IMG-LOGO

ලාංකිකයා පැදවු රිය ඉතාලි අධිවේගේ පල්ලමකට වැටේ

ඉතාලියේ ලෝදි නගරය ආසන්නයේ අධිවේගී මාර්ගයට සම්බන්ධ පිටවිමේ මාර්ගයක්වන ගුවර්දමීලියෝ මාර්ගයේ ගමන්කරමින් සිටි  තිස් හැවිරිදි ලාංකිකයෙක් පදවමින් සිටි බර වාහනයක් මාර්ගයේ ආරක්ෂක වැටද බිඳගෙන මීටර් අටක් පමණ පහළට වැටී ඇත.

මිලාන් නගරයේ පදිංචිකරුවෙකු වන රියැදුරාතුවාල ලබා පවීයා නගරයේ සාන්ත මැතිව්  ආරෝග්‍යශාලාවට ඇතුළත් කර ඇත.

බැංකුවලින් මුදල් ලබාගන්නා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල කොටස් ප්‍රවාහනය කරමින් සිටියදී මේ අනතුර සිදු විය.

 



අදහස් (0)

ලාංකිකයා පැදවු රිය ඉතාලි අධිවේගේ පල්ලමකට වැටේ

ලක්මාල් වෙරෝන Wednesday, 02 April 2014 04:05 PM

නන්දන පනාගොඩ, ඔයා ඉන්නේ කොහෙද? මේ ඉතාලියේ බීලා වාහන එළවන්ඩ පුළුවන්ද? එහෙම බීලා එලෝලා පොලිසියට අහු වුණෙත් මොකද වෙන්නේ. ශ්‍රී ලාංකික සොහොයුරාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (ස)

:       0       0

සජී Wednesday, 02 April 2014 04:34 PM

අනේ පව් කොල්ලා. (ස)

:       0       0

සත්‍යයා Thursday, 03 April 2014 12:38 AM

කොහොම වෙතත් ඔහු ලංකාවේ රියදුරු අනන්‍යතාවය ලෝකයට ඔප්පු කර තියෙනවා. මට හිතෙන්නේ නින්ද ගිහින් තියෙන්නේ රියදුරාට නොවෙයි ඔහුව රැකගන්න හිටපු දෙවියන්ට. අනේ අපොයි.(නදී)

:       0       0

සන්දර ගයිමන් Wednesday, 02 April 2014 05:14 PM

කරුණාකරලා ඔය ඉන්න ළිඳෙන් එළියට එන්න. ලාංකිකයෝ විතරක් නෙමෙයි අධිවේගී මාර්ග වල යන්නේ. (නි)

:       0       0

පී.කරුණාසේන මිලානෝ Wednesday, 02 April 2014 05:41 PM

ඉතාලියේ ඉන්න බොහෝ ශ්‍රී ලාංකිකයින් අධික මත්පැන් පානයට ඇබ්බැහි වෙලා ඉන්නේ. මතින් මුහුදු යාම සහ වාහන පැදවීම අතින් බොහෝ ඉදිරියෙන් ඉන්නේ. (නි)

:       0       0

ප්‍රදීප් වෙරෝනා Thursday, 03 April 2014 02:51 AM

මේකට ප්‍රතිචාර දාල තියෙන අයට පිස්සු. ඉතාලියේ බර වාහන රියදුරන්ගේ ශරීරයේ ඇල්කොහොල් ප්‍රමාණය 0 වෙන්න ඕනේ. අපේ අය බීලා බරවාහන එලවන්නේ නැහැ.(නදී)

:       0       0

නිහාල් Thursday, 03 April 2014 09:18 AM

නොසැළකිල්ල තමයි බොහෝ අනතුරු වලට මුල (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 02 April 2014 08:13 PM

දැන් උනදේ උනානේ.ඒ මනුස්සයාට බැනලා වැඩක් නැනේ.අනිත් අයවත් මේකෙන් යමක් ඉගන ගත්තොත් හොදයි.ඔහුට ඉක්මන් සුවය ලැබේවා.(දී)

:       0       0

කුමාරි Wednesday, 02 April 2014 01:55 PM

ඉක්මන් නිරෝගී සුව පතනවා. ඇයි නින්ද ගියාවද්ද වාහනේ පදවද්දී? (නි)

:       0       0

ගන්දර සයිමන් Wednesday, 02 April 2014 02:03 PM

ලාංකිකයෝ අධි වේග මාර්ග වලට ගියාම ලෝකේ කොහේ වුණත් මරණයක් හෝ අනතුරක් කරලම තමා නවතින්නේ. (ස)

:       0       0

ටීනා Wednesday, 02 April 2014 02:08 PM

ඉක්මන් සුවය පතමි. ලංකාවේ ත්‍රී වීලර් එලවපු කාළේ අමතක කරන්න ..දැන් ඉන්නේ ඉතාලියේනේ .. (ස)

:       0       0

සුදත් ඇන්තනි ලේක්කෝ Thursday, 03 April 2014 11:36 AM

පාන්දර දෙක තුන වෙනකල් හොඳට බීලා පහට ලොරිය එලවන්න පටන්ගත්තාම අපේ මිනිස්සු හිතන්නේ ඇඟේ ඇල්කොහොල් නැහැ කියලා. ඒකයි ඔහොම එළවලා වාහන පෙරලා ගන්නේ. (ස)

:       0       0

අරොස්සි Wednesday, 02 April 2014 02:32 PM

ඔව් ඔව් ඊයේ රාත්‍රීයේ හොඳට එන්ජෝයි කළාද මෙහෙම වුනේ? (නදී)

:       0       0

නෆීල් Thursday, 03 April 2014 12:15 PM

ඉක්මන් කොටයි. (ස)

:       0       0

තරංග Wednesday, 02 April 2014 02:56 PM

මනුසයෙක්ට කරදරයක් වුණාම ඇයි මෙහෙම කියන්නේ සයිමන්.ඔයාට අනතුරක් වෙලා නැද්ද වාහන එලවද්දී. (ස)

:       0       0

දිල්රුක්ෂි රොෂානි Wednesday, 02 April 2014 03:24 PM

ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉක්මන් නිරෝගී සුවය පතමි. ආමේන්!!! (ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 02 April 2014 03:38 PM

අධික බීමත්කම නිසා ලාංකිකයෝ ජීවිත නැති කර ගන්නවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 624 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 351 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 494 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site