වෘත්තිය සමිති කටයුතු පිළිබඳව ජනාධිපති හිටපු අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා හා ඔහුගේ ආරක්ෂකයන්ගේ ඝාතන සම්බන්ධයෙන් රහස් පොලිසිය හරිහැටි පරීක්ෂණ නොකරන නිසා මහජනයාත්, නිතීඥවරුත් අධිකරණයට ඇඟිල්ල දිගුකරතියි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කෙළේය. පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග කළත් රහස් පොලිසිය එසේ නොකරතියි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා ප්‍රකාශ කෙළේය. අපක්ෂපාතව යුක්තිය පසඳලීමට ප්‍රතිඥ දී සිටින විනිසුරුවනට කළ හැක්කේ නියෝග දීම පමණක් බව ද, නිලධරයන් එම නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් අධිකරණයට කළ හැකි දෙයක් නැති බව ද මහේස්ත්‍රාත් කීවේය. දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කරුණු දක්වමින් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා උසාවි නියෝග විවේචනය කරන බව කීවේය. ඇය අලුත්කඩෙත් පොල්ගසා දේව කන්නලව් කරන බව ද ඇයට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය. ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා කරුණ දක්වමින් ඇය කියා ඇත්තේ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන් ලෙස උසාවියෙන් දුන් නියෝග රහස් පොලිසිය ක්‍රියාත්මක නොකරන බව යැයි ද එය උසාවියට අපහාස කිරීමක් නොවේ යැයි ද දේව කන්නලව් කිරීමට පොල් ගැසීමට හෝ කතරගම යෑමට හෝ උසාවියෙන් අවසර ගත යුතු දැයි ඔහු ප්‍රශ්න කෙළේය. රහස් පොලිසිය කියා සිටියේ දුමින් ද සිල්ව අත්අඩංගුවට ගැනීම ගැන නීතිපතිගෙන් අවස්ථා කිහිපයකදී විමසා ඇතත් පිළිතුරු නැති බවයි. සැකකරුවෝ 16 දෙනා ජුනි පස් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි
හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රහස් පොලිසියට අදත් දොස්
Tuesday, 22 May 2012 11:36 AM
ඔය ජරාව වැඩකරන්නේ..
දයාරත්න Wednesday, 23 May 2012 06:16 AM
සේරම එකතු වෙලා කාවද මේ රවට්ටන්නේ.මේවට අපිට හිනා යන්නේ පස්ස පැත්තෙන්
කේ.එස්. Tuesday, 22 May 2012 11:50 AM
හත්වලාමේ
ඇත්ත Tuesday, 22 May 2012 11:56 AM
ටිකක් බැනුම් ඇහුවට පාඩු නැනේ. හොද වාහන ලැබිල තියනකොට....
මුනාස් Wednesday, 23 May 2012 08:19 AM
අනේ නියම පොලිස් මහතුනේ, ඔබට මේ විදියට නිල ඇදුම ඇදගෙන ඉන්න පුළුවන්ද?
සිසිර Tuesday, 22 May 2012 12:18 PM
ලංකාවේ ඉතිං පොලිස් දැලට අහු වෙන්නේ හාල්මැස්සෝ මිසක් තෝරු මෝරු නෙමෙයිනේ
ලසන්ත Wednesday, 23 May 2012 08:53 AM
නිලධාරීන් එම නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් එය අපහාස කිරීමක් නොවේ ද?
රජිත් Tuesday, 22 May 2012 12:42 PM
මහත්වරුනි, ලංකාවේ නීතිය යනු උල්පතක් නොවේ.වක්කඩේ හැංගූ හකුරු කෑල්ලකි
සුනිමල් Tuesday, 22 May 2012 12:46 PM
මෙහෙම ගියොත් රටේ නීතියක් ඉතිරිවෙයිද??
පොතේ ගුරා Tuesday, 22 May 2012 12:47 PM
නිලධාරීන් එම නියෝග ක්‍රියාත්මක නොකරන්නේ නම් අධිකරණයට යමක් කිරීමට ප්‍රතිපාදන ඇත්තේම නැද්ද?
අජිත් Tuesday, 22 May 2012 12:50 PM
ඕක අළුත් දෙයක්ද?දැන් රට ගිහිල්ලනේ බල්ලට
මංඡුල බ්රුට් Tuesday, 22 May 2012 01:01 PM
අහන්කාරකමි මුදල් තියෙන කන් කේරැම් කාරකමි බලය තියෙන කන් ගණන් කාරකම් හයිය තියෙන් මෙ ඔක්කොම කම් මෙලෝවෙන් යන කන්
අජිත් Tuesday, 22 May 2012 01:11 PM
නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම් හරියට ගෞරවනීය විදියට ගෙදර යන්න
Tuesday, 22 May 2012 01:20 PM
එහෙනම් නීතිය අතටගන්න වෙනවා.
නිලන්ත Tuesday, 22 May 2012 01:31 PM
ඇත්තටම රහස් පොලිසියද? හොර පොලිසියද?
කුමාර Wednesday, 23 May 2012 10:06 AM
නීතිය ........................ට ගිහින්...
අනර්කලී Tuesday, 22 May 2012 01:40 PM
කෙරුම් කාරකම් බලය තියෙන කන්
සසර Tuesday, 22 May 2012 02:04 PM
ඔයානම් හරියටම හරි මන්ජුල
අමල් Wednesday, 23 May 2012 11:02 AM
තොත්ත බබාලා වෙන්න හදන්න එපා.සී.අයි.ඩී. එකත් උසාවායට යටයි
පාල Wednesday, 23 May 2012 11:18 AM
නීතිය පොතට පමණක් සීමාවී ඇති බව පෙනේ
සුනෙත් Wednesday, 23 May 2012 11:29 AM
ලංකාවේ ව්‍යවස්තාවට අනුව CID සහ නීතිපති ඉන්නේ අධිකරණයට යටත් තැන් දෙකක.
ඉන්ද්‍රජිත් Tuesday, 22 May 2012 03:28 PM
දොස්තර මහත්වරුත් ඔහොමයි. ඉස්පිරිතාලෙට ආපු මිනිස්සුන්ව හොඳටම රස්තියාදු කරවලා, බෙහෙත් නැති තුන්ඩුවක් විතරක් දීලා යවනවා.
මාරයා Tuesday, 22 May 2012 03:56 PM
එයින් අදහස් කරන්නේ CID එකට ඉහළ උසාවියටත් වඩා බලය වැඩිද?....
අමිල කටුනායක Tuesday, 22 May 2012 04:14 PM
වැඩක් නැහැ මේ ගැන ලියලා..
නීරෝ Thursday, 24 May 2012 08:54 AM
නීතිපතිතුමා හරි.තීන්දුව දුන්නොත් ගෙදර යන්න වෙනවනේ
කුමුදු Wednesday, 23 May 2012 12:39 PM
කුඩුකාරයො ටික අල්ලන්න CID එකට බැරිද?
සුනෙත් Tuesday, 22 May 2012 05:13 PM
ලංකාවේ ව්‍යවස්තාවට අනුව අධිකරණයට යටත් නැත්තේ ලංකාවේ ජනාධිපති විතරයි. අනිත් අය ඔක්කොම අධිකරනයට යටත්. ඒ අය අධිකරණයට කැදවන්න බලය තියෙනවා. නියෝග දෙන්න බලය තියෙනවා. පිලිපදින්නේ නැතිනම් දඩුවම් දෙන්නත් බලය තියෙනවා.
උදාර Tuesday, 22 May 2012 07:50 PM
රට ඉවරයි
හේවා Wednesday, 23 May 2012 02:51 PM
පරිපාලනේට නොගැළපෙන අය ආවහම රට බල්ලට තමයි යන්නේ