හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට
‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවට’ සමගාමීව මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ‘බොදු බැති ගී සරණිය’ අද (29) රාත්‍රීය මුළුල්ලේ තන්තිරිමලේ රජ මහ විහාරස්ථාන පුද භූමියේදී පැවැත්විණි.
විජය පුවත්පත් සමාගම පහළොස්වැනි වරටත් සංවිධානය කළ ‘තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ දෙවැනි දිනය වූ ඊයේ දිනයේදී තන්තිරිමලේ පුදබිමේ පැවැති බොදු බැති ගී සරණියට අවට දහම් පාසල් 14ක කණ්ඩායම් සහභාගී විය.
බොදු බැති ගී සරණියට සහභාගී වූ දහම් සිසු සිසුවියන්ට ‘ලංකාදීප’ සහ ‘විජය පුවත්පත් සමාගමේ’ අනුග්‍රාහකත්වයෙන් සහභාගීත්ව සහතික පත් ද පිරිනැමිණි.
මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.ආර් තිලකරත්න, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (වෙළෙඳ හා සන්නාම) සුජිත් පතිරන්නැහැ, සහකාර සාමාන්‍යාධිකාරි නිමල් වික්‍රමසිංහ, සහ සහකාර සාමාන්‍යාධිකාරි (විදුලි) නලින් නිවුන්හැල්ල යන මහත්වරුන් අතින් සිසු සිසුවියන් වෙත සහතික පත්‍ර පිරිනමනු ලැබිණි.
මහා සංඝරත්නය, දහම් පාසල් ආචාර්යවරුන්, සිසු සිසුවියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක
1. ශ්‍රී සම්බුද්ධ මෛත්‍රී දහම් පාසල - පෙරුන්කුලම
2. ශ්‍රී ආනන්ද දහම් පාසල - මන්නාරම් හංදිය
3. ශ්‍රී ඉන්ද්‍රසාර දහම් පාසල - සිවලාපිටිය
4. ශ්‍රී ඉන්ද්‍රරතන දහම් පාසල - කටුකැලියාව
5. ශ්‍රී මිහිඳු දහම් පාසල - මහවිලච්චිය
6. ශ්‍රී යසෝධරා දහම් පාසල - සඳමල්එළිය
7. ශ්‍රී ඥාණෝභිතිස්ස දහම් පාසල - යාය 06
8. ශ්‍රී ආනන්ද දහම් පාසල - කිඹුල්වැව
9. ප්‍රේමරතන දහම් පාසල - දුනුමඩලෑව
10. ශ්‍රී රාහුල දහම් පාසල - ඇත්දත්කල්ල
11. ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල - පෙම්මඬුව
12. ශ්‍රී අත්ථදස්සී දහම් පාසල - බණ්ඩාරගම
13. ශ්‍රී සමාධි දහම් පාසල - කදුරුපිටිය
14. ශ්‍රී ධර්ම නිකේතන දහම් පාසල - මානිංගමුව
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලංකාදීප ආලෝක පූජාවේ බොදු බැති ගී සරණිය