ගාසා තීරයේ, දකුණු දෙසින් පිහිටි, රෆා නුවර, හමාස් සටන්කාමීන්ට පහර දී, සටනකාමීන්ගේ ග්‍රහණයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් දෙදෙනකු මුදාගත් බව ඊශ්‍රායල හමුදාව පැවැසීය.
ඊශ්‍රායල හමුදාවට අනුව, ඔවුන්ට මුදා ගැනීමට හැකිවූයේ, 60 හැවිරිදි සයිමන් මාර්මන් සහ 70 හැවිරිදි ලුවිස් හාර්ය. හමාස් සටන්කාමීන් මොවුන් දෙදෙනා පැහැරගෙන ගාසා තීරයට රැගෙන ගියේ, මීට දින 128 කට පෙර, පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය.
ඊශ්‍රායල හමුදා, මේ වනවිට, දිගින් දිගටම රෆා නුවරට පහර දෙයි. ඒ, රෆා නුවර ගාසා පලස්තීන වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවා, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් ඉල්ලා ඇති අවස්ථාවකය.
එසේ එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියෝ 53 ක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන පාලන අධිකාරිය පැවැසීය. එසේ ජීවිතක්ෂයට පත්වුණු පිරිස අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව වාර්තා වේ. රෆා නගරයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය පලස්තීන වැසියන් ගණන 100 කට වැඩිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රෆා නගරයට දිගින් දිගටම ඊශ්‍රායාල හමුදාව පහර දෙයි
චන්දන Monday, 12 February 2024 03:11 PM
මේ ප්‍රහාර වලින් මැරුණු සාමාන්‍ය වැසියන් ගණන් කියනවා හැරෙන්න මෙච්චර හමාස්වරු මැරුණා කියලා ස්ථිර කරන්නේ නැහැ නේද? ඒ කියන්නේ හමාස්වරු බහුතරයක් ආරක්ෂිතයි...
Bamunuarachchi Tuesday, 13 February 2024 09:20 AM
චන්දන ලංකාවේ එල්ටීටීඊ කාරයෝ වගේ තමයි. තුවක්කුව අතට ගත්තොත් එල්ටීටීඊ ත්‍රස්තය. තුවක්කුව පැත්තකින් තියලා කුඹුරට බැස්සොත් දෙමළ අහිංසක ගොවියා.