IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලාංකිකයා ගෙන්නගන්න ඉන්ටපෝල් සහාය ඉල්ලයි

මැලේසියාවේ සිටින ශ්‍රී ලාංකිකයකු වන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජහිඩ් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකාව සැරසෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

2009 වසරේ සිට මේ දක්වා කන්ටේනර 7කින් ශ්‍රී ලංකාවට මත්කුඩු කිලෝ 750 - 1000 අතර ප්‍රමාණයක් එවීම සම්බන්ධයෙන් මොහු ළඟ වැදගත් තොරතුරු ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම පුද්ගලයා සෙල්වම් සහ පරාවර්තන නමැති සිංහල චිත්‍රපට දෙකක්ද නිෂ්පාදනය කර ඇතැයි කියති.

web

 



අදහස් (0)

ලාංකිකයා ගෙන්නගන්න ඉන්ටපෝල් සහාය ඉල්ලයි

සාමලී Tuesday, 28 July 2015 04:03 PM

අහවල් ජාතියේ බිස්නස් කාරයෙක්නේ. (බ)

:       0       0

ප්‍රශීන් Wednesday, 29 July 2015 04:39 AM

හැකි ඉක්මනින් අල්ලා ගන්න වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි වේ.(හේ)

:       0       0

ශාන් සෞදි Wednesday, 29 July 2015 04:58 AM

ලෝකේ ඉන්න කුඩු කාරයෝ අල්ලන්න ඉස්සරවෙලා ලංකාවේ ඉන්න කුඩු මුදලාලිලා අල්ලලා ඉන්න ගේ ඇතුලේ ඉන්න නයි ඉද්දි කැලේ ඉන්න නයි හොයන්නැතිව අපේ ඉන්න එවුන්ගේ මොලේ තියෙන්නේ කොහෙද කියල අහන්න වෙනවා ලංකාවේ කුඩු මුදලාලිලා දේශපලකයෝ හින්දද උන්ව අල්ලන් නැත්තේ (බ)

:       0       0

බෙනට් Tuesday, 28 July 2015 05:40 PM

මේ මේ මේ ... නිකන් බොරුවට මෙයාව අල්ලන්න ජනතා මුදල් වියදම් කරන්න එපා .. ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දීල අල්ලන්න හදන අයත් ගෙදරට වෙලා හිටියොත් ජනතා මුදල් කියක් හරි ඉතිරිවෙයි .. දැන් ඔය සිල්වලා , වෙලේ සුදාලව අල්ලලා නඩුත් අහල හිරෙත් දාල ඉන්නේ (බ)

:       0       0

මාටින් Tuesday, 28 July 2015 05:43 PM

පවු ඒ මනුස්සයට 3 වෙනි ෆිල්ම් එකත් ලංකාවේ කරන්න තව කුඩු තොගයක් ගෙන්න අවස්ථාව උදාකරල දෙන එක තමයි කරන්න තියෙන්නේ ..(බ)

:       0       0

ගුණපාල Tuesday, 28 July 2015 01:39 PM

හොඳ කලා කාරයෙක් නොවැ (නදී)

:       0       0

අබේරත්න - ටෝකියෝ Tuesday, 28 July 2015 01:49 PM

මුන්ට දෙන දඬුවම් කුමක්ද දෙවියනේ ? (බ)

:       0       0

ද සිල්වා Tuesday, 28 July 2015 02:01 PM

මේ රටෙත් නැති කුඩු ජාවාරම් කාරයෝ අල්ල ගන්න දැඟලනවට වඩා හොඳ නැද්ද මේ රටේ ඉන්න පාර්ලිමේන්තුවේත් සිටිය ප්‍රසිද්ධ කුඩු කාරයෝ ටික අල්ල ගත්තා නම්. මොහු ඇල්ලුවත් ටික දවසක් තියාගෙන ඉඳලා නිදහස් කරාවි. මතකනේ වෙලේ සුදාට උන දේ ? (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 29 July 2015 07:36 AM

ඇසට නොපෙනෙන සුපිරි කුඩු තරු. දැනටමත් පරක්කු වැඩියි මේවාගැන හොයාගනිද්දී. කමක් නැහැ අනාගත පරපුරවත් ගොඩ එයිනේ මේක මෙතනින් අතුගාල දැම්මොත්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site