යුක්රේන කැරලිකරුවනට අවි සැපයීයැයි චෝදනාවට ලක්වී දැනට අතුරුදන්වී සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ භාෂා පරිවර්තක හා පෞද්ගලික ලේකම් වූ රණවීර කළුආරච්චිගේ නොයෙල් රණවීරගේ (36) සිරුර නිට්ටඹුව වැලිකඩමුල්ලේ සොහොන් බිමෙන් මාස 9 කට පසු ගොඩගැනීමට යයි.
අත්තනගල්ල මහේස්ත්‍රාත් එම්.වයි.එම්.ඉර්ෂඩීන් මහතාගේ නියෝගයකින් සිරුර ගොඩගැනේ. තම පුතාගේ මරණය අභිරහසක් බව රණවීරගේ මව ජොසපින් නෝනා අධිකරණයට කියා සිටීමෙන් පසුව සිරුර ගොඩගැනීමට නියෝග කෙරිණි.
රණවීර දකුණු රුසියාවේදී 2014.6.11 වැනි දින රාත්‍රියේ රිය අනතුරකින් මිය ගිය බව තානාපති උදයංග වීරතුංග පවුලේ අයට කියා ඇත. 2014.6.15 වැනිදා ගුවන් මගින් සිරුර කොළඹට ගෙන අවුත් මල් ශාලාවට රැගෙන ගිය බවත් එහිදී බෙල්ලේ ලොකු තැල්මක් දුටු බවත් නෑයෝ කියති. එහෙත් එම සිද්ධිය ගැන සැක පහළ කළ නෑයනට වීරතුංග පවසා ඇත්තේ රුසියාවේදී සියලුම පරීක්ෂණ කර ඇති නිසා ශ්‍රී ලංකාවේදී අලුතින් පරීක්ෂණ අවශ්‍ය නැති බවයි. එදින සිට 18 වැනිදා දක්වා සිරුර භූමදාන කරනතුරු වීරතුංග සහ ඔහුගේ කණ්ඩායම නිවසේම රැඳී සිටි බවත් කියති.
තම පුතාගේ මරණයට හේතුව පැවති රජයෙන් දැනගත නොහැකිවූ නිසා පසුගිය මාර්තු 22 වැනිදා අත්තනගල්ල පොලිසියට පැමිණිලි කළ බව ජොසපින් නෝනා කියන්නීය.
නොයෙල් රණවීර මුලින්ම රුසියාවට ගියේ 2002 ජූලි 21 වැනිදා බවත් ඔහු එහි ක්ලබ් ලංකා යුක්රේන අවන්හලේ සේවය කළ බවත් කියති. ඉන්පසු ඔහු තානාපති කාර්යාලයේ සේවය කළේය. රිය අනතුරකින් පපුවට සිදුවූ තුවාලවලින් මරණය සිදුවී ඇතැයි මරණ සහතිකයේ දැක්වේ.
මෙම මරණය සම්බන්ධයෙන් ඒ දිනවල පැවති සැකය ගැන උදයංග වීරතුංග මහතාගෙන් නිට්ටඹුව මරණකරුගේ නිවසේදී ඇසූ ප්‍රශ්නවලින් ඔහු මගහැර ගියේය.
ඔහුගේ කෙටි පිළිතුර වූයේ සියලුම පරීක්ෂණ රුසියාවේදී නිසි ආකාරයෙන් සිදුවී ඇති බවයි.
ඡායාරූප - ලංකා ට්රුත් වෙබ් අඩවිය අනුග්රහයෙනි
හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියා හිටපු තානාපතිගේ ලේකම්ගේ සිරුර ගොඩගනී
ටෙරන්ස් Friday, 03 April 2015 06:21 PM
මට හිතෙන්නේ මොකක්හරි රහසක් හංගනවා මේ මරණය සම්බන්ධයෙන්. (නි)
මොහාන් Thursday, 02 April 2015 06:20 AM
පහුගිය ආණ්ඩුව කාලේ මොන තරම් මේ වගේ පවුල් අසරණ වෙලා ඉන්න ඇතිද, නීතිය ක්‍රියාත්මක කර ගන්න බැරුව. (ම)
ඉන්දික සංජිව Thursday, 02 April 2015 07:30 AM
මට මගේ හොඳ යාලුවෙක් නැතිවුණා (නි)