IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


රූපවාහිනී විකාශන ක්‍රමයත් ඩිජිටල් වෙයි

(අංජුල මහික වීරරත්න)

භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා (Analog Terrestrial System) ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අත්හිටු වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන භෞමික ප්‍රතිසම රූපවාහිනී තාක්ෂණික ක්‍රමවේදය යටතේ නාලිකා පවත්වා ගෙන යාම සඳහා මේ වන විට ආයතන 16 ක් වෙත නිකුත් කර ඇති බලපත්‍ර උපයෝගි කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය නාලිකා 5 ක්ද ඇතුළුව රූපවාහිනී නාලිකා 24 ක් රට තුළ දැනට පවත්වාගෙන යනු ලබයි. මේ වන විට රූපවාහිනී නාලිකා සංඛ්‍යාත වර්ණාවලියේ උපරිම ධාරිතාව භාවිතා කරමින් ක්‍රියාත්මකව පවතින අතර, වසර 46 ක් පමණ පැරණි භෞමික ප්‍රතිසම රූපවාහිනී විකාශන පද්ධතිය වෙනුවට නවීන තාක්ෂණය යටතේ රූපවාහිනී නරඹන්නන්ට උසස් තත්ත්වයේ ඩිජිටල් අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් තනි ඩිජිටල් භෞමික විකාශන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යාංශය විසින් ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය 2025 වර්ෂයේදී ආරම්භ කර ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය විසින් ගිවිසුමකට එළඹ ඇති අතර, ව්‍යාපෘතිය 2029 වර්ෂයේදී අවසන් කිරීමට නියමිතව තිබේ. 

ව්‍යාපෘතිය අවසන් වී වසර 2කින් පසු පැරණි භෞමික ප්‍රතිසම රූපවාහිනී විකාශන පද්ධතිය සම්පූර්ණයෙන් වසා දැමීමට නියමිතව ඇති බැවින්, ඒ හරහා තවදුරටත් බලපත්‍ර ලබා දීම ඵලදායී නොවන බව නිරීක්ෂණය කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා සංඛ්‍යාත වර්ණාවලියෙන් සංඛ්‍යාත වෙන් කිරීමේ ක්‍රියාවලිය සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රූපවාහිනී නාලිකා භෞමිකව ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

රූපවාහිනී විකාශන ක්‍රමයත් ඩිජිටල් වෙයි

රනේ Tuesday, 25 November 2025 03:50 PM

විපක්ෂයේ ඇන්ටා දැන් අවුල් වෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 192 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1056 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site