IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලොක්කාට ඉස්සර වෙන්න නුදුන් කොස්තාපල්ට වැඩ වරදී

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්මන් කොඩිතුවක්කු ගමන් කළ නිලරථයට පසු කර යාමට ඉඩ නොදී අවහිර කළ බව කියන ජීප් රථ රියදුරකුට නීතියට අවනත නොවීම සහ උසස් නිලධාරින්ගේ උපදෙස් ක්‍රියාත්මක නොකිරීම යන චෝදනා මත කළුතර කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

ලොක්කාට ඉස්සර වෙන්න නුදුන් කොස්තාපල්ට වැඩ වරදී

පිටබැද්දර ජයා Wednesday, 14 October 2015 12:02 PM

මේකත් හරියට අර ඉස්සර කාලේ ගමේ රාලහාමි කාර් එකේ එනකොට ගොන් කරත්ත අයින් කරගන්න ඕන වගේ වැඩක්නේ, ලෝකේ යන්නේ ඉස්සරහටද පස්සටද කියලා හිතා ගන්න බෑ. මේ වගේ වැඩවසම් වැඩ වෙනකොට. (ර)

:       0       0

සුමිත් Thursday, 15 October 2015 03:52 AM

ඉහළ නිලධාරියගේ නියෝගය නීතිවිරෝධී නම් එය පිළිපදින්න පහළ නිලධාරියා නීතියෙන් බැඳිලා නැහැ (නි)

:       0       0

ලසන්ත Thursday, 15 October 2015 04:00 AM

ඔය සිද්ධිය වෙන්න ඇත්තේ මෙහෙමයි. ලොක්කා එන වාහනය පීසී දකින්න නැතුව ඇති. ඉස්සර කරන්න නොදී ගියා වෙන්න බැහැ. මොකද මගේ මල්ලිත් පොලිසියේ රියදුරෙක්.ඒ නිසා මම දන්නවා වෙන්නේ මොකද්ද කියලා.ලොක්කගේ ලොකුකම පෙන්වීම තමි ඔය කරන්නේ.කොහොම වුණත් පහත් තැනින් යයි ගලා ජලේ. (නි)

:       0       0

තුෂාර Wednesday, 14 October 2015 01:06 PM

පහත් තැනින් යයි ගලා ජලේ! (නි)

:       0       0

ගෞරියෙල් Wednesday, 14 October 2015 01:09 PM

දැන් තියෙන්නේ යහපාලනයනේ! ජයවේවා! (නි)

:       0       0

අමිල Thursday, 15 October 2015 04:24 AM

එයාලා ඒ ප්‍රශ්න විසඳා ගත්තදෙන්. අපි හිනහවෙමු. (නි)

:       0       0

අමිල Thursday, 15 October 2015 04:26 AM

උන් උන් මරා ගත්තදෙන් අපි සිනාසෙමු. (බ)

:       0       0

කින් බෙනට් Wednesday, 14 October 2015 01:40 PM

හරිම ෂෝක්! නීතියට අවනතවෙලා නැත්තේ වැඩ තහනමට ලක්වුණ පොඩ්ඩද එතකොට? (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 15 October 2015 06:15 AM

සිදුරු කළහැකි බැලුනයක නැඟී සැඟව අහසින් පළායන නිලධාරියෙකි. (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 14 October 2015 03:38 PM

නිලධාරි වාදය කියන්නේ ඕකට.. හැම තැනමත් ඔය වාගේ. (බ)

:       0       0

කරුණාපාල Wednesday, 14 October 2015 06:57 PM

"කොට්ටෝරුවා හැම ගහටම කොටලා කෙහෙල් ගහට කොටපු දාට තමයි හොට පැටලෙන්නේ " කියන කතාව මතක්වුණා (නි)

:       0       0

කුන් Wednesday, 14 October 2015 09:45 PM

පොලිසිය මේ දවස්වල ගොඩක් විහිළු කරනවනේ. ඔන්න තව එකක්. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 14 October 2015 09:26 AM

නීතියට අවනත නොවීම යටතේ නඩු දානවා නම් ඔය ඉන්නේ ඕන තරම්. (ර)

:       0       0

පුෂ්පා Wednesday, 14 October 2015 09:25 AM

විසඳුම පටන් ගන්න ඕන මාර්ග සංවර්ධන අදිකාරියෙන්. මාර්ග ඉදි කිරීමේදී ප්‍රමිතිය වැදගත්. කොපමණ පළල තිබිය යුතුද වැනි දෑ. ඉඩ නැහැ වැනි දේවල් කියන්න එපා. සිංගප්පුරුව මීට අන්ත පහල තිබුනේ. (ර)

:       0       0

නීල් Wednesday, 14 October 2015 09:26 AM

පව් අහිංසකයා. (ර)

:       0       0

අසංක Wednesday, 14 October 2015 09:42 AM

බල පුළුවන් කර කම පෙන්නු අවස්ථාවක් විය හැක. (ස)

:       0       0

අශෝක Wednesday, 14 October 2015 09:47 AM

නිතියත් ගරු නම්බුවත් නුඹට පමණද උරුම මෙලොවේ ? ගැලවී ගියදා පැළදි තරු පටි ගැලව යාවිද නුබෙත් නම්බුව? (බ)

:       0       0

දොන් Wednesday, 14 October 2015 09:49 AM

වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනි, දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි...හේමාල් හොදසේකරව මතක් වෙනවා. මෙතරම් කාර්යශුර පොලිස්පති කෙනෙක් යටතේ මෙසේ නම්, උදර නේරු මෙවන් නිලදරුවන් පොලිස්පති වුවහොත් කෙසේ විය හැකිද ? (බ)

:       0       0

තිලක් Wednesday, 14 October 2015 09:48 AM

උසස් නිලධාරින්ගේ උපදෙස් ක්‍රියාත්මක නොකිරීම කියන්නෙත් මාර්ග නිති කඩකිරීමක්ද? (නොදන්න නිසයි ඇහුවෙ) (බ)

:       0       0

කමල් Wednesday, 14 October 2015 09:50 AM

පහත තැනින් යයි ගලා ජලේ මහා වේගයෙනි ...(බ)

:       0       0

සරත් Wednesday, 14 October 2015 09:54 AM

මෙයාල එහෙම තමයි ,ලොක්කෙක් අවොත් අපි කාණුවට හරි වාහනේ දාල ඉඩ දෙන්න ඕනේ.හරියට පාරවල් ලොකු කරලා ,මංතීරු දෙකක් වත් තියෙනවනම් තව කමක් නැහැ (බ)

:       0       0

පුදූ Wednesday, 14 October 2015 09:59 AM

අපිට පාර්ට් දාන රථවාහන අය නේද මේ.? (ර)

:       0       0

සුදෙමි Wednesday, 14 October 2015 10:00 AM

රත්මන් කොඩිතුවක්කු යනු නීතිය අකුරට ඉටු කරන නිර්බීත පොලිස් පුතෙක්, දැඩි වරදක් නැතිව පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කරන නිලදරයෙක් නොවේ. (ර)

:       0       0

ජයසිංහ Thursday, 15 October 2015 02:38 AM

මහත්තයෝ, ඕවා නරක වැඩ. (නි)

:       0       0

සංජය Wednesday, 14 October 2015 10:34 AM

එස්එස්පී පිටිපස්සෙන් ඉන්න බව දන්නේ නැතිව වෙන්න ඕනේ ..කොහොම වුනත් දඬුවමක් ලැබුණු එක හොඳයි පොලිස් උන කාරයට (බ)

:       0       0

නිමල් Thursday, 15 October 2015 03:34 AM

යුනිෆොර්ම් අදින ගොඩක් අයට තියෙන උනක් තමා ඕක. එයාලව ඉස්සර කරන්න බැහැ. එයාල තමා කරන වැරදී ගොඩාක් කරන්නේ. මේ ලගදී ගුවන් හමුදාවේ වාහනයක් කිරිබත්ගොඩදී වාහන දෙකක් අතරින් ගෙන අව එයා වැරදී පැත්තෙන් ඉස්සර කරන්න ඇවිත් ඉඩ දුන්නේ නෑ කියල හප්පන්න ගියා. බලනකොට පිටිපස්සේ හිටියේ කාන්තවක් . සමහරවිට පුද්ගලික ගමනක් යන්න ඇති. අපි එයාල යනකොට පාරට බහින්න ඕනිද. (අ)

:       0       0

රත්න Wednesday, 14 October 2015 11:13 AM

මේක කරන්න ඇත්තේ දන්නේ නැතව වෙන්නැති පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා. (ර)

:       0       0

නුවන් Wednesday, 14 October 2015 11:11 AM

වරදට දඩුවම් දෙන්න ඕන හැදෙන්නනම්. (ර)

:       0       0

අනුර Thursday, 15 October 2015 03:40 AM

පිටබැද්දර ජයා නියමෙට කියලා තියනවා. ඒ නිසා මම ආයෙත් යමක් කියන්න ඕනෑ නැහැ. ජයා කියන එක තමා වෙලා තියෙන්නෙ. (නි)

:       0       0

නන්දසේන Thursday, 15 October 2015 03:42 AM

ඔන්න ඔහේ එයාට යන්න දුන්නා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැනේ (නි)

:       0       0

තුසිත Thursday, 15 October 2015 03:40 AM

පවු අහිංසක කොස්තාපල්! (නි)

:       0       0

තාරා Thursday, 15 October 2015 03:40 AM

අද කොහොමත් දුබලයා පාගා ප්‍රභලයා රජවෙන කාලයක්නේ (නි)

:       0       0

අමල් Wednesday, 14 October 2015 11:49 AM

සාමාන්‍ය මිනිසුන්ට දාන පාට් එකක් දාලා දැන් වරද්දාගෙන. (ර)

:       0       0

වික්‍රම Wednesday, 14 October 2015 11:49 AM

පිටිපස්සෙන් ඉන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කියලා හිතාගෙන කරපු දෙයක්. පොලිස් නිළ ඇඳුමේ උණුසුමට කළ වැඩක්. කෙසෙල් ගසට කොටපු කොට්ටෝරුවා වගේ ඇති දැන්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site