IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රැහේ වෙනුවෙන් හඬක් නැගූ දළුකානේ නායිකාවගේ කඩයට ගිනි

(නිමල් ජයරත්න‍)

තම රැහේ දරුවන් කුසගින්නේ විඳින වේදනාව සහ රැහේ තරුණයන් මතට එරෙහිවීමට එරෙහිව හඬක් නැගූදළුකාන ආදිවාසී නායිකා කේ.ලිසිනෝනා මහත්මියගේ පොල්ඇතු කඩයට අද (14) වෙනිදා අලුයම් කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇති බව ඇය හඬා වැළපෙමින් සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, මේ පිළිබඳ වහා පරීක්ෂණයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකළහොත් හොත් තමා දඹාන ආදිවාසී නායකයන් සමග එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ලිසීනෝනා මහත්මිය පැවසුවාය.

58 වියති තිදරු මවක වන ලිසීනෝනා මහත්මිය මීට පෙර අවස්ථා හතකදී පමණ දළුකාන ඇතුළු ආදිවාසි ගම්මානවල තම වරිගයින් මත්පැන්වලට ගොදුරුව ජීවිත විනාශ වීම පිළිබඳවත්, ආදිවාසි ගම්මාන අටක පාසල් දරුවන්ට මෙන්ම ආදිවාසි පවුල් සඳහා ආහාර හිඟයකින් පෙළීම ඇතුළු ඔවුන්ගේ ආර්ථික ගැටලු පිළිබඳව රජයට විරුද්ධව නොබියව හඬක් නැගූ කාන්තාවක් වන අතර මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩිලෙස විරුද්ධව ක්‍රියාකළ ආදිවාසි නායිකාවකි.

 



අදහස් (5)

රැහේ වෙනුවෙන් හඬක් නැගූ දළුකානේ නායිකාවගේ කඩයට ගිනි

sharm warn Monday, 14 November 2022 01:04 PM

කෝ මේ පොලිසියේ කාකිකාරයින්? මේ අපරාධ වලට වගකිව යුතු අය අල්ලන්න වගකීමක් නැද්ද? පාරේ පෝස්ටරයක් අල්ලගෙන ඉන්න ගැහැණු අයව අල්ලගෙන යන්න නම් අතපය හයිය තියෙනවා.

:       2       58

BamunuMonday, 14 November 2022 01:46 PM

පොලිසියේ අය නම් දැන් කරන්නේ තනිකරම පිස්සු...

:       3       39

sena Monday, 14 November 2022 01:22 PM

මේවා කරවන මිනිස්සුන්ට ලැජ්ජාවක් නැතිද?

:       2       52

Athula Tuesday, 15 November 2022 12:42 AM

මුන් දෙගොල්ලොම එලවන තුරු ඕවා නතර කරන්න බැහැ

:       0       1

Kumar (Gulf) Tuesday, 15 November 2022 01:12 AM

මේ අපරාධ සංවිධානය කරන මාෆියාව තමයි පොලිසිය සහ දේශපාලනඥයන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site