IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලූඊවිල් ලක් සිසුහු ඇත්ත පෙන්නති

ඇමෙරිකාවේ කෙන්ටකි ප‍්‍රන්තයේ ලූඊවිල් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවේ පැවැති ත‍්‍රස්තවාදී ගැටුම සහ පශ්චාද් යුද සමයේ විවිධ ව්‍යාපෘති පිළිබඳව පොදුජනයා දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීය. විවිධ රටවලින් පැමිණ එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුහුන්ද, ආචාර්යවරුන්ද, මාධ්‍යවේදීන්ද, ශ්‍රී ලාංකික ප‍්‍රජාවද සහභාගි වූ එම වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණ වූයේ ශ්‍රී ලංකාව පිළිබඳව නිරතුරුව කැරෙණ ද්වේශසහගත අසත්‍ය ප‍්‍රචාරයට නිසි පිළිතුරු සැපයීම බව ශිෂ්‍ය සංගමයේ සභාපති කසුන් ප‍්‍රනාන්දු කීය. ඇම්නෙස්ටි සංවිධානය පසුගියදා ඇමෙරිකාව පුරා ප‍්‍රදර්ශනය කළ ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් නිෂ්පාදනය කරන ලද ”එහි නොතිබුන ඇත්ත” නම් වූ චිත‍්‍ර පටය මෙවන් විකෘති සහගත ප‍්‍රචාර පිළිබඳ හොඳම උදාහරණයක් ලෙස ලූඊවිල් ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය කියයි. පොදුවේ බැලූවහොත් ඇමෙරිකාව වැනි විශාල රටක ජීවත්වන බොහෝ දෙනා ශ්‍රී ලංකාව පිළිබඳව එතරම් දැනුම් සම්භාරයක් ඇති අය නොවන හෙයින් මෙවන් බොරු ප‍්‍රචාරයන් අනුමානයක් නැතිව සත්‍ය ලෙසට විශ්වාස කිරීමට හොඳටම ඉඩකඩ තිබෙන බවද ඔවුහු කියති. රජයේ චිත‍්‍රපට අංශය නිෂ්පාදනය කළ ”නිදහස කතා කරයි” නම් වූ වාර්තාමය චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කැරිණි.



අදහස් (0)

ලූඊවිල් ලක් සිසුහු ඇත්ත පෙන්නති

niramal Thursday, 29 November 2012 06:47 AM

මේව තමා තමන්ගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උපහාරය. මේ දරුවෝ ටික ලංකාවට ආඩම්බරයක් (අ)

:       0       0

ඉන්දු Thursday, 29 November 2012 07:14 AM

ගයාන් මොනවද මේ කියන්නේ? එයා ලාංකිකයෙක්ද? (නි)

:       0       0

සාලමුල්ල Wednesday, 28 November 2012 04:31 PM

මෙන්න ශ්‍රී ලංකා මෑණියන්ගේ නියම දරුවෝ. (නි)

:       0       0

අසංක Thursday, 29 November 2012 02:43 PM

දෙයියෝ සාක්කි නේද

:       0       0

ප්‍රසාද් Thursday, 29 November 2012 02:48 PM

පුර්ණ සහ සඳුනි, ඔවු මම ශ්‍රී ලාංකිකයෙක් නොවන මිනිස් ජාවාරමට සම්බන්ධ කෙනක් තමයි. හැබැයි දවසෙන් දවසම මේ රට හිතේ සැනසිල්ලේ ජිවත් වෙන්න බැරි තැනක් බවට පත්වීගෙන යනවා කියන එක බොරුවක් නෙමෙයිනේ. (නි)

:       0       0

වසන්ත Wednesday, 28 November 2012 05:00 PM

මෙන්න ඇත්ත

:       0       0

සුසන්ත Thursday, 29 November 2012 08:28 AM

සියලු දෙනාටම දෙවි පිහිටයි! (නි)

:       0       0

වාසනා Wednesday, 28 November 2012 05:25 PM

ස්තුති ඔබලාට

:       0       0

සදුනි Thursday, 29 November 2012 09:18 PM

නියමයි

:       0       0

කමල් Wednesday, 28 November 2012 06:27 PM

මට මේවා ඇහෙනකොට තියෙන කේන්තිය (දී)

:       0       0

දර්ශන Wednesday, 28 November 2012 06:34 PM

මේ සිද්දියේ ඇත්ත තත්වය කවුරුත් දන්නවා (දී)

:       0       0

නිලන්ත Wednesday, 28 November 2012 06:36 PM

නියම ලක් දූ පුතුන් පිරිසක්. ජය වේවා ඔබ සැමට! (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 28 November 2012 07:00 PM

මම බලන් ඉන්නේ ලුම්බිණිගෙ අදහස පළවෙනකල්. (නි)

:       0       0

සදුනි Wednesday, 28 November 2012 07:02 PM

අපි අගය කරනවා

:       0       0

සුරේෂ් Wednesday, 28 November 2012 07:05 PM

ජයවේවා

:       0       0

චතුල වෙරෝනා Wednesday, 28 November 2012 07:16 PM

හිස නමා දරුවන්ට ආචාර කරමි. තානාපති නිලධාරින් ගැන නිවැරදි අදහස් දැක්වු රාජාටත් ස්තූතියි. (නි)

:       0       0

රොහාන් Wednesday, 28 November 2012 07:22 PM

ඔබට අපේ උපහාරය! ජය වේවා! (නි)

:       0       0

අජිත් Wednesday, 28 November 2012 07:34 PM

රට වෙනුවෙන් කරන්න ඕනෑ මේ වගේ දේවල් තමයි දරුවනේ. (නි)

:       0       0

අනුත්තරා Saturday, 01 December 2012 10:43 PM

නියම වැඩක් මල්ලිලා (දී)

:       0       0

මොහෝමඩ් Wednesday, 28 November 2012 08:29 PM

අති විශිෂ්ටයි (අ)

:       0       0

ප්‍රසාද් Thursday, 29 November 2012 11:48 AM

පුළුවන් නම් එහෙත් විෂබීජ වපුරන්න. ලංකාවේ ඉන්න බැරි කමට ඒ වගේ රටකට ගිහිල්ල ජිවත් වෙන්න තියෙන අවස්ථාවත් නැති කොරන්න (ස)

:       0       0

සින්තක Wednesday, 28 November 2012 09:18 PM

මෙන්න නියම දේශප්‍රේමින්. ඔබට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

පූර්ණ Thursday, 29 November 2012 12:22 PM

ප්‍රසාද්, මට නම් පෙනෙන්නේ නැහැ ඔයා ශ්‍රී ලාංකිකයෙක් කියලා. (නි)

:       0       0

ලලිත් Wednesday, 28 November 2012 02:51 PM

කියලා වැඩක් නෑ ඔන්න නියම ශ්‍රී ලංකා මාතාවගේ දරු දැරියෝ , සියලු දෙනාටම ජය වේවා (ස)

:       0       0

චතුල Wednesday, 28 November 2012 10:20 PM

ස්තූතියි. තෙරුවන් සරණයි! (නි)

:       0       0

සමාධි Wednesday, 28 November 2012 03:02 PM

ඇත්තටම සිංහලුන් හැටියට අපි ඔහොම දේවල් තම ජාතියන්තෙරයට දෙන්න ඕන අගය කලයුතු වැඩක් (ස)

:       0       0

ගයාන් Wednesday, 28 November 2012 03:08 PM

දැන් මොකක්ද ඇත්ත? (ස)

:       0       0

චානක Thursday, 29 November 2012 12:44 PM

ඔබට තවතවත් ශක්තිය ලැබේවා! (නි)

:       0       0

නිලන්ත Wednesday, 28 November 2012 03:19 PM

විශිෂ්ට ක්‍රියාවක් (ස)

:       0       0

ජීව Wednesday, 28 November 2012 11:41 PM

මම දන්න විදේශිකයකුට ඔහුගේ දෙමළ ජාතික මිත්‍රයෙක් කියල දීලා තියෙන්නෙ ඔවුන්ගේ රටට (ලංකාවට) අපි ඇවිත් ඉන්නවා කියලයි. මම ඇත්ත පහදලා දෙනකම් ඔහු හිතන් ඉඳලා තියෙන්නෙ ඒ විදියටයි. (නි)

:       0       0

සදුනි Thursday, 29 November 2012 12:56 PM

මට පේන්නේ ප්‍රසාද් නමින් ඉන්නෙ මිනිස් ජාවාරම් සම්බන්ධ එක්කෙනෙක්..!(නු)

:       0       0

නිශාන්ත Wednesday, 28 November 2012 03:36 PM

කවුරුත් දන්නා ඇත්ත කියුවාට පිං (දී)

:       0       0

රත්නායක Wednesday, 28 November 2012 03:33 PM

ඔන්න නියම ශ්‍රී ලංකා මාතාවගේ දරු දැරියෝ , සියලු දෙනාටම ජය වේවා(ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 28 November 2012 04:00 PM

තමන්ගේ රටට දක්වන්න පුළුවන් ලොකුම උපහාරය තමයි මේක , ඉතාමත් ආදර්ශමත් ක්‍රියාවක් (ස)

:       0       0

රාජා Wednesday, 28 November 2012 04:00 PM

නියම ලාංකික දරුවො ටිකක්. මහජන මුදලින් යැපෙන තානාපතිවරු කරන්න ඕනෙ වැඩක්. සැමටම ජයශ්‍රී!!!(ස)

:       0       0

හේමන්ත Wednesday, 28 November 2012 04:07 PM

හොඳයි දිගටම ඔහොම දේවල් සංවිධානය කරන්න, ලෝකයා දැනුවත් කරන්න ළමයිනේ . අපිට සතුරෝ වැඩියි දැන් (ස)

:       0       0

ජයන්ත Wednesday, 28 November 2012 04:12 PM

ජයවේවා ඔබලාට

:       0       0

සිල්වා Thursday, 29 November 2012 05:35 AM

පටු දේශපාලන වාසි ලබාගැනීමට වෙරදරන දෙමළ ඩයස්පෝරාවට නිසි පිළිතුරු ලබාදීමට ඉදිරිපත් වූ සිසුන්ට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ගයාන් Wednesday, 28 November 2012 04:14 PM

හැමෝම දන්නේ නැහැ වගේ ඉන්න හැදුවට කවුරුත් දන්නා ඇත්ත තමයිඕ ඔය (දී)

:       0       0

අනුර Wednesday, 28 November 2012 04:15 PM

හොද දෙයක්. සුභ පතනවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site