”නටාෂා රත්නායක” වත්මනෙහි මෙරට සිටින ඉංග‍්‍රීසි ගී ගයන ශිල්පිනියන් අතර ප‍්‍රමුඛස්ථානයක සිටි ඇය සතු ගාම්භීර හඬ බටහිර ගීතයට කදිමට පෑහෙන බව සඳහන් කළ හැකිය. කලකට ඉහතදී ටෙලිනාට්‍ය රංගනයටද එක්ව සිටි නටාෂා අද වන විට තමුන්ගේම ගී නිර්මාණ සමග ජාත්‍යන්තරයට ගොස් සිටින ශ්‍රී ලාංකීය ශිල්පිනියකි. බටහිර ගීතයෙන් ලෝකය ස්පර්ශ කරමින් සිටින නටාෂා හට පසුගියදා රුසියාවෙන් ආරාධනයක් ලැබුණි. ඒ එරට පැවැත්වූ ජාත්‍යන්තර සංගීත ප‍්‍රසංගයක විනිසුරුවරියක ලෙස කටයුතු කිරීමටයි. ශ්‍රී ලාංකීය ශිල්පිනියක ලද විශේෂිත අවස්ථාවක් ලෙස එය සඳහන් කළ හැකිය. එකී විස්තරවලට අමතරව සමාජ වෙබ් අඩවි ඔස්සේ ඇය අද උණුසුම් චරිතයක් බවට පත්ව සිටින්නීය.
ඇමරිකාවේ සිටින සමාජ මාධ්‍යජාල චරිතයක් මෙන්ම, රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන චරිතයක් සහ නිරූපිකාවක මෙන්ම නිළියක ලෙසද කටයුතු කරන කිම්කාඩෂියන් ලොවපුරා වඩා ප‍්‍රකටව ඇත්තේ සරාගී නිතඹ හිමි සුරූපිනියක ලෙසය. මේ නටාෂා හට අන්තර්ජාලයේ සැරිසරන බොහෝදෙනා අද කියන්නේ ලෝකල් කිම්කාඩෂියන් කියාය. කිම්ට නොදෙවෙනිවූ අන්දමේ නිතඹ දර්ශනය වෙන ඡුායාරූප පෙළක් නටාෂා තම සමාජජාල වෙබ් පිටු ඔස්සේ මුදාහැර තිබීම ඊට හේතුවය. ”ඇත්තටම මම ඒ පිංතූර ගත්තෙ ශාරීරික ව්‍යායාම්වල යෙදී සිටි අවස්ථාවකදීයි. සිරුරේ නම්‍යශීලීත්වය පවත්වා ගැනීම උදෙසා කාන්තාවන් හට උනන්දුව ඇතිකරවීම ගැන හිතලයි මම එහෙම කළේ. මේවා ප‍්‍රචාරය වුණාම ලංකාවේ කිම්කාඩෂියන් මම කියලා සමාජ වෙබ් අඩවිවල පළවී තිබුණා.”
නටාෂා මුලින්ම සඳැල්ලට ඒ ගැන විස්තර කළේ එලෙසිනි. මීළඟට ඇය රුසියාවේ ගිය තොරතුරු සහ තවත් විස්තර අපට කිව්වෙ මේ විදියටයි.
නටාෂා ඇයි රුසියාවට ගියේ?
රුසියානු ජාත්‍යන්තර සංගීත සංදර්ශනයක ප‍්‍රධාන විනිසුරුවරියක ලෙස ආරාධනා ලැබීම නිසයි. ඊට ජාත්‍යන්තරව රටවල් තිහකට වඩා අධික සංඛ්‍යාවක තරගකරුවන් සහභාගීවී තිබුණා. එහි අවසාන මහා තරගයේදී 14 දෙනෙක් සුදුසුකම් ලබා තිබුණා. එම ප‍්‍රසංගයේ අවසාන අවස්ථාවට තමයි සහභාගී වුණේ. එය ඇත්තටම ශ්‍රී ලාංකීය ශිල්පිනියක ලද ලොකු අවස්ථාවක් වෙන්න ඇති. 2008 සිට බටහිර ගීත ගායනයෙන් මගේ ගීත ජාත්‍යන්තරව ජනප‍්‍රිය වුණා. සමහර නිර්මාණ රුසියාවෙත් ජනප‍්‍රිය වුණා. මේ වගේ අවස්ථා නිසා තමයි මට ඒ ජාත්‍යන්තර ප‍්‍රසංගය නියෝජනයට වරම් ලැබුණේ.
ප්රධාන ආරාධිත ශිල්පිනිය ලෙස මගේ ගීත පහක් ගායනා කළා.
ගොඩාක් හොඳයි.
ඔබගෙ පෙනුමත් හරියට රුසියානු කාන්තාවක වගෙයි නේද? රුසියානු සම්භවයක් තියෙනවද?
අනේ නැහැ. නම විතරයි රුසියානු.
ඒ ලැබුණු අවස්ථාව ගැන ඔබ හිතන්නෙ කොහොමද?
ඇත්තටම එය ලාංකීය ශිල්පිනියක ලද ලොකු අවස්ථාවක් ලෙසයි මා දකින්නෙ. මේ වගේ අවස්ථා අපේ රටට ලැබිය යුතුයි.
දැන් නටාෂා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන රියැලිටි තරගයක විනිසුරුවරියක ලෙසත් කටයුතු කරනවා නේද?
"hia FM" (Yes) සුපර් ස්ටාර් තරගයේ විනිසුරුවරියක ලෙස වසරක් විතර කටයුතු කළා.
ඔබ තරුණයින් අතර තමයි වඩා ජනප‍්‍රිය එහෙම නේද? කොහොමද ඔබ එය දකින්නෙ?
ප‍්‍රාසාංගික වේදිකාවේදී ආකර්ෂණයක් ඇතිවන විදියට ඉදිරිපත් කිරීම කළ යුතුයි. ඉතින් මම බොහෝවිට ගීත ගායනයේදී ඒ රිද්මය ගැන හිතනවා. තාරුණ්‍ය ඒ රිද්මයට වඩා කැමති ඇති.
ප‍්‍රාසාංගික වේදිකාවේදී වඩා උණුසුම් චරිතයක් වගේ පෙනෙන ඔබ සැබෑ ජීවිතයේදී කොහොම චරිතයක්ද?
මම හරිම සරලයි. බාහිරව බලලා මගේ දිහා එක එක විදියට බලන අය ඇති. නමුත් සැබෑ ජීවිතය ගැන කතා කළොත් සරල බවට හරිම කැමති කෙනෙක්. ප‍්‍රසංග වේදිකාව සහ සාමාන්‍ය ජීවිතය කියන්නෙ දෙකක්. ජීවිතය කියන්නෙ රඟපෑමක් නෙවෙයි. යථාර්ථය තේරුම් ගෙන ජීවත් විය යුතුයි.
ඇයි ඇත්තටම අද ඔබ රඟපෑමේ අංශයට දායක නොවන්නෙ?
රඟපෑමට මට ගොඩාක් ආරාධනා ලැබුණා. සිංහල ෆිල්ම්ස් විතරක් නෙවෙයි. ඉංග‍්‍රීසි, දෙමළ ෆිල්ම්ස්වලටත් ආරාධනා ලැබුණා. නමුත් මට ගැලපෙන, මම කැමති චරිතයක් ඒවායේ තිබුණෙ නැහැ. ලැබෙන විදියට බාරගෙන කරන්න කැමති නැහැ. සංගීතයේදී වුණත් නිර්මාණයක් හෝ ප‍්‍රසංගයක් බාරගන්නෙ මට මගේ නිර්මාණාත්මක හැකියාව උපරිමයෙන් ඉදිරිපත් කළ හැකි ඒවා විතරයි. සියයට - සීයක්ම දායකත්වය දිය හැකි චරිතයක් නම් බාරගෙන කරන්න පුළුවනි. නැත්නම්, එය නොකර ඉන්න ඕනෑ.
හැඩගැන්වීම් "Okroo"
2025 දෙසැම්බර් මස 18
380
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝකල් කිම් කාඬේෂියන් මමලූ
අතුල Wednesday, 23 September 2015 12:17 PM
කිම් කාඬේෂියන් කියන්නේ නිල් චිත්‍රපට නිලියක්නේ ඉතින් මෙයාටත් වෙන්න ඕනේ ඒ වගේද?? (බ)
කුමාර Sunday, 04 October 2015 07:10 PM
"ඔයා බැඳලද? අපෝ නැහැ" වෙළඳ දැන්වීම මතක්වුණා (නි)
බෙන්තර මහේෂ් Saturday, 03 October 2015 09:46 AM
අතුල, කිම් කාඩේෂියන් කියන්නේ නිල් චිත්‍රපට නිලියක් නෙමෙයි. (ර)
පියල් Friday, 02 October 2015 12:41 PM
අනේ ප්ලීස් එයාට දොස් කියන්න එපා... (ර)
අමිල Wednesday, 23 September 2015 04:14 AM
කිම් කාඬේෂියන් වගේ ඔයත් වීඩියෝ එකක් හදන්න බැරිද? (බ)
ඉමේෂ් Friday, 02 October 2015 06:39 AM
කබ්බෝ ෆෝම් කරන්න එපා (බ)
නිශාඩ් Tuesday, 22 September 2015 01:27 PM
හරිම සුන්දරයි (නි)
විජිත Tuesday, 22 September 2015 03:48 PM
ඇත්තටම ලස්සන කාන්තාවක් (නි)