
(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය යැවූ කෝටි ගණනක වටිනා ඖෂධ තොගයක් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සෙල්සියස් අංශක 45ක අධික උෂ්ණත්වය තුළ දුම්රිය වැගන් වල ඉවත් නොකර රඳවා තැබීම හේතුවෙන් ඒවායේ ගුණාත්මක භාවය අඩුවීමේ දැඩි අවදානමකට ලක්ව පැවතුණ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
රෝහල්වලට බෙදා හැරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දුම්රිය ස්ථානයට පසුගිය වසරේ මුල් මාස හයක කාලයේදී යවනු ලැබූ ඖෂධ තොග වගකිවයුතු සෞඛ්‍ය ආයතන කලට වෙලාවට ඉවත් කර නොගැනීම නිසා මේ තත්වය මතුවූ බව එම වාර්තාවේ දැක්වේ.
මෙම ඖෂධ ඉවත් කර නොගැනීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තුවල එකතු වටිනාකම රුපියල් ලක්ෂ පණහකට ආසන්නය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විගණනයට පවසා ඇත්තේ දුම්රිය ගැල්මගින් වෛද්‍ය සැපයීම් තොග බෙදාහැරීම වඩා ප්‍රායෝගික නොවන බව පෙනී ගියද රජයට වඩාත් වාසිදායක හා පහසුම ක්‍රමය මෙය බවයි.
වෛද්‍ය සැපයීම් ප්‍රවාහනයට ලොරි රථ ප්‍රමාණවත් නොමැති වීමත් ලැබෙන තොග ගබඩා කිරීමට ඉඩ ප්‍රමාණවත් නොමැති වීමත් හේතුවෙන් ඖෂධ තොග දුම්රිය ගැල් මගින් ආයතන වෙත යොමු කරන බවද සෞඛ්‍ය ප්‍රධානීන් වැඩිදුරටත් පවසා ඇත.
COMMENTS
නිළධාරි මෙහෙම අනවධානයෙන් අකාර්යක්ෂමතව කටයුතු කරනවා නම් රට අගාධයකට වැටීමට දේශපාලුවො වරදකරුවන් වෙන්නේ කොහොමද මේවා කරන්න සෞඛ්‍ය ඇමැතිවරයාම එන්න ඕනද අවුරුදු 76 ක් හිටපු පාලකයන්ට දොස් කියලා හරියන්නේ කොහොමද රටේ විනාශය සදහා නිළධාරි 75% ක් වගකිවයුතුය කියලා මෙයින් පේනවා සුදුසුකම් නොසළකා දේශපාලන හිතවතුන්ට රැකියා දීම මෙයට ප්‍රධාන හේතුවක් වෙනවා..
ලොරි කතාවක් නෙවෙයිනේ මෙතන තියෙන්නේ, බඩු ටික වෙලාවට බාර අරන් නැති කමනේ, සෞඛ්‍ය ලොක්කෝ බයිලානේ ගහන්නේ, මුන්ව තවත් සේවයේ තියා ගන්න ඕනේ නෑ.
කොහොමද රනිල් ගේ ගෝලයන්ගේ වැඩ ,මතක තියාගන්න නැවත ඔය ගෝලයෝ ටිකම යවන්න ඕන නේද පාලිමන්ට් එකට
දුම්රිය මගින් ප්‍රවාහනය රජයට ලාභ දායකම සහ පහසුම ක්‍රමය කියල දැනුමැත්තෙක් කියා තිබෙනවා, එත් ඔය ගාස්තු වලට ප්‍රමාද ගාස්තුව ලක්‍ෂ පනහත් එකතු කරාම ලාභද ? මට තේරෙන විදියට අවුරුද්ද පුරා ලොරි වලින් යැව්වත් ඔය තරම් වියදම් වෙන්නේ නැහැ.
එයාලාට ඒවා බාරගන්න වෙලාවක් තියෙන්න එපැයි. එකක් රාජකාරි වෙලාවේත් පුද්ගලික සේවයේ. අනික වැඩවර්ජන. කොහේද ඕවාට වෙලාවක්...?