
( ෂේන් සෙනෙවිරත්න)
තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරුණ බව කියන එම රෝහලේම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.
තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරි සුනිල් සෙනරත් යාපා මහතා විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම වෛද්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරීම සහ තර්ජනය කිරීම යන චෝදනා පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මීට පෙරදීද රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව ඇති අයෙකු බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වෛද්‍යවරයා අද (10) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
919
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රෝහල් රාජකාරියට බාධා කළ වෛද්‍යවරයා අත්අඩංගුවට
වෛද්‍ය නාමල් අයිස්ලන්තයේ සිට Wednesday, 10 September 2025 09:51 AM
වෛද්‍යවරු උනත් විවිධ ලෙඩ හැදෙනවා.
SusanthaWednesday, 10 September 2025 12:12 PM
ඒකනේ වෛද්‍ය ගමගේ මහතා වෙදෙක් වුනත් ලෙඩෙක් වුනොත් කියල පොතකුත් ලිව්වෙ
Perera Wednesday, 10 September 2025 10:02 AM
විනය පරීක්ෂණයකට යොමු කරලා සේවයෙන් නෙරපිය යුතුයි.
wedage Wednesday, 10 September 2025 10:33 AM
අමුතු දොස්තර කෙනෙක් වගේ නේද?