IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ලොක්කා සමඟ වැඩකරන්න බැරි නම් යන්නලු‘

තම ප්‍රධානියා සමග වැඩ කිරීමට අකමැති පිරිස් ගැටීම් ඇති කර නොගෙන මාරුවීම උචිත යැයි බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් ටී එස් කොඩිකාර මහතා කියයි.

මරදාන අශෝක විද්‍යාලයයේ ගුරුවරුන් රැසකට ස්ථානමාරු දී එක් පුද්ගලයකු රැකීමට ගන්නා ප්‍රයත්නය හෙළා දකින බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කරන චෝදනාව සම්බන්ධයෙන් විමසූ විට කොඩිකාර මහතා එලෙස කීවේය.

 ‘විදුහල්පති සමග වැඩ කරන්න බැරි පිරිස් ස්ථාන මාරු  ගෙන යෑම  ගැටුම් ඇති කර ගන්නවාට වඩා හොඳයි. මගේ ප්‍රධානියත් එක්ක වැඩ කරන්න බැරිනම් මමත් යනවා.  පාසලෙන් පිටත සිදුවන දේට මට මැදිහත් වෙන්න බැහැ. ඊට මැදිහත් විය යුත්තේ පොලිසියයි.

අශෝකයේ තියෙන්නේ දෙමාපියන්ගේ ප්‍රශ්නයක්නේ. විදුහල්පතිගේ ප්‍රශ්නයක් නොවේ.‘



අදහස් (0)

‘ලොක්කා සමඟ වැඩකරන්න බැරි නම් යන්නලු‘

විසල්-පැරිස් Thursday, 05 June 2014 11:35 PM

අදහස් දාන යාලුවනේ, ඔතන අභන්තර ගැටළුවක් තිබෙනවා. කරුණු දන්න මධ්‍යස්ථ මත දරන අය සාක්ෂි දරාවි (නි)

:       0       0

අසෝකා Thursday, 05 June 2014 01:57 PM

ප්‍රශ්නය කෙසේ වෙතත්, මේ වගේ දේවල් කියන කොට ලොක්ක මොන ජාතියේ උනත් සේවකයා නිකම් ඉන්න ඕනේ. එ්කෙන්ම මෙයාගේ තරමත් තේරුම් ගන්න පුළුවන්. අනේ අපේ අධ්‍යාපනයට ගිය කල.(නදී)

:       0       0

අමිල සිංග Thursday, 05 June 2014 02:27 PM

සමානාත්මතාවය නැති සමාජයක මෙය සුළු දෙයක්. සමාජය වෙනස් නොවන තාක් කල් මෙවෙනි සිදුවීම් පවතීවි. (නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 05 June 2014 02:34 PM

මං නිකන් කලබල වුනා අපේ ලොකු ලොක්කා කියල හිතාගෙන. (නදී)

:       0       0

සෑම් Thursday, 05 June 2014 02:36 PM

මට මතක් වෙන්නේ අර "කට නොඅරින තුරු ඕනෑම මෝඩයෙක් ප්‍රඤා වන්තයෙකු සේ පෙනේ " කියන කියමන. (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 05 June 2014 02:47 PM

පනින රිලවුන්ට ඉනිමන් තිබ්බා වගේ කතාවක් මේකත් (නදී)

:       0       0

රංජිත් සිල්වා Thursday, 05 June 2014 02:50 PM

මෙයා නම් අපේ රටේ කෙනෙක් වෙන්ඩ බැහැ. මොකද අපේ අය ඉගෙනුම ලබන කාලේ ලොක්කන්ව හරියට හැදීම ගැන පාඩම් සහ වැඩමුළු තියනවා. කරබාගෙන ඉන්නවත් පැනල යන්නවත් නෙමේ මේ පාඩම් වලින් ඉගෙනගත්තේ , වැරදි කරන අයව හොඳ මගට ගන්න විදිහ, හොදින් සහ තදින්. (නදී)

:       0       0

සමන්ති Friday, 06 June 2014 05:10 AM

මම නම් කියන්නේ පොඩ්ඩන් එක්ක වැඩ කරන්න බැරි නම් ලොක්කා යවන එකයි සුදුසු කියලා.මට දැනෙන විදියට ඒක වඩා පහසුයි නේද මහත්තයෝ ? (නි)

:       0       0

භානුක Thursday, 05 June 2014 03:09 PM

මෙයත් දේශපාලන මහිමයකින් පත්ව පැමිණි ලොක්කෙක් වෙන්න ඇති. කියපු දෙයින් තේරෙනවා. (නදී)

:       0       0

නාරද Thursday, 05 June 2014 03:17 PM

ලංකාවේ පණ්ඩිතයෝ වැඩියි ඒකයි මෙහෙම වෙන්නේ.(නදී)

:       0       0

සේන Thursday, 05 June 2014 03:37 PM

එතකොට ලොක්කෝ රකින්න විතරද ලංකාවේ මහජනතාව බදු ගෙවන්නේ. ලොක්කොන්ටම ගිය රට.(නදී)

:       0       0

වසන්ති Thursday, 05 June 2014 04:55 PM

කොන්දක් නැති ලොකු ලොක්කෙක්. (ස)

:       0       0

ගවේෂණ Saturday, 07 June 2014 08:50 AM

අනේ සාදු මෙන්න කථා! පුදුම උගත් ඇමති කෙනෙක්! රටක් වටින කරුණු ටිකක්! මේ ගොල්ලො ලොක්කා කියනවා නම් ජරාව උනත් අමෘතය වගේ වළඳන නිසා, රටක් හදන ගුරුවරුන්ටත් ඒකම කරන්න කියන්නේ මෙන්න අපේ රට කරවන ඇමැත්තන්ගේ කථා. (ස)

:       0       0

පබා Friday, 06 June 2014 08:35 AM

පැන මඩ කඩිති වැව් තාවල වැහි කාලේ පෙන්නා මග නොමඟ නොවැටි යන තාලේ සිප් කිරි පෙවු මූසිලයින් උඩු මාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ (නදී)

:       0       0

සිල්වා Thursday, 05 June 2014 05:38 PM

දැන් ඉතින් අපි මේවට මොනවද කියන්නේ? (නි)

:       0       0

උඩුමලගල ගමගේ Friday, 06 June 2014 09:20 AM

ලංකාවේ අධ්‍යාපනයට ගිය කල මේකයි. එක අතකින් මේවා හොද පාඩම් අපිට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site