
ස්පේස් එක්ස් සමාගමේ ප්රධානී ඉලොන් මස්ක්, සැබෑ දක්ෂයකු යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
චන්ද්රිකා තාක්ෂණය සම්බන්ධයෙන් තමන් මෙන්ම තම රජය ද මස්ක් සහ ඇමෙරිකානු හවුල්කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වන බව ද පුටින් සඳහන් කර ඇත.
රුසියන් ජනාධිපතිවරයා මෙසේ ඉලොන් මස්ක් ගැන පැහැදීමෙන් කතා කළේ මොස්කව් නුවර පැවති රුසියා–අප්රිකා සමුළුවේදී රුසියානු රැස්වෙට් චන්ද්රිකා අන්තර්ජාල ව්යාපෘතිය පිළිබඳව අදහස් දක්වද්දීය .
ඇමෙරිකා ව්යාපාරිකයකු මෙන්ම ලොව අංක එකේ බිලියනපතියා ද වන මස්ක් උපතින් දකුණු අප්රිකානුවෙකි.
රැස්වෙට් යනු ස්ටාර්ලින්ක් සේම චන්ද්රිකා පද්ධතියකින් සමන්විත අන්තර්ජාල සේවාවකි. මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්රිකා ක්රියාත්මක වන ආකාරයට, රැස්වෙට් චන්ද්රිකා පද්ධතිය ක්රියාත්මක වනු ඇතැයි පැවැසෙයි. මේ වනවිට, ස්ටාර්ලින්ක් පද්ධතිය සදහා අභ්යවකාශයේ රදවා ඇති චන්ද්රිකා ගණන 13,000 කි. රුසියාව දැනටමත් රැස්වෙට් චන්ද්රිකා පෘථිවි කක්ෂයේ රැදවීම සිදු කරමින් සිටී.
පුටින් සමුළුවේදී පැහැදිලි කළේ රැස්වෙට් සහ මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්රිකා එකිනෙක බාධා නොවන බව සහතික කර ගැනීම සඳහා සම්බන්ධීකරණය සිදුවනු ඇති බවය. දකුණු අප්රිකාවේ රුසියානු තානාපති කාර්යාලය රුසියන් රැස්වැට් චන්ද්රිකා පද්ධතිය හදුන්වා දී ඇත්තේ ස්ටාර්ලින්ක් සදහා රුසියාවේ විකල්පය ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd