
(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ නිල නිවසේ සේවය කළ පුද්ගලයකු, තමන්ට නිල නිවසේදී හිරිහැර සිදුවූ බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය බවත් පවසමින් මහ කොමසාරිස්වරයාට විරුද්ධව බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
පැමිණිල්ල සිදුකළ පුද්ගලයා මහ කොමසාරිවරයාගේ නිල නිවසේ අරක්කැමියකු ලෙස සේවය කර ඇති බවත් මේ වනවිට ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
මහ කොමසාරිස්වරයාට තානාපති විනිර්මුක්තිය තිබෙන බැවින් ඔහුට විරුද්ධව විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් සිදු නොවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.