ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු බව කියන ඉඩමක් බලෙන් අල්ලා වැට කඩුලු බඳිමින් සිටි ස්ථානයකට ගිය ලංකාදීප මාධ්‍යවේදී හිරාන් ප්‍රියංකර ජයසිංහ මින් මද වේලාවකට පෙර මැර ප්‍රහාරයකට ලක්විය.
ඔහුට පහරදුන් මැරයෝ ඔහුගේ කැමරාවද කඩා දමා ඔහුගේ ගෙලෙහිවූ රන් මාලයද පැහැරගෙන ගිය බව කියති.
ඔහු මෙම ප්‍රහාරය ගැන පුත්තලම පොලිසියට පැමිණිලි කළේය. මහජනයාට තොරතුරු දැන්වීමේ උත්තරීතර වගකීම ඉටු කරද්දී එල්ලවූ මෙම මැර ප්‍රහාරය හෙළා දකින බව පුත්තලමේ මාධ්‍යවේදීහු කියති.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාදීප මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක්
දුමින්ද Monday, 23 March 2015 06:48 AM
මැර පාලනයට තිත කවදාද?
තිලක් ඉන්දික රණසිංහ Monday, 23 March 2015 04:17 PM
මැරයෝ ඉක්මනට අල්ලනු (නදී)
චන්දන රණසිංහ Monday, 23 March 2015 07:16 AM
දෙනවා කිව්ව මාධ්‍ය නිදහස ද මේ? (ත)
දොන් Monday, 23 March 2015 07:26 AM
යහ පාලනය ? (ත)
ඉසුරන්දි Monday, 23 March 2015 07:33 AM
මැර පාලනය නතර කලයුතුයි ඉක්මනටම. (ත)
ඩී ජේ Monday, 23 March 2015 07:46 AM
නැත්තන් දැන් කොහෙන්ද මැරයෝ මාධ්‍යවලට ගහන්න? (ත)
ඇසළ Monday, 23 March 2015 07:49 AM
යහපලානේ ගණන් ගන්න එපා. (ත)
කුමාරි Monday, 23 March 2015 07:56 AM
සිරිපලාගේ යස පාලනය .දැන් ලංකාවේ කිසිම කෙනෙකුට කරදරයක් නැතිව ජීවත් වෙන්න හදල දුන්නේ ....(ම)
සුනිල් Monday, 23 March 2015 07:57 AM
දෙන්න පොරොන්දු වුන මාධ්‍ය නිදහස දැන් ඔප්පු කරලා පෙන්වන්න චුදිතයන්ව නීතිය හමුවට ගෙනත්. (ම)
නිහාල් Monday, 23 March 2015 08:01 AM
නිදහස් මාධ්‍ය ව්‍යාපාර,මානව හිමිකම් කාරයෝ.එන ජි ඔ කාරයෝ කොහෙදේ ඉන්නේ සේරම යහපාලනෙට යටවෙලාද. (ම)
රුවන් Monday, 23 March 2015 09:14 AM
මේකට කියන්නේ මෛත්‍රි පාලනයක් කියලා.කඩේ ගිය හැමෝටම හොද පාඩම නේ. (අ)
සම්පත් කුමාර Monday, 23 March 2015 10:02 AM
මෙන්න යහපාලනය මේ වගේ අයව ජනාධිපති කෙරුව අයට ගහන්න ඕනෙ බූවල්ලෙන්. ජනාධිපති කටින්නම් බතල කොළ හිටවලා කථාව දෝලාවෙන් ගමන පයින් යන කෙනෙක් කියලා දැන් අපට තෙරෙනවා. මාධ්‍යවේදියෙකුව මැරුවත් දින සීයේ වැඩපිළිවල තව ඉවර නෑ කියලා චුයින්ගන් හප හපා කියයි (බ)
ප්‍රකාශ් Monday, 23 March 2015 10:06 AM
මේ මාධ්‍ය නිදහසද?සාගරිකා ගෝමස් ,රිචඩ් සොයිසාට මේ අය කරපු දේ මතකයිනේ.ජෝන්බාස්ලගේ පොලිසියනේ තියෙන්නේ.මාර යහපාලනයනේ. (බ)
රේණුකා Monday, 23 March 2015 10:08 AM
මෙන්න යහපාලනයේ තවත් අතුරු ප්‍රතිපලයක් (බ)
සුනිල් Monday, 23 March 2015 01:15 PM
ජයවේවා, ජයවේවා , ජයවේවා යහපාලනය (නදී)
රූපවතී Monday, 23 March 2015 02:19 PM
දැන් ඉතින් මුළු දියවන්නාවම ආඩි හත් දෙනාගේ එකම සුප් හැලිය වෙලා ඉවරයි. දෙපැත්තේම අය එකම වලකට පැනගත්තේ පහුගිය කාලේ හොරා කාපුවා වමාරන්න වෙන නිසයි. මේකද යහ පාලනය ? ඡන්දෙ දිනාගන්නකම් නම් කීවේ අපි දු ෂණය පිටුදකිනවා, වැරදි කරුවෝ නීතියේ රැහැනට ගේනවා කියා. හැමෝම බලය තර කරගන්නයි පොර කන්නේ. නැතිනම් කොන්ද පන තියෙන රජයකට එළිපිටම කියන්න තිබුනේ නැද්ද ? හිටපු රජයේ කිසිම මන්ත්‍රී ඇමති කෙනෙක් නව රජයට බාර ගන්නේ නැහැ කියලා (නදී)