IMG-LOGO

රාහුල්ට යළි මන්ත්‍රීවරයකු වීමේ අවස්ථාව ගිලිහෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි හට නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.

ඒ අභියාචනය විභාග කිරීම අවසන් වන තුරු තමන් වරදකරුවකු ලෙස නම් කිරීම අත් හිටුවන ලෙස රාහුල් ගාන්ධි විසින් ගුජාරාත් මහාධිකරණයේ පෙත්සමක් ගොනු කරමින් කරන ලද ඉල්ලීම එම අධිකරණය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණය පෙන්වා දී ඇත්තේ මෝදි වාසගමට අපහස කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධි වරදකරුවකු කිරීම සාධාරණ සහ නීත්‍යානුකූල ලෙස සිදු කර ඇති බවයි.

ගුජරාත් අධිකරණය එම ඉල්ලීම අනුමත කරනු ලැබුවේ නම් නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට රාහුල් ගාන්ධිට හැකියාව තිබිණ.

මහාධිකරණය රාහුල් ගාන්ධිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු මීළඟට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ද  රාහුල් ගාන්ධිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් ඔහුට ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයට පෙනී සිටීමට හැකියාව නොලැබෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.



අදහස් (1)

රාහුල්ට යළි මන්ත්‍රීවරයකු වීමේ අවස්ථාව ගිලිහෙයි

wedage Friday, 07 July 2023 02:53 PM

ශ්‍රී ලංකාවට සමාන නීති තියෙනවා ඉන්දියාවෙත්....!

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 75 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 293 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 55 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site