(ටී.කේ.ජී.කපිල )
රේගු නිලධාරීන් විසින් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ආරම්භ කරනු ලැබූ " අකුරට වැඩ කිරීමේ " වෘත්තීය ක්‍රියාමාර්ගය අද(16 ) අත්හිටුවීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.එස්.කුමානායක මහතා සහ රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා පැවසීය
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මැදිහත් වීම මත මුදල් අමාත්‍යාංශය විසින් රේගු නිලධාරීන් විසින් සිදු කළ ඉල්ලීම් සියල්ලටම පිළිගත හැකි සාධනීය විසදුමක් ලිඛිතව ලබා දීමට එකග වූ බව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිමාලි පුල්ලෙපෙරුම මහත්මිය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බව ද රේගු වෘත්තීය සමිති සංගම් වල සභාපතිවරු පැවසීය .
එම ලිපියට අනුව රේගු නිලධාරීන් විසින් ආරම්භ කර ක්‍රියාත්මක කළ " අකුරට වැඩ කිරීමේ " වෘත්තීය ක්‍රියාමාර්ගය අද16 දින අත්හිටුවීම තම වෘත්තීය සමිති රැස් වී සාකච්ඡා කර එකගතාවයට පත් වූ බව ද එම සභාපතිවරුන් වැඩිදුරටත් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
99
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගුව’’ අකුරට වැඩ ’ වෘත්තිය ක්‍රියාමාර්ගය නවත්වයි
Kithsiri Friday, 16 February 2024 04:57 PM
රටේ අවාසනාවට තමයි ස්ට්‍රයික් එක නැවැත්තුවේ. අකුරට වැඩ කළා නම් පගාව නැතිව බඩුවක් ගෙනත් සාධාරණ ගානකට විකුණන්න තිබුණා...
Prabha Friday, 16 February 2024 06:07 PM
හොරකම් කරනවා මදිවෙලාද?
de silva Friday, 16 February 2024 07:05 PM
ලංකාවේ රේගුව කවදද අකුරට වැඩ කලේ ?හැමදාම වැඩ කලේ පගාවට ඉදිරියට සිදු වෙන්නෙත් මේක තමා , කල හැකි හොඳම දෙය මුලුරට්ටම ටැක්ස් ෆ්‍රී සොර්න් එකක කරලා රේගුව අහෝසි කරලා දමන එක .ලංකාවේ රේගුවට උසස්වීමේ , වැටුප් වැඩි වීම් දෙන්න අවශ්‍ය නැහැ , පඩිය නොදුන්නත් මේ ගොල්ල වැඩට ඒවි , හේතුව වැටුප වගේ 20-30 ගුණයක් පගාව ලැබෙනවා මෙගොල්ලට
de silva Saturday, 17 February 2024 04:04 PM
රේගුව වැඩ කරන්නේ පගාවට මිසක් අකුරට නොවේ...