා අවස්ථා ලැබීම සතුටට කරුණක්

:       0       0

සමීර Wednesday, 25 April 2012 03:59 AM

අපේ රටේ ගැහැනු උදවිය මැදපෙරදිග ගෙවල් වල කුනු කසල සෝදනවා. ලංකවේ උගතුන් රට හැර යනවා. මෙය රට දියුනුවීම ලෙස හැදින් විය හැකිද???

:       0       0

අනුර Wednesday, 25 April 2012 06:15 AM

අපේ රටේ කොල්ලෝ ගොඩකට දැන් කීයක් හරි හම්බ කර ගන්න පුළුවන්. ජනාධිපතිතුමනි, මේ වගේ අනෙක් රටවල් සමගත් මිතුරු සම්බන්ධතා වැඩි කර ගැනීමට ඔබට ශක්තිය සහ දිරිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු

:       0       0

එරන්ග Wednesday, 25 April 2012 10:31 AM

කොහොම හම්බ කළත් දැන් ජීවත් වෙන්න බෑ. ලෝන් එකක් වත් ගහන්න බෑ. ඇයි පොලිය 18% ක්නේ.

:       0       0

පැට්රික් Wednesday, 25 April 2012 10:33 AM

කොරියා රැකියා ඉතා හොදයි. නමුත් සුදුස්සන්ට එය ලැබිය යුතුයි.

:       0       0

බදුර්දීන් Wednesday, 25 April 2012 10:38 AM

මේක හොද වැඩක්

:       0       0

රාජු Wednesday, 25 April 2012 10:58 AM

කොල්ලෝ ටික රට අරින එක හොදද???

:       0       0

චානක Wednesday, 25 April 2012 07:00 PM

රටට විදේශ විනිමය ලැබෙන ක්‍රමයක් මේක. හැබැයි සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනි.

:       0       0

ඉන්දික Tuesday, 24 April 2012 04:39 PM

අපේ රටේ මිනිස්සු කම්කරුවෝ විදියට පිටරට යවන එක ගැන ආඩම්බරයට කාරණයක් නෙමෙයි .

:       0       0

kk Tuesday, 24 April 2012 04:43 PM

sathuta krunakat සතුටට කරුණක්

:       0       0

සම්පත් ඉතාලියේ සිට Tuesday, 24 April 2012 05:32 PM

ජනපතිතුමනි, ඔබේ ශත්තියට අප පිටුපසින් සිටින්නෙමු

:       0       0

චන්දවිමල හිමි Tuesday, 24 April 2012 06:33 PM

ලොවම දිනු ජනපති... තරුපති විලස බැබලෙති... ලබමින් ජයම නිති... ලකට සිරි සෙත සදනු යහපති...

:       0       0

චන්දන Tuesday, 24 April 2012 07:06 PM

හැම දේ ගැනම නුහුරට හිතන එක හොද නෑ. අපේ රටේ අය කොරියා ගිහින් කීයක් හරි හොයා ගෙන තමන්ගේ අනාගතේ දියුණු කර ගන්න එක හොද දෙයක්. ඒක රටට ලැබෙන සුද්ද ලාබයක් නේද?

:       0       0

සදුන් Tuesday, 24 April 2012 07:59 PM

ගොඩක් සන්තෝෂයි...

:       0       0

දිලානි Tuesday, 24 April 2012 08:58 PM

ගොඩක් හොද වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 67 0

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


ආහාර විද්‍යාවට වෙනම ආයතනයක්
2025 මැයි මස 08 88 0

ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පච ආණ්ඩුව පරදන්න ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම්
2025 මැයි මස 08 384 2

වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්


මළල ක්‍රීඩා පුහුණුකරු ගැටුම රෝහලෙන් නවතී
2025 මැයි මස 08 164 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ මළල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනකු අතර වූූ ගැටුමකින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා පුහුණුකරු පහර කා රෝහල් ගතව ඇතැයි කුරුඳුවත්ත පොලිස


නව සර්වේයර් ජනරාල් පත් කරයි
2025 මැයි මස 08 306 0

සර්වේයර් ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


කෝටියක ජංගම දුරකථන කටුනායකින් අල්ලයි
2025 මැයි මස 08 357 0

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින් එම කොමිෂමේ අනුමැතියෙන් තොරව , රුපියල් කෝටියක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස ම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1137 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 287 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1326 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site