IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රහස් පොලීසිය ආවොත් කරන දේ රනිල් කියයි

රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම විනාශ කර පොලීසිය සහ රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලනීකරණය කරමින් බුදු දහම ගැන පොතක් ලිවීම පවා අපරාධයක් බවට පත්කර තිබෙන ඒකාධිපති පොල් පොට් රෙජිමය පෙරළා දැමීමට සියලු දෙනාම වහා එකට එක්විය යුතු යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර දී පැවසීය.

මහ නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේලාට බැන වදිනවා නම් , අන්‍යාගමිකයන්ට මේ ඒකාධිපති පොල් පොට් රෙජිමය සලකන ආකාරය සිතා ගත හැකි යැයි කී වික්‍රමසිංහ මහතා  භික්ෂූන් වහන්සේ නමක් හෝ වේවා , බුදු දහම ගැන පොතක් රචනා කළහොත් සුදු වෑන් මගින් උන්වහන්සේ පැහැර ගැනීමේ තත්ත්වයක් රටේ උදාවී ඇතැයි කීවේය.

බුදු දහම සහ දේශපාලනය ගැන තමා රචිත ග්‍රන්ථය සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලීසිය පැමිණයොත් ත්‍රිපිටකය සහ සප්ත අපරිහානී ධර්මය අනුව පොලීසිය ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන කරුණු පැහැදිලි කරමින් ඒ අයට බුදු දහම ගැන උගන්වන්නේ යැයි වික්‍රමසිංහ මහතා කීවේය.



අදහස් (0)

රහස් පොලීසිය ආවොත් කරන දේ රනිල් කියයි

ශෆර්ඩීන් Monday, 01 July 2013 05:15 PM

නියමයි හොදේ (දී)

:       0       0

නිල්මිණි Monday, 01 July 2013 05:23 PM

පාලිත මහින්ද,ඔයාට මතකද ඒ භීෂණ කාලය? නිකම්ම නම් මැරුවේ නැහැ. ගින්නක් නැතුව දුමක් යන්නේ නැහැ මහත්තයෝ (දී)

:       0       0

සමන් Monday, 01 July 2013 05:23 PM

පාලිත ඒ කාලේ මාතලේ පැත්තේ එහෙම කරපු අය තමයි අද රට පාලනය කරන්න සම්බන්දවෙලා ඉන්නේ.(නදී)

:       0       0

අංජන Monday, 01 July 2013 05:35 PM

1988-1989 ඉස්සුවේ සුදු වෑන් එකකින් නෙවෙයි. පොලිස් ජීප් , කාර්, පාට පාට වෑන් , ඔක්කොගෙන් ම ඉස්සුවා මතක නැද්ද වික්‍රමසිංහ මහත්තයෝ.(නදී)

:       0       0

කුමාර් Monday, 01 July 2013 05:45 PM

මේ පාර මේ රනිල් ගේ ඔලුව නරක් වෙලා වගෙයි. එයා හෙන්ඩුව අහක දාලා, නවගුණ වැල පටලවාගෙන නේද? ගිහි ගෙයත් අත් හරීද දන්නේ නැහැ. අයියෝ! (දී)

:       0       0

ඩොනල්ඩ් Monday, 01 July 2013 05:51 PM

අනේ ඔය පරණ පොත අපි එය කියවා ඇත.(නදී)

:       0       0

රංග Monday, 01 July 2013 06:12 PM

රනිල් සැබෑ බුද්ධිමතෙකු බව නොදන්නේ තරුණ පරම්පරාවේ ඔළුව උදුම්මා ගත් පිරිසකි. ඔහු බුද්ධිමතෙකු බව දන්නේ උගත් වැඩි හිටි පිරිසකි. ඔහුට බැන වදින්නේ රට පාවා දුන්නා කියන ජාතියට ආදරය කරන බව කියන දැක්මක් නැති කට මැත දොඩවන අහුලාගත් දැනුමක් ඇති පිරිසකි. කෙසේ හෝ සියල්ල යහපත් සේ විසඳී ඇති හමාරය. අවශ්‍ය එකිනෙකාට බැන ගන්නා ජරා දේශපාලනය නොව අවංක මහත්මා දේශපාලනයයි. මේ සටහන ඔබේ බුද්ධිය අනුව විමසත්වා... (නි)

:       0       0

ගාමිණී-කුවෙට් Monday, 01 July 2013 06:17 PM

රනිල් මහත්තයෝ තව තව කියල වැඩ පෙන්වමු බලන්න.(නදී)

:       0       0

කුමාර Tuesday, 02 July 2013 09:17 AM

අනේ පාලිත ඔබට මතක නෙද්ද ජේ වී පි කාරයෝ කරපු වින්නැහිය (අ).

:       0       0

සුපුන් Tuesday, 02 July 2013 09:30 AM

ඔන්න ඉතින් දැන්වත් අතාරින්න වෙනවා ලොකු පුටුව.සියලු දේ අනිත්‍යයයි නේ (නි)

:       0       0

අබරන් Tuesday, 02 July 2013 09:38 AM

බණ කියන්න හාමුදුරුවෝ ඉන්නවානේ. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 02 July 2013 10:11 PM

කුමාර, ඔවි. ජේ වී පි කාරයෝ කරපු වින්නැහිය මට මතකයි. නමූත් මගේ මාමලගේ පූතාලා දෙන්නා නොකල වරදකට එදා ජීවිතය පිදූවා. (නි)

:       0       0

පාතිමා Monday, 01 July 2013 07:47 PM

ඔය මහත්තයා ඉස්සෙල්ලා ඡන්දෙට අනුරාධපුරේ වෙහෙරක් ගැන කියලා තව සහෝදරයෙක් ඒකෙනුත් ඡන්ද ටිකක් එකතු කරගත්තා නේද?(නදී)

:       0       0

ක්‍රිෂ්ණා Monday, 01 July 2013 07:52 PM

රනිල් , ඔබ කොච්චර කිව්වත් වැඩක් නෑ ලංකාවේ ඉන්නෙ පුරවැසියෝ නෙවෙයි ඡන්දදායකයෝ.(නදී)

:       0       0

අසංග Monday, 01 July 2013 08:04 PM

සමහරක් අයට බුදු දහම මතක් වෙන්නේ මොනවා හරී ප්‍රශ්නයක් වෙනකොට තමයි. අනික මේ අය පන්සිල් පද 5 වත් දන්නවද දන්නේ නැ. කෙසේ වෙතත් අන්තිම මොහොතේවත් බුදු දහම මතක් වෙච්ච එකනම් ලොකු දෙයක්.(නදී)

:       0       0

සදුනි Monday, 01 July 2013 08:29 PM

මමත් පාලිත මහින්ද සමග එකගයි.(නදී)

:       0       0

ඉෂ්හාක් අහමඩ් Tuesday, 02 July 2013 02:45 PM

ආගම දහම නැමැති බෝලය ඉස්සරහට දැම්මොත් එතනින් එහාට කිසිම බෝලයක් යන්නේ නැහැ.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 03 July 2013 09:24 PM

දේශපාලනය හා ආගම කියන්නේ දෙකක්. ආගම විකුණලා දේශපාලනය කරන්න එපා. මේවා මහා පවුකාර වැඩ. ඔබ මොනවා කිව්වත් ජනාධිපති තුමාට අපි හදවතින්ම ගරු කරනවා එතුමා කවදාවත් බුද්ධ ධර්මය උකසට තියල චන්ද ඉල්ලපු කෙනෙක් නොවේ. ඔබ බුද්ධිමත් වෙන්න පුළුවන් නමුත් අපි මෝඩ නැහැ. මොන පක්ෂය නියෝජනය කලත් අපි හැමදාම ජනාධිපති තුමා සමගයි. (අ)

:       0       0

පෙරේරා Monday, 01 July 2013 09:44 PM

චරිත කිව්වේ ඇත්ත තමආ..රනිල් මහත්තය හිටියනම් තාම අර අහිංසක ප්‍රබාකරන් මහත්තය ජීවත්ව ඉන්නවා...සටන් විරමේත් තියෙනවා..මොන අපරාදයක්ද මේ මිනිස්සු කලේ මෙයාගෙන් ප්‍රයෝජන ගන්නේ නැතිව..(අ)

:       0       0

සාදි Monday, 01 July 2013 02:45 PM

දන්නා කාලේ ඉදලම අපි ඔබතුමා ගැන හොදට දන්නවා. (දී)

:       0       0

නිලන්ත Monday, 01 July 2013 02:55 PM

අපිට බණ කියන්න එපා බුදු මහත්තයෝ..... (දී)

:       0       0

සේනානායක Monday, 01 July 2013 02:58 PM

ඇට නැති දිවනේ මහත්තයෝ.ඔහොම යං.ඔහොම යං. (දී)

:       0       0

ගාමිණී-සිරි Monday, 01 July 2013 03:05 PM

හා..හා..හා.. වැඩිය උගන්වන්න ගියොත් වෙන්නේ ගුරුන්ටත් දණ ගහන්නයි. (දී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 01 July 2013 03:07 PM

අනේ රනිල් මහත්තයෝ, ඔබ මේ කරන කියන දේවල් වලින් වන්නේ අපේ රටේ විකට නළුවන්ගේ රැකියාද තර්ජනයට ලක් වීමයි. ඔබ කරන කියන දේවල් වලට බඩ අල්ලාගෙන හිනාවෙන අපිට ටෙනිසන්ලා,බන්දුලා, ගිරාලාත් මිනිස්සුද.

:       0       0

චන්ද්‍රා u s a Monday, 01 July 2013 10:51 PM

පෙරේරලා දෙන්නගෙම කියමන් මමත් අනුමත කරමි, (අ)

:       0       0

උපාලි Monday, 01 July 2013 11:13 PM

අනේ මේ අපිටනේ කියන්නේ,(අ)

:       0       0

අමාලි සිල්වා Monday, 01 July 2013 03:21 PM

ඔය ගොඩක් දේශපාලඥයෝ ලංකාවේ බුදු දහම ගැන බොහොම ආදරෙන් කතා කළාට, ඒවා හදවත් වලින් නෙමෙයි. ලෝකෙට පෙනෙන්න කරන්නේ. මහත්මයකු වශයෙන් රනිල් මහතාට මම ගරු කරමි. එහෙත් ඔහුගේ බුදු දහම ගැන නම් මට විශ්වාස නැහැ. අද ඔය ගොඩක් මදාවි චන්ඩි ඇමතිවරු නිතරම අපි දකිනවා පන්සල් වල. ලොකු අටපිරිකර පුජා කරන පින්තුර එහෙම. ඔය අටපාරිකර කර ගන්න වියදම් කරන සල්ලි ගොඩක් දැහැමින් සොයා ගත් මුදල් නෙමේ. මේවා කවුරුත් දන්නා රහස් . (දී)

:       0       0

නීල් Monday, 01 July 2013 03:22 PM

වෙන කරන්න වැඩක් නැතිනම් ගෙදරටවෙලා නිදාගන්න.(අ)

:       0       0

රානි Monday, 01 July 2013 03:23 PM

ලංකාවේ දේශපාලනයට මම නම් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව විරුද්ධයි.ඒ නිසා ඔබේ ගොඩක් දේට මම එකග වෙන්නේ නැහැ.නමුත් මේ කිවුදේ සහතික ඇත්ත.හැබැයි මේවා මෙච්චරකල් නෑර කලින් කතා කරන්න ඔබතුමාටත් අයිතියක් තිබුනා.දැන් තමන්ට ප්‍රශ්නයක් ආපු නාපු ගානට කතා කරනවා. (දී)

:       0       0

සුපුන් Monday, 01 July 2013 03:29 PM

ඔබතුම එහෙම හරි කියයි. දුප්පත් ලේඛකයො මොනවා කියල බේරෙන්නද සුදු වෑන් අවොත්. (නදී)

:       0       0

ලුම්බිණි Monday, 01 July 2013 03:29 PM

කරන්න පුළුවන් දේවල් තමා කිව යුත්තේ. (නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 02 July 2013 12:24 AM

නිල්මිණි., ඔයා දන්නවද එදා මැරැනේ අහිංසකයෝ මිසක් වැරදි කළ අය නොවේ. ඒකත් මතක තියා ගන්න හොදද...... ඔබ කියන්නේ එදා වූනූ ඒ සිද්ධීන් හරි කියලද..????? (අ)

:       0       0

පෙරේරා Monday, 01 July 2013 03:37 PM

88/89 කාලය අපිට මතකයි හොදට. අද අතුරුදන් වුනත් අතුරුදන් වෙන්නේ කුඩුකාරයෝ, අපරාධකාරයෝ, සමාජ පිළිල.. නමුත් එදා අතුරුදන් කලේ සීයට අනුවක් කිසි දෙකට සම්බන්ධ නැති අහිංසක තරුණ ජීවිත..එක දෙකක් නෙමෙයි, 60000ක්.. (දී)

:       0       0

ධම්ම Monday, 01 July 2013 03:42 PM

අම්මෝ! වික්‍රමසිංහ මහත්තයට තදවෙලා. (දී)

:       0       0

සුදත් පෙරේරා Monday, 01 July 2013 03:48 PM

අර පස්දුන් කෝරලේ කතාව වගේද දන්නේ නැහැනේ ඔය පොතත්. (නදී)

:       0       0

යසුන් Monday, 01 July 2013 03:49 PM

ඔබතුමාට බුදු සරණ වේවා. රට හොද මගට ගනිමු.(නදී)

:       0       0

උපසේන Tuesday, 02 July 2013 01:50 AM

ඔබතුමා තමයි අපේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂ නායක. (නි)

:       0       0

චරිත් Monday, 01 July 2013 03:50 PM

රනිල් යනු සැබෑ බුද්ධිමත් නායකයෙක් ඒ ගැන විවාදයක් නැත. ඔහු ගෙන් ප්‍රයෝජනයක් ගැනීමට ලක් වාසින් පින් කර නැත.(නදී)

:       0       0

සමන් කුමාර Monday, 01 July 2013 03:53 PM

මේ පාර ආණ්ඩුව ඉල්ලන් කන්නද හදන්නේ?(නදී)

:       0       0

සම්පත් Monday, 01 July 2013 04:06 PM

. අනේ මේ අපිටනේ කියන්නේ,,(අ)

:       0       0

රුවන් Monday, 01 July 2013 04:07 PM

බලේ තියෙද්දී මොලේ නැහැනේ. නිකන් අපිට පොත් පෙරලන්න එපා හොදේ. (දී)

:       0       0

ලක්ෂිත Monday, 01 July 2013 04:09 PM

කොහොමවත් එපා.(නදී)

:       0       0

චින්තක Monday, 01 July 2013 04:10 PM

මෙතුමාගේ ඔය පොත අපි කියවල ගොඩක් කල්. කියවපු කාලේ තමයි ආණ්ඩුව පෙරලලා ගෙදර යැව්වේ.(නදී)

:       0       0

ඡායා Monday, 01 July 2013 04:27 PM

රබන් ගහන්න විදිහත් කියලා දුන්නොත් හොදයි වන්දිබට්ටයන්ට.(නදී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 01 July 2013 04:54 PM

සූදූ වෑන් වලින් ඇවිත් ඉස්සූවේත්, පොල් පොට් ගේ ක්‍රියාවන් ක්‍රියාත්මක උනේත් මේ කාලේ නොවේ ඒ කාලෙයි. කිසිම වරදක් නොකළ මගේ මාමගේ පූතාලා දෙන්නවත් අරන් ගිහින් හිසට වෙඞ් තබා ඝතනය කර මහ මග දමා ගිහින් තිබූනේ ඒ කාලේ මිස මේ කාලේ නොවේ. දෙමාපිය දෙපලත්, පාසැල් යන වයසේ සිටී නංගිලා තූන්දෙනාවත් පෝෂණය කරමින් දිවා රෑ නොබලා දූක් විදපූ මේ අහින්සකයින් මරා ගත්තා මදිවට ගෙටත් ගිනි තියලා අඵ දූවිලි කරලා මහමගට ඇද දැමූ උන් හට ශාපයක්ම වේවා.(නදී)

:       0       0

කීරා Monday, 01 July 2013 05:02 PM

නියමයි ලොක්කා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site