IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලොකුගේ සජිත්ගේ සුදුසුකම් පිරික්සන්න යයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මෝඩයෝ රැළක් මැද ඉන්න එකම උගතා තමා යැයි ප්‍රකාශ කරන හෙයින් සියලු අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට ඉදිරිපත් කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේදී අද (1) අභියෝගයක් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට චෝදනාවක් එල්ල කෙරුණු අවස්ථාවේදී ප්‍රකාශයක් කරමිනි.

ගාමිණී ලොකුගේ මහතා මෙසේද පැවසීය.

මෙතන මේ සියලු දෙනා පත්වෙලා තියෙන්නේ ජනතා ඡන්දයෙන්. විපක්ෂ නායක තුමා කියන විදියට මෙතන ඉන්න අනෙක් සියලු දෙනා නූගත් අය. එතුමා විතරයි උගතා. මම දන්නවා එතුමාගේ එතුමා ගේ පියාට වඩා අධ්‍යාපනය ලබපු අය තමයි මෙතන ඉන්නේ. එතුමාගේ පියා මේ රටේ ජනාධිපති වුණා. එතුමාගේ අධ්‍යාපන සුදුසුකම් මේ රටේ මිනිස්සු දන්නවා. ඔබතුමා අනිත් අයගේ අධ්‍යාපන සුදුසුකම් බාල්දු කරනවා නම් ඔබතුමාගේ අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට ඉදිරිපත් කරන්න. මොකද මේ සියලු විවාද රූපවාහිනිය යනවා. එතකොට මිනිස්සු හිතන්නේ මෝඩයෝ රැළක් මැද ඉන්න එකම උගතා මෙයා කියලයි. මෙතුන් මෙතන ඉන්න සියලු දෙනා මෙතුමා ගේ පියාට වඩා අධ්‍යාපනය ලබපු අය. මම ඔබතුමාට අභියෝග කරනවා තමුන්නාන්සේගේ අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට ඉදිරිපත් කරන්න.

 



අදහස් (9)

ලොකුගේ සජිත්ගේ සුදුසුකම් පිරික්සන්න යයි

Dharmatileke Friday, 01 December 2023 02:37 PM

මහජන චන්දයෙන් පත්වුනා කියල නුගතා උගතෙක් වෙනවද?

:       1       22

තෙපුලංගොඩ Friday, 01 December 2023 02:52 PM

එතුමාගෙන් තනතුරු ලබාගෙන ඉදල ඉහලට ගිය ඉනිමගට පයින් ගහනවා වගේ ඔහොම කියන එක සුදුසු නැහැ ලොක්කො ඒත් ඔය කියන එතුමා රටේ ඇගලුම් කම්හල් ඇතිකර තරුණ පිරිස් සදහා රැකියා දුන්නා වුනත් එතුමා අධ්‍යාපනය උසස් ආකාරයට නොලැබුවත් උගතුන් ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ සේවය රටේ දියුණුවට නොගත්තාම වුනත් සුදුස්සා පලවාහැර නුසුදුස්සා ඉහලින් තැබුවා වුනත් සමාජයේ ගැවසීම නිසා අත්දැකීම් ටිකක් ලබාගෙන හිටියා ඒත් මෙහෙම නම් අවස්ථාවෙන් බැහැරව දබරගිල්ල උරුක් කරල වාචාල කිව්වද කියලා මතකයේ නැත්තෙ ඔහුගේ කතාවක් තියෙන වෙලාවට අපි රූපවාහිනී යන්ත්‍රය අක්‍රිය කල නිසා තමයි

:       8       13

සෙනෙවිරත්න Friday, 01 December 2023 03:31 PM

තෙපුලංගොඩ, ඔබ හරි, මෙතුමගෙ පියා කතාකරන වෙලාවට සමහර විට හාමුදුරුවරුනට වඩා බණ කියනව,විටෙක සෑම විෂයකම හසල උගෙතෙක් වගේ හැසිරුනෙ. අපි ගුවන්විදුලි යන්ත්‍ර නිවාදමනව ඔබ වගේ. ඉංජිනේරුවන් සමච්චලයට ලක් කලා. පුතත් ඒ පාරෙම යනව සියල්ල දත්ත වගේ පාට් දාල.

:       22       12

අරවින්ද මොනරවිල Friday, 01 December 2023 04:41 PM

උගත්කම කියන්නේ සාපේක්ෂ දෙයක්, එය පොතින් පතින්, විශ්ව විද්‍යාල වැනි අධ්‍යාපනික ආයාතන වලින් වගේම සමාජය තුලින්ද ලබා ගත හැකියි. ඒ බව නොදන්න තමන් උගතෙක් යයි හිස උදුම්වාගෙන, ඒ බව ලෝකයට පෙන්වන්න දඟලන මෝඩ විපක්ෂ නායකයෙක් තමයි දැන් රටේ ඉන්නේ.

:       10       11

Kasun Friday, 01 December 2023 08:02 PM

ඔබ දන්නවාද ගාමිණී ලොකුගේ මහතා අණුක ජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ඇති අතර, ජේම්ස් වොට්සන්ගේ ශිෂ්‍යයෙක්, 2023 වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය සඳහාද නිර්දේශ විය. තමා සතු තැබෑරුම් වලින් ලැබෙන මුදල්ද රටේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ මෙතුමා මධ්‍යසාර මගින් ධාවනය වන ලොව පළමු v6 එන්ජිම නිර්මාණකරුවාද වෙයි.

:       0       2

පිටරැටියා Friday, 01 December 2023 08:36 PM

පාර්ලිමේන්තුවේ ඉන්නේ කොයි වගේ අයද කියන එක සමහරුන්ගේ හැසිරීම් වලින් සහ කියන කතාවලින්ම පේනවා.

:       0       0

sara Friday, 01 December 2023 09:31 PM

මේ ලොකුගේ ඔහෙලා වගේ චමින්දලාව පාර්ලිමේන්තුව ගෙනාවාට අපිට ගහන්න ඕනේ ඔහේ මේ රටට, ජනතාවට මොනවද කරලා තියෙන්නේ කියලා කියන්නකෝ... විශ්‍රාම යන කාලේ දැන් හරි, එමනිසා අපටත්, රටටත් බරක් නොවී ගෙදර යන්න...

:       0       0

විමර්ශනා Saturday, 02 December 2023 09:08 AM

ලොකු උන්නැහේ අපිට නම් මතකයක් තියෙනවා විපක්ෂයේ නායක සජිත් ශ්‍ර්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපාධියක් ලැබුවා කියලා පුවතක් පලවුණා කියලා... ලොකූටත් පුළුවන් නේද ඒ ගැන එම විශ්ව විද්‍යාලයෙන් විමසා බලන්න... නිකං බොරු ශෝභන එපා මහත්තයෝ...!

:       0       0

සිල්වා Saturday, 02 December 2023 01:58 PM

උගතුන්, බුද්ධිමත් අයගෙන් පිරුණු රටකි මේ ශ්‍රී ලංකාව... දියුණුවේ පහළ මට්ටමකට ගෙන ආ ඔබ සියලු දෙනාටම සුබ පැතුම්...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site