(මනෝප්‍රිය ගුණසේකර)
ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වසර හතරක කාලයේ රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපොළ සොයාගත් බවට අල්ලස් කොමිසම, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු අද ( 19) නිදහස් කළේය.
විත්තිකරුට එරෙහි මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවට අල්ලස් කොමිසම කළ දැනුම් දීමක් පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා සියලු චෝදනාවලින් ඔහු මෙලෙස නිදහස් කළේය.
ඉකුත් 2010 -14 අතර කාලයේ අමාත්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියදී සිය වත්කම් හා දේපළවලින් උපයාගත නොහැකි වූ රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපොළවලට හිමිකරුව සිටි බවට අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව චෝදනා නඟා තිබිණි.
COMMENTS
කෝච්චියේ සිද්ධි වලින්ද නිදහස් කරලා තියෙන්නේ?
මේ වගේ නඩුවලට දෙන තීන්දුව උසාවියට ඉස්සෙල්ලා අපිට කියන්න පුළුවන්. අපරාදේ කාලය නාස්ති කරන්නේ.. දැන් කරන්න තියෙන්නේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ වත්කම් පරීක්ෂා කරලා බලන්න.
දෙවියනේ, මෙරටට මොනවද මේ වෙන්නේ?
අනේ හොදයි. මේ වගේ අහිංසකයො නම් නිදහස් කරපු එක වටිනවා. හැබැයි කවුරු හරි පොල් ගෙඩි දෙක තුනක්, අඹ ගෙඩි දෙක තුනක් එහෙම හොරකම් කරලා අහු වුනොත් එහෙම උන්ව උල තියන්න ඕන.
එන්න ඔක්කොම සතුටට කිරිබත් කන්න
ස්තූතියි
නපුරු මිනිසුන්ට යුක්තිය තේරෙන්නේ නැත, නමුත් ස්වාමින්ව සොයන අය එය සම්පූර්ණයෙන්ම තේරුම් ගනී. හිතෝපදේශ 28: 5
මගෙත් තියෙනව නඩුවක් මිනිහෙක්ගෙන් රුපියල් දාහක පගාවක් ගත්තට, බැරිද ඒක තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ කියල උසාවියට ප්‍රකාශ කරව ගන්න. එක රටක එක නීතියක් යටතේ එහෙම වෙන්න පුළුවන් නේද? දැන් නඩු කියල ළමයින්ට කන්න දෙන්නවත් විදියක් නැහැ
මම දන්නව මේ මහත්තයාට කෝටි ඔච්චර කෝටි ගනන් තියෙන්න විදියක් නැහැ. දුප්පතා යන්තම් බේරුනා බොරු නඩු වලින් හැට නම ලකෂෙට පින්සිදු වේවා, නැත්නමි රටත් ආගමත් ඉවරයි. දෙයියනේ කියල තියෙන දෙයක් කාල වැටිල ඉන්න රටක් තියෙනවා
පින්වන්ත මූන බලාගෙන මේ බොරු නඩු කෙහොම දානවද?
තව ඔය වගේ නඩු මොනවද ? මල්වානෙ නඩුවට කියාවිද එහෙම මන්දිරයක් එතන නැහැ කියල.
විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේක තාලෙට කියල කිරිබත් කෑවම සනීප වෙයි .
අනේ කාලේ වනේ වාසේ
අම්මෝ මොකුත් ලියන්න බයයි. බැරිවෙලාවත් අධිකරණයට එහෙම අපහාස උනොත් අපිත් ගස්.
එතකොට හොරකම් කරපු සල්ලි වලට මොකද උනේ?
රටේ නායකයෝත් දුශිතයෝ නම් ගෝල බාලයෝ ගැන මොන කතාද ?
ගරු කටයුතු වරාය ඇමැතිනේ.එතකොට නඩු තියාගෙන කොහොමද?
අවුරුදු දෙකේ මහජන මෙහෙවර නොකඩවා ඉදිරියට ජයෙන් ජයම වේවා !!
අල්ලස් කොමිසමට වියදම් කරන්නේ ආණ්ඩුවේ සල්ලිද නැතතම් නුඩු දාලා අයින්කරපු එකම නඩුව මේක ද?
ඔනි වෙලාවට නඩු දාන්නයි ඔනි වෙලාවට ඉවත් කරන්නයි පුලුවන් එකම රට
මෙහෙමත් නරිනාටක. කෝටි ගනන් ධනය උපයා ගත් හැටි උසාවියට ඔප්පු කරන්න බැරි පුද්ගලයකු නිදොස් කොට නිදහස් කරන්නේ කෙසේද? රටේ අහිංසක ජනතාවගේ මුදල් මෙසේ හොරකම් කිරීමට ඉඩ දීම සාධාරණයි කියා හිතනවද?
පුදුමයක් නෑ. හිතුවා ඔහොම වෙයි කියලා.
කොයි නඩුවෙන්ද....? මේ හැර තව කොයි තරම් තියෙනවාද?
ප්‍රීති මහරජ ප්‍රීති...
රජය නීතිය පාලනය කිරීම නිසා මෙහෙම දේවල් සිද්ද වෙනවා. අනිත් රටවල්වල නීතිය, රජය පාලනය කරන නිසා මේ දේවල් ඉතාම දුර්ලභයි.
බුද්ධි හීන ජාතියේ උරුමය යි මේ.
නඩුවක් දාන්නේ... හේතුවක් ඇතුවනේ දැන් ඒ මුදල උපයපු විදිහ එතුමා ඔප්පු කරලද? එහෙම නැතිනම් බොරු නඩුවක් දැම්මා කියලා... ඇයි එතුමා වන්දි ඉල්ලන්නේ නැත්තේ..?
මහා පරිමාණයේ හොර දූෂිතයින් කොච්චර එළියේ ඉන්නවද? කාලයක් අලිබබා සහ හොරු හතළිහ ගැනත් නොයෙකුත් කතා තිබුණා.
ජනතා අධිකරණයෙන් කවදාකවත් රත්තරං මාල හොරකමින් නිදොස් කොට නිදහස් වෙන්න බෑ..
යහපාලන ඩීල් බූරුවන්ගේ කශේරුකා නැතිවීමේ ප්‍රතිඵලයක්...
ඡන්දෙ දීලා පත් කරගන්නේ... හොරු නිදහස් කරගන්නද කියලයි දැන් නම් හිතෙන්නේ.
අධිකරණ ඇමැති නඩු ටික ඉක්මනට ඉවර කරනවා වගේ