යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න
පියයුරු ගැන අද සමාජයේ වැඩිපුර කථා බහට ලක්වන්නේ පිළිකා සම්බන්ධයෙන් පමණි. එහෙත් යුවතියකට තම රූසපුව ගැන සිතන විට පියයුරු වලට ලැබෙන්නේ ප්රමුඛ තැනකි. මක් නිසාද යත් කාන්තාවකට පිරිපුන් පියයුරු තරම් තවත් ආභරණයක් නොමැති තරම්ය. එසේ පවසන්නේ ඇඳුමක් පැළඳුමක් පවා හැඩවැඩවන්නට පියයුරු යුවලේ පිරිපුන් බව අවශ්‍ය නිසාය.
විලාසිතා ගැන සැලකීමේදී පියයුරු වල අවශ්‍යතාවය කළින් කළට විචලනය වුවත් පියයුරු යනු කාන්තාවන්ගේ රූපාලංකාරය සදහා අත්‍යාවශ්‍යම අංගයක් බවට කිසිඳු සැකයක් නොමැති අතර ඒ නිසා පියයුරු නියමිත හැඩයෙන් පවත්වා ගත යුතු වේ. එහෙත් අවාසනාකට මෙන් පියයුරු වලට මාංශ පේශීන් නොමැති නිසා මෙය දුෂ්කර කටයුත්තකි. පියයුරු ග්‍රන්ථියකි. එය කුඩා බිළිඳා කිරි උරාබීමට ස්වභාව ධර්මයා විසින් දරුවාට ලබා දී ඇති ත්‍යාගයක් ලෙස දැක්විය හැකිය. ඒ කෙසේ වෙතත් පියයුර අවට ඇති මාංශ පේශී වලින් එනම් පිට කොන්දේ සිට එන මාංශපේශී උරහිස්වල හා පපුවේ මාංශ පේශී පියයුරු ශක්තිමත් වීමට උදව් වන අතර එමඟින් ඒවා නියමිත හැඩයෙන් සහ විසිරී නොයන ලෙස පවත්වා ගත හැක.
පහත සඳහන් ව්‍යායාමය හැකි තරම් වාර ගණනක් කිරීමෙන් පියයුරු වල හැඩය හා ශක්තිය පවත්වා ගැනීමට ප්‍රයෝජනවත් වේ. සීරුවෙන් සිටගෙන වැලමිට දෙක ඉන මට්ටමට ගෙන ඒවා සිරුරට තදින් තද කරන්න. දැන් 10ට ගනින්න නැවත ලිහිල් වන්න. ඉන් පසු දෑත් පියයුරු මට්ටමට ඔසවන්න. නැවත සිරුරට තද කරමින් මේ ආකාරයට කිහිප විටක් ක්‍රමානුකුලව කරන්න.
බිත්තියක් ඉදිරියට ගොස් බිත්තිය මත දෑත් තබා බිත්තියට තදින් පීඩනයක් ලබා දෙන්න. 10ට ගණන් කරන්න. පසුව ලිහිල් වන්න. මෙය කීප වරක් කරන්න. නැවත නිතර දෙවේලේ ඔබට හැකි වාරයක් කිරීම වඩාත් ප්‍රතිඵලදායකය වේ. මෙයින් පියයුරු වටා ඇති මාංපේශී ශක්තිමත් වී ඒවා මනා හැඩයකින් පවත්වා ගැනීමට උපකාර වේ.
පියයුරු සම්භාහනය කිරීම හා ඒවායේ සුමුදු බව පවත්වා ගැනීමට ආලේප ගැල්වීම කිසිවිටකත් නොසළකා සිටිය යුතු නොවේ. එසේම එය කිරීමේදී පියයුරු අසල ප්‍රදේශය හා බෙල්ල උරහිස් සහ අක්ෂකාස්ථි ප්‍රදේශයද මඟ නොහරින්න. සම්භාහනය කිරීමේදී විශාල රවුම් වශයෙන් ඔබගේ ඇඟිලි තුඩුවලින් එය කළ යුත්තේ තන පුඩුව දෙසට යොමු වන ලෙසය. පියයුරේ පිටත ධාරයෙන් ආරම්භ කර ඇතුළ දෙසට සම්භාහනය කළ යුතුය.
පියයුරු සම්භාහනය හා තෙතමනය රැක ගැනීම සඳහා මහාමාශ තෛලය ඉතා ප්‍රතිඵලදායකය. මෙය ප්‍රමිතියකට අනුව සකසා ගත යුතුය. මීට අමතරව ප්‍රෝටීන් සපිරි ආහාර හා විටමින් ඊ අඩංගු ආහාර ගැනීම ප්‍රතිඵලදායකය. මාංශ පේශී වර්ධනය සඳහා කුෂ්මාණ්ඩ රසායනය හෝ පුහුල් බස්නය ද වෛද්‍ය උපදෙස් මත ලබා ගන්න. පිළිකා නොවන සාමාන්‍ය ගැටිති මත රෝගානි කාෂ් නැමති බෙහෙත පාවිච්චි කිරීමෙන් ඒවා තුනී බවට පත් වී නැතිවී යයි. එහෙත් ඒවා පිළිකා නොවන බවට සැක හැර දැන ගැනීම සියල්ලටම පළමුව කළ යුතු වැදගත්ම කාර්යය වේ.
කුළුදුල් දරුවාට කිරි දෙන මුල් කාලයේ පියයුරු වල නොයෙක් ගැටළු ඇතිවීමද ස්වභාවිකය. ඒ අතර තන පුඩුව තුවාලවීම ඒවා ඉරිතැලීම හා කිරි ඒම අවහිර වී වේදනා සහිත වීම සිදුවේ. දරුවා කිරි උරා බීමට මැළිකමක් දක්වමින් කිරි තදවී අති විට පියයුරු සියඹලා කොළ දෙළුම් කොළ තම්බා තවන්න. එවිට පියයුරු වේදනාව නැතිවී තනපුඩු තුවාලවී ඇත්නම් ඒවා සුවවී සහනය ලැබේ. කිරි උරා බොන විට මවට දැනෙන අපහසුවක් දැනේ නම් එයද පහවේ. තුවාල වී ඇති තන පුඩු වල සීතෝදක තෛලය හෝ තල තෙල් ආලේප කිරීම සුදුසුය. මෙම තෙල් දරුවාට ගිලූනාට විස සහිත වන්නේද නැත. එහෙත් කිරි දෙන විට පියයුර පිරිසිදු කර කිරි දිය යුතුය. කුළුදුල් දරුවාට කිරි එරෙන ප්‍රමානය මඳ බවද සමහර මව්වරුන්ට ඇතිවෙන ගැටළුවකි. ඒ සඳහා කිරි උණන කසාය ආයුර්වේද පොත පතේ සඳහන් වේ. ඒවා ප්‍රතිඵලදායක බවද කිව යුතුය. එම කසායක් නම් හාතාවාරිය අල සැවැන්දරා මුල් කිරිඅගුණ මුල් මීමල් වැල්මී ඉරමුසු මේ ඔසු කෂාය ලෙස සකසා දින 6ක් දිමෙන් කිරි එරේ. දරුවාට ආහාරය සපයන, අනික් විට රූසපුව වඩවන පියයුරු කාන්තාවන්ට මිල කල නොහැකි ආභරණයකි.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රූ සපුව වඩවන පියයුරු රැක ගන්නා අයුරු