IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්

(අංජුල මහික වීරරත්න)

කොළඹ ජාතික රෝහලේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් තහනම් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත.

රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වන ආකාරයෙන් සහ මහජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කරමින් අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීම නිසා අදාල වැඩ තහනම් කිරීම කරන බව එම ලිපියේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් විධිමත් විනය ක්‍රියාමාර්ගයන් ඉදිරියේදී ගනු ලබන බවද අදාල ලිපියේ දැක්වෙයි

 



අදහස් (20)

රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්

සමන්ත Friday, 19 December 2025 10:34 AM

හෙට අනිද්දාට විශ්‍රාම ගැනීමට සිටි රුක්‍ෂාන් බෙල්ලන මහතාට නලින්ද ජයතිස්ස ප්‍රමුඛ ඩෝබී කල්ලියේ ඇති බය අපට තේරුම් ගත හැකිව තිබියදී එය තව තවත් තහවුරු කිරීමට ක්‍රියා කල සෞඛ්‍යට සම් බන්ධ සට්ටැඹියන්ට හා නලින් ද ජයතිස්සට අපේ ස්තුතිය පිරි නැමිය යුතුයි. ඔවැනි බියගුලු ක්‍රියා මගින් බෙල්ලනලා මැඩලීම කෙසේ වෙතත් හෙට අනිද්දා වන විට හොම්බෙන් යාමට සිදුවීම නම් ඉතා පැහදිලිය​. රජයේ සේවකයින්ට දේශපාලන තග දමා, දේශපාලන කරුණු මත පළි ගැනීම දැඩිව හෙලා දකිමු.

:       63       119

ගුණරත්න Friday, 19 December 2025 10:45 AM

ආණ්ඩුව දැන් විවේචකයන් බය කරගෙන ප්‍රශ්න යටගහන්න හදන්නේ... තව ටික කාලෙකින් චීනයේ වගේ ආණ්ඩුවක් මේ රටේ හැදේවි. විවේචනය කළොත් බොරු චෝදනා එක්ක රහසිගත නඩු විභාග එක්ක අවුරුදු ගානකට හිරේ දමාවි...

:       91       94

කෞෂිFriday, 19 December 2025 02:29 PM

ඒ වුනාට චීනේ නේද බයි ලොක්කන්ගේ ලොකුම ආධාරකාරයා. නැටුම් ගුණේ ඔයාට තේරෙන්නැති ඒවා ගැන කියවන්නැතුව, දන්න නැටුමක් නටාගෙන ඉන්න.

:       49       34

චිරන්තFriday, 19 December 2025 02:35 PM

මෙයත් ගුණරත්න වගේ දන්න එකටයි, නොදන්න එකටයි ඔක්කෝටම කට දානවා.

:       35       33

Seeyage ledaFriday, 19 December 2025 03:15 PM

අං තට්ටුව විතරයි අඩු...

:       25       22

කව්ද බෝයි Friday, 19 December 2025 12:12 PM

මෙයා දන්න දේකුත් නෑ, නොදන්න දේකුත් නෑ. කළින්පාර ෆෙරාරි සීයාගේ මාද්‍ය ප්‍රකාශක වැඩේ කෙරුවා. දැන් සෞඛය අමාත්‍යංශයේ ලේකම් සහ මාද්‍ය ප්‍රකාශක වැඩේට බැහැලා. ඔයිට වැඩිය හොඳ නැද්ද තමුන්ට අයිති වාට්ටුවල ඉන්න අසරණ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ඔය කාලය වැය කෙරුවානම්, එහෙමත් නැත්නම් තමුන්ට පහළින් ඉන්න වෛද්‍යවරුන්ට සහය වුණා නම්. රටේ ඉන්න හැම කෙනාම මාද්‍ය ප්‍රකාශක වැඩේ කරන්න ගියාම, ඔය කරන ප්‍රකාශ අහන්න එකෙක්වත් නැතිවේවි.

:       90       69

Mahesh Friday, 19 December 2025 01:17 PM

මාධ්‍ය ප්‍රකාශක ඉන්න එක බොරු සමාජ ගත කරද්දී ඇත්ත දාන්න අයවත් හරි දේ කියන්න ඕනෑනේ. ඉන්දියන් බාල බෙහෙත් ගෙනත් මිනිස්සු එකා දෙන්න මැරෙද්දී තවත් අයටම කඩේ යන අමු හරක් ඉන්නවානේ. ගහපු එක ගිවිසුමක් වත් එළි කාලේ නැත්තේ ඕක තමයි. ඉන්දියන් පනකොපිය ඉහ මුදුනින් පිළිඅරගෙන අහිංසක මිනිස්සු මරණ එක තමා කරන්නේ දැන්...

:       20       84

Rata Perata Friday, 19 December 2025 01:22 PM

ඉතා හොද තීරණයක්... සමහර වෘත්තීය සමිතිකාරයෝ හිතාගෙන ඉන්නේ නීතිය තමන් අතේ කියලා. දන්න දේකුත් නෑ. නොදන්න දේකුත් නෑ. වාචාලයෝ වගේ කියවනවා විතරයි.

:       70       60

Frencis Friday, 19 December 2025 02:14 PM

රෝහලේ වාහන නැවතුමේ නවතාගෙන සිටින ටුක්ටුක්කො කේක් කපා ජයපැන් බොන්න පුලුවන් වැඩක් වෙලා තියෙන්නේ.

:       27       18

Perera Friday, 19 December 2025 02:29 PM

තනි ධමනියට බොරු වෛද්‍ය සහතික දුන්න එකේ විපාකේ...

:       61       34

Damith Friday, 19 December 2025 02:53 PM

ජේවීපී වසලයන්ගේ එක නොමනා ක්‍රියාවක්...

:       43       75

පන්සිළු Friday, 19 December 2025 02:55 PM

මාලිමාවට කඩේ නොගියොත් කාටත් මේක තමයි. කට්ටිය රෙදි අපුල්ලන්න හදයි. හැබැයි කිසිම දේශපාලන පක්ෂයකට නොතිබුණු අන්තවාදී , සහ ඒකාධිපතිත්වයක් තියෙනවා. කොහොමත් ජ.වි.පෙ. අන්තවාදීයි. අන්ධවාදීයි. එවැනි මානසිකත්වයක් තියෙන අය තමයි ඒක බදාගෙන ඉන්නේ..

:       37       64

sam Friday, 19 December 2025 03:33 PM

මෙයා රනිල් හොස්පිටල් ඉන්න කොට කරපු වැඩේ කැතයි. වගකීමක් ඇති පුදගලයෙක් හැසිරෙන්න ඕනේ ඒ විදියට.... නැතිව තමන් කඩේ යන පක්ෂයට නොවෙයි.

:       42       43

Shantha Friday, 19 December 2025 04:03 PM

ගොඩක් හොද නිව්ස් එකක්...?

:       29       25

සඳමාලි Friday, 19 December 2025 05:57 PM

රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම්. නමුත් රටට බාල ඖෂධ ගෙන්වා ජනතාවට මරණ සහතිකය ලියා දී ඇති ඇමැත්තන් තවම කයිවාරු ගසමින් ලොකු පුටුවල.

:       15       35

අඥතාFriday, 19 December 2025 07:10 PM

බොරුනේ කියන්නේ. කෙහෙළිය ගෙදරනේ.

:       1       10

Neel Friday, 19 December 2025 06:00 PM

වැඩ තහනමට අමතරව කරපු අවභාවිතා වලට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       1

Don perea Friday, 19 December 2025 06:21 PM

ගොඩක් කමෙන්ට්ස් ඩෝබිලාගේ...

:       1       0

කෝරලගේ Friday, 19 December 2025 07:19 PM

මේ බෙල්ලන ඉල්ලන් කෑවේ. මොකද රනිල් උන්නැහේ රාජ්‍ය මුදල් යොදවා පෞද්ගලික සංචාරයක් කිරීම මුදල් විශුද්ධිකරණයක් කියන වරදට හසුවෙනවා. ඉතින් හොරෙකූට හොර වෛද්‍ය සහතික දීම රාජ්‍ය සේවකයකුගේ වගකීම පැහැර හැරීමක්... දඬුවම දීම ඉතාම ආදර්ශමත්...

:       6       17

fairoos Saturday, 20 December 2025 12:20 PM

ඇයි​ මෙච්චර පරක්කු වුණේ... කළින්ම ගෙදර ඕන කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site