IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්

(යොහාන් භාසුර)

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජිකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරයෙක්ගේ හිතවතකුගේ නම් පාවිච්චි කරමින් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරන බවට ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

ප්‍රධාන වශයෙන් පුද්ගලයන් තිදෙනෙක් පාතාලයේ නම් පාවිච්චි කරමින් මෙම නීති විරෝධී ක්‍රියාවේ නිරත වන බවත් ඒ හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයන් රේගු ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වීමට බියකින් පසුවන බවත් ව්‍යාපාරිකයෝ කියති.

රේගුව රාජසන්ත කළ අඩි 20 බැගින් වන කන්ටේනර් 15 ක ඇති රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වටිනාකමින් යුත් ටයිල් 58,024 හෙට (26) පෙරවරුවේ ටෙන්ඩර් පිරිනැමීමට නියමිතව ඇති බවත් එම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කර ඇති ඇතැම් ව්‍යාපාරිකයන් ද බියගැන්වීමට එම සංවිධානාත්මක පිරිස කටයුතු කර ඇති බවත් ඔවුහූ කියති.

එම ටයිල් ටෙන්ඩරය විවෘත කර පිරිනැමීම රේගු මූලස්ථානයේ මධ්‍යම අපරණ අංශයේදී හෙට පෙරවරු 10.00 පැවැත්වීමට නියමිතය.

 



අදහස් (2)

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්

Prabha Thursday, 25 April 2024 06:26 PM

චන්ද්‍රිකාගේ ගානේ බැද්දගානේ සංජීව පටන් ගත්තු සෙල්ලම...

:       2       17

Bamunuarachchi Friday, 26 April 2024 03:50 AM

ටිරාන් අලස් මහත්තයෝ මේ ගැනත් සොයා බලන්න.

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මොරටුවේ කඩයක ගින්නක්
2024 මැයි මස 05 69 0

මොරටුව කටුබැද්ද දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ මවත්වාගෙන යන වෙළෙඳ සැලක ගින්නක් හටගෙන ඇති බව මොරටුව පොලිසිය පවසයි .


‘කිරිකැටියන් 1700ක් දන්දීලා‘
2024 මැයි මස 05 99 0

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මවුපියන් බිළිඳු දරුවන් වෙනත් පුද්ගලයන්ට දරුකමට හදා ගැනීම සඳහා ලබාදීම වැඩිවී ඇතැයි වාර්තාවේ.


‘පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අබලන් වෙලා‘
2024 මැයි මස 05 136 0

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇතැම් ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි හදුනාගෙන වාහාම ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ අවදානය


‘ඉන්දීය ලූනූ ගෙන්වීමට බාධාවක්‘
2024 මැයි මස 05 233 0

මිල පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් ඉන්දියාවෙන් ලොකු ලූනූ ගෙන්වීමට බාධාවක් මතුව ඇතැයි වාර්තා වේ.


ආණමඩුවේ ගම්වලට වල් අලි රංචු කඩා වදිති
2024 මැයි මස 05 108 0

කැලෑ ගිනි තැබිමේන් පසු දළුලමින් පැවතින අලි මානා ඇතුළු විවිධ තෘණ වර්ග වල රස බැලිමට මේ දිනවල වල් අලි රංචු පිටින් ආණමඩුවේ ගම්මාන වලට කඩා වදිති.


පිළිකා රෝහලටත් බන්ධනාගාරයටත් විභාග මධ්‍යස්ථාන දෙකක්
2024 මැයි මස 05 63 0

මාරගම අපේක්ෂා රෝහලේද වැලිකඩ බන්ධනාගාරයේද අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන දෙකක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 488 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1934 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1702 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site