
(නිමල කොඩිතුවක්කු)
වසර දහතුනකට පසුව අගෝස්තු මාසයේදී අලි සංගණනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය පවසයි.
ඒ අනුව අගෝස්තු 19 වනදා සහ 20 වනදා මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇති බවද එහි ප්‍රකාශකයකු පැවසීය.
ඒ අනුව දිවයින පුරා දිය මංකඩ 2500 ක් ඉලක්ක කරමින් මෙම වනඅලි සංගණනය සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙන බහු කාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් හත්දාස් පන්සීයක පමණ පිරිසක් යොදවන බවත් ඔහු කීවේය.
සෑම වසර දහයකට වරක් අලි සංගණනයක් සිදු කරන අතර අවසන් වරට එය සිදු කරනු ලැබුවේ පසුගිය 2011 වසරේදී.
අවසන් වරට සිදුකරනු ලැබූ අලි සංගණනයේදී අලි 5800 ක පමණ සිටින බව වාර්තා විය.
COMMENTS
රනිල් වැඩ අල්ලන්න වගේ යන්නේ ;) කට්ටිය එකතු කරන්
වන අලි කෙසේ වෙතත් රතු අලි නම් චන්දෙ දවස වෙනකල් ගණන් කරන්න බැරි තරමට ඉන්නවා. නමුත් ප්‍රතිපල ආපු හැටියේ ඒ ගණන 3% දක්වා බහිනවා.
අපරාදේ මේකට සල්ලි වියදම් කරන්නේ... ගිය පාර්ලිමේන්තු ඡන්දෙදී දැක්කනේ අලි ඉන්න ගණන...! ජනාධිපතිවරණය ඉවර වෙන කොට අලුත් සංඛ්‍යාව දැකගන්න පුළුවන්...!
අලි කුලප්පු වෙන්ඩ කලින් ගණන් බලන්ඩ හිතාගෙන ඇති .අතරමන් වෙලා පාර හොයාගන්ඩ බැරුව පන්සල් වලට යන්ඩත් බැරි නැහැ.