IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රාජ්‍ය සේවයට ඇත්තේ ඉතිහාසයේ නටබුන් පමණයි

(අංජුල මහික වීරරත්න)

නටබුන් වී ඇති රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල් කරණය තුළින් කාර්යක්ෂම කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වත්මන් රාජ්‍ය සේවයට ඇත්තේ නටබුන් වූ ඉතිහාසයක් පමණක් බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය(2025-2029)හඳුන්වා දීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද(19) පැවැති උත්සවයේදීය.

පුරවැසියන් රාජ්‍ය සේවය ගැන තෘප්තිමත් නැති බව කී ජනාධිපතිවරයා රාජ්‍ය යාන්ත්‍රණයේ විනිවිද බව පිළිබඳ ගැඹුරු අර්බුදයකට මුහුණ දී තිබෙන බව සඳහන් කළේය.

" අප ආර්ථිකයේ ප්‍රධාන මූලෝපාය විය යුත්තේ ඩිජිටල්කරණයයි.ඩිජිටල්කරණයෙන් මිනිස් සබඳතා නැතිවේවි යැයි ඇතැමුන් කියනවා.මිනිස්සු ස්වභාවිකවම හැඟුම්බරයි.සමාජ සබඳතාවලින් පිරිලා. ඒ නිසා එහෙම දෙයක් වෙන්නේ නෑ. යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (3)

රාජ්‍ය සේවයට ඇත්තේ ඉතිහාසයේ නටබුන් පමණයි

pj Friday, 19 September 2025 11:25 AM

ඩොලරය 305.75 මෙයාට රටම නටබුන් කරන්න තව වැඩි කාලයක් අවශ්‍ය වන ඒකක් නැහැ.

:       8       7

ගුණරත්නFriday, 19 September 2025 01:46 PM

88/89 කාලේ රාජ්‍ය ආයතන ගණනාවක් නටඹුන් වුණා. මහජනයාට අවුරුදු ගණන් බලන් ඉන්න වුණා. විනාශ වුණු ලියවිලි හදාගන්න. තව කෝටි දහස් ගණන් වියදම් වුණා. අලුතෙන් ගොඩනැගිලි හදල සේවා යථාවත් කරන්න. ඉතින් අනුර කුමාර ජනාධිපතිතුමා රාජ්‍ය සේවා ඉතිහාසේ නටඹුන් ගැන පැවසීම නිවැරදියි.

:       3       4

Sudda Friday, 19 September 2025 01:48 PM

රාජ්‍ය සේවය නටබුන් කරන්න ජේවීපී වෘත්තීය සමිති සෑහෙන සේවයක් කරපු බව ජනාධිපතිතුමාට අමතකද​. බොහෝ දේවල් සේවක මානසිකත්වය වගේම දේපොල විනාශ කිරීම්වලටත් ඔබලා මුල් වුණා. අනික මේ කියන්නේ ගුරු වෘත්තිය පවා නටබුන් කියලනේ. මෙයාලට උගන්වපු ගුරුවරුන්ට පවා මේ අපහාස කරන්නේ. එක පැත්තකින් මෙහෙම ගෝලයෝ හදපු ගුරුවරුන් මේ කතා අහන්න සුදුසුත් ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31448 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13727 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11042 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 144 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1057 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 293 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site