IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලාංකිකයා මැරුවාට දිවි තෙක් ලන්ඩන් හිරේ

ලන්ඩනයේ ෂෙෆීල්ඩිහි ගිය වසරේ ඩොමිනෝ පිට්සා බෙදමින් සිටි  තවීෂ පීරිස් (25) ශ්‍රී ලාංකික ශිෂ්‍යයා  ඝාතනය කළ ශම්රාස් ඛාන් ෂෙෆීල්ඩ් උසාවියේදී වරදකරු විය. දෙසතියක් පුරා නඩුව විභාග විය.

පැය 14 කට පසු ජුරී සභාවේ බහුතර තීරණය වුයේ  ශම්රාස් ඛාන් වැරැදිකරු බවයි.ජුරීය දහයට දෙක වශයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.ඔහුට ද නඩුව ආරම්භයේදී වරද පිළිගත්  කාසිම් අහමඩ්ට ද ජීවීතාන්තය දක්වා සිර දඩුවම් දීමට නියමිතය.

ශම්රාස් ඛාන් නිවැරදිකරු බව ප්‍රකාශ කැර තිබිණි . කාසිම් අහමඩ් ඊට කලින් වරද පිළිගත්තේය.

තවීෂ සිය කාරයෙන් පිට්සා ඇනවුමක් රැගෙන යද්දී පිට පිටම පිහියෙන් ඇන ඔහු මරා දමා ඇත්තේ ඔහුගේ ජංගම දුරකතනය සොරා ගන්නැයි පැමිණිල්ලෙන් කියැවිණි.

තවිෂ  සන්නිවේදනය පිළිබඳව උපාධියක් දිනා බ්‍රිතාන්‍යයයේ සමාගමක රැකියාවට යාමට සියල්ල සුදානම් කර සිටියදී මෙසේ ඝාතනයට ලක්විය.

 

 

 



අදහස් (0)

ලාංකිකයා මැරුවාට දිවි තෙක් ලන්ඩන් හිරේ

ජනක Thursday, 24 July 2014 11:57 AM

එන්ගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ... කියන සිංදුව මතක් වුණා (නි)

:       0       0

ඇසළ Thursday, 24 July 2014 12:10 PM

කොතනද වරද....? නීතියේ තමයි වරද. හරියට නීතියක් ගෙනෙනවා නම් සෑම නඩුවක්ම නියමිත කාලසීමාවක් තුල විසඳිය යුතුයි කියලා ඉවරයි. (නි)

:       0       0

පහන්දී Thursday, 24 July 2014 12:15 PM

සති දෙකෙන් නඩුව විභාග කරලත් ඉවරයි. අපේ රටේ නම්, කොහොමද නේද....? (නි)

:       0       0

සමරනායක Thursday, 24 July 2014 01:03 PM

ලංකාවේ නීති ක්ෂේත්‍රයේ නම් අවුරුදු ගාණක් නඩුව ඇදෙයි (නි)

:       0       0

නෙහාරා Thursday, 24 July 2014 01:26 PM

කොහොමද වැඩේ? සති 2න් නඩුව ඉවරයි. ලංකාවෙ නම්?? (නි)

:       0       0

නිහාල් Thursday, 24 July 2014 01:34 PM

ලංකාවෙ නම් වසර ගණනක් වෙයි දඩුවම. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 24 July 2014 01:50 PM

මා ඉපදුන මගේ රට ගැන මට ලැජ්ජා හිතෙනවා මේවා දැක්කම. අපේ රටේ කවදා මෙහෙම දියුණු වෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

සාලිය Thursday, 24 July 2014 02:07 PM

ලන්ඩන් වල එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.... (නි)

:       0       0

බන්දුල Thursday, 24 July 2014 02:33 PM

සමාව දීල එලියට දාන්ඩ ලොක්කෙක් ඊට උඩින් නැද්ද. (නදී)

:       0       0

දොඩන්ගොඩ ලකී Friday, 25 July 2014 07:32 AM

ඕව එංගලන්තයේ උනාට ලංකාවේ වෙන්නේ නැහැ. (නදී)

:       0       0

නෙවිල් ෆෙර්ණන්දෝ Thursday, 24 July 2014 03:56 PM

ගොඩක් දෙනාට දැන් තේරිලා. (අ)

:       0       0

ලංකා Thursday, 24 July 2014 04:57 PM

අන්න රටවල්. නීතිය කාටත් එකයි (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 24 July 2014 05:34 PM

ලංකාවේ තාම තියෙන්නෙත් සුද්දාගේ නීතිය තමයි. නමුත් ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. (නි)

:       0       0

ජයම්පති Thursday, 24 July 2014 08:03 PM

ලංකාවේ නඩු තීන්දු දෙන්න බ්‍රිතානයේ බලපෑමත් හේතුවුණා කියලා අපි දන්නවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 25 July 2014 10:03 AM

එ්ගොල්ලොත් බලන් හිටිය අපේ තීන්දුව දෙනකම් ඇත්ත එ්කයි ! (ස)

:       0       0

නුවන් Thursday, 24 July 2014 08:42 PM

කණගාටුයි. අපේ සහෝදරයෙක්! (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 24 July 2014 08:47 PM

ලංකාවේදී එංගලන්තයේ කෙනෙක් මියගියහම කොච්චර විරෝධතා ආවද? එංගලන්ත අගමැති පවා ලංකාවට පැමිණ පරීක්ෂණ පැවැත්වුවා. කොපමණ ප්‍රසිද්ධියක් දුන්නද තංගල්ලේ සිද්ධියට. අපේ කිසිම කෙනෙක් කිසිම මැදිහත්වීමක් නැතුව මෙවැනි තීරණයක් ගැනීම ගැන අපේ උපහාරය එංගලන්තයට හිමිවෙනවා. මේ අහිංසක තරුණයා කොපමණ බලාපොරොත්තු තියාගෙන හිටියාද? දෙමවුපියන් කොපමණ බලාපොරොත්තු තියාගෙන හිටියාද?අද ජාත්‍යාලය තිබෙන අය ඉතාමත් අඩුයි.ඉතාමත් කණගාටුයි. (නි)

:       0       0

සුමේධ Thursday, 24 July 2014 08:53 PM

මේක ලංකාවේද එන්ගලන්තේද කියලා මට මොකුත් මතක නැහැ (නි)

:       0       0

රිචි බාලසුරිය Thursday, 24 July 2014 10:36 AM

මේක එංගලන්තයේ සිදුවූ නිසා මෙතරම් ඉක්මනට නඩුව සාදාරන විදියට අසා ඉවර උනා. මෙය ලංකාවේ සිදු උනානම් තවත් අවුරුදු කිහිපයක් නඩුව අසනවා . විත්ති කරුත් පැමිණිලි කරුවනුත් ගෙවල් ඉඩම් විකුණා නීති වේදීන්ට මුදල් ගෙවාවි (නදී)

:       0       0

ප්‍රවීන් Friday, 25 July 2014 11:22 AM

ලංකාවේ දේශපාලකයෙක් එංගලන්ත මනුස්සයෙක් මරල පෙම්වතිය දුෂණය කලාට දධුවම වසර 20 ක් හිරේ ,ඒ තීන්දුව දෙන්නත් කොච්චර කල් ගියාද . නමුත් ලංකාවේ සිසුවා මරපු මිනිහට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් .. අනේ ලංකාවට ගිය කල ..(ස)

:       0       0

චන්ද්‍රා Friday, 25 July 2014 01:01 AM

ජංගම දුරකථනය සොරාගැනීමට මිනීමරන්න තරම් එංගලන්ත පුරවැසියන් බංකොලොත්ද? හිරු නොබසින අධිරාජ්‍යය අනේ මන්දා! වටිනා මනුස්ස ජීවිතයක්. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 25 July 2014 01:38 AM

අපි ගැන ලැජ්ජා හිතෙනවා (නදී)

:       0       0

සුසන්ත Thursday, 24 July 2014 11:04 AM

සංවර්ධනය වූ රටවල නඩු, පුළුවන් ඉක්මනින් අහලා ඉවර කරනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල නඩු අවුරුදු ගණන් ඇද ඇද යනවා. ඇයි එහෙම වෙන්නේ...? කොතනද වරද....? (නදී)

:       0       0

සුජී Friday, 25 July 2014 03:01 AM

මට මතක් වෙනවා අමරදේව මහත්මයාගේ සසර වසන තුරූ නිවන් දකින තුරු ගීතය. (නදී)

:       0       0

නැනී Friday, 25 July 2014 03:03 AM

අනේ, අපිට කොච්චර කල් ගියාද ? (නදී)

:       0       0

කරුණාජීව Thursday, 24 July 2014 11:31 AM

ලංකාවේ දුන්නේ අවුරුදු විස්සයි. එංගලන්තේ ජීවිතාන්තය දක්වාම. මැරුන් කාපු එක්කෙනෙක් ලාංකිකයෙක්,අනිත් කෙනා එංගලන්ත වැසියෙක්.කොහොමද වෙනස (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site