(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තවත් ප්‍රධානීන් දෙදෙනකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.
මෙසේ සුදුසුකම් පරීක්ෂා කර බැලෙන්නේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස නම් කරන ලද රවි රාජසිංහ සන්දීපන් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කරන ලද එම්.එම් එම් බණ්ඩාර යන මහත්වරුන් ගේය.
මීට අක්‍රමිකතා චෝදනා සැලකිල්ලට ගෙන භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගියදා එම තනතුරුවලින් ඉවත් කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
179
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොක්කන් තවත් දෙදෙනකුගේ සුදුසුකම් සොයන්න යයි
ravin Wednesday, 04 January 2023 12:55 PM
නරකද ඔය කියන කමිටුවේ අයගේ සුදුසුකම් හා පලපුරුද්ද ඉස්සෙල්ලාම ප්‍රසිද්ධ කළානම්...? කසිප්පු කාරයෝ? මාල හොරු? කප්පම්කාරයෝ? ස්ත්‍රී දූෂකයෝ? හොරු? කොමිස් කාක්කන්? ආදී උසස් යැයි හිතාගෙන ඉන්න සුදුසුකම් සමගින්ම...
Ariyathilaka Wednesday, 04 January 2023 02:53 PM
ව්‍යවස්ථාදායක බලය උල්ලංඝනය කරමින්, පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසි බව හිමි මන්ත්‍රීවරුන් සහ ඇමැතිවරුන්, පිළිබඳව ද සොයන්නේ නම් කෙතරම් අගනේ ද? ඔවුන් එළවා දැමීමට කටයුතු කරන්නේ නම් යුතු කම කළා වැනි ය; අපට ඔවුන් සමඟ ඇත්තේ ව්‍යවස්ථා ගනු දෙනුවක් මිස පුද්ගලික කෝන්තර නැත; රටේ යහපත් වූ පොදු නීතිය නොතකන පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටීම අතිශයින් ම භයානක ය. සොරුන් තබා ගැනීමෙන් සමස්ත ව්‍යවස්ථාදායකයේ සහ රාජ්‍යයයේ වගකීම හා යුතුකම පැහැර හරින බැවිනි; හෑල්ලු වන බැවිනි. අලි යන මං තලව් තිබියදී කුහුඹු යන ගුල් වැසීමට උත්සාහ කිරීම වැනි දෑ රාජ්‍යයකට තරම් නොවේ.
APerera Wednesday, 04 January 2023 06:10 PM
මාල හොරෙක්, කසිප්පු කාරයෙක්, කුඩු මුදලාලියෙක් වීම තමයි මේ වාගේ තනතුරකට තියන ඉහළම සුදුසුකම... පාර්ලිමේන්තුවටත් එච්චරයි.