IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


රුසියාවේ 1000 ට තුවාලයි

රුසියාවේ උරාල් ප්‍රාන්තයේ චෙලියබින්ස්ක් නගරයට ඉහළ අහසේ උල්කාපාතයක් පිපිරීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1000 ක් පමණ වන බවත් 44 දෙනකු රෝහල්ගතවී සිටින බවත් රුසියා රජය පවසයි. විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් අනුව ටොන් 10 ක් පමණ බරැති මීටර දෙකක් පමණ පළලැති උල්කාපාතයක් මෙලෙස පුපුරාගොස් තිබේ. පැයට කිලෝ මීටර 54,000 ක පමණ වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ උල්කාපාතය ගිනිගෙන දැවී පොළොවට කිලෝ මීටර 30-50 ත් අතර දුරක් තිබියදී පුපුරාගොස් තිබේ. ඉන් පසු එය උල්කාපාත වර්ෂාවක් සේ පොලෙවට පතිත වී ඇත. වර්ග මීටර 600 ක පමණ ප්‍රදේශයක පිහිටි ගොඩනැගිලි  සහ සින්ක් කර්මාන්තශාලාවකට දැඩි අලාභහානි සිදුව ඇත. පිපිරීමත් සමගම ඇතිවූ කම්පන තරංග හෝතුවෙන් බොහෝ ගොඩනැගිලිවල  වීදුරු ගැලවී විසි වී ගොස් ඇති අතර හිම වැටී ඇති මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය ෆැරන්හයඩ් අංශක 15-18 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.



අදහස් (0)

රුසියාවේ 1000 ට තුවාලයි

සදුන් Saturday, 16 February 2013 09:32 AM

කෝ උනාද කියපු හැමෝම සද්දයක් නැහැ (දී)

:       0       0

සම්පත් Saturday, 16 February 2013 10:01 AM

පොඩි එකකට ඔහොම නම් ලොකු එකක් ආවොත් අපිට මොනවා වේවිද? (නි)

:       0       0

දෝහා Saturday, 16 February 2013 10:21 PM

කෑල්ලක් වැටිලා මෙහෙම නම් සම්පූර්ණ එකම වැටුණා නම් කොහොම තියෙයිද? (නි)

:       0       0

රවිනාත් Saturday, 16 February 2013 10:21 AM

ලංකාවෙ එක එක පළාත් වලින් වාර්තා වූ උල්කාපාත ගෙදරටම පාවී පැමිණීම් එක්ක සංසන්දනය කළ විට රුසියාවේ උල්කාපාතය හරිම කුරිරුයි. කිසිම මනුස්සකමක් නැහැ. (නි)

:       0       0

ලලිත්-කටාර් Saturday, 16 February 2013 11:13 AM

ලෝක විනාශය පටන්ගන්න හදන්නේ වැරදි රටකින්වද්ද? (නි)

:       0       0

විරාජ් Saturday, 16 February 2013 12:45 PM

කෝ මේ අපේ ජාතිවාදී අදහස් ටික? (නි)

:       0       0

දිලු Saturday, 16 February 2013 01:53 PM

ලෝක විනාශය පටන් අරගෙන (නු)

:       0       0

කපිල Friday, 15 February 2013 11:28 PM

ඕක තමයි කියන්නේ විනාසේ කියලා. (නි)

:       0       0

ගයාන් Friday, 15 February 2013 11:42 PM

මේ අර එනවා කිවුව උල්කාවද? (නි)

:       0       0

ඉන්දික Friday, 15 February 2013 11:48 PM

දැන් 1000ක් වෙලාද? (නි)

:       0       0

ගාමිණී Saturday, 16 February 2013 04:09 PM

නීල් ආම්ස්ට්‍රෝන් හදට ගිය කාලේ බුරුල් කරලා ආපු උල්කාපාත වෙන්න ඇති. (නි)

:       0       0

ගාමිණී Saturday, 16 February 2013 04:12 PM

සුනාමි පෙරනිමිති කියන මේ කාලේ උල්කාපාත පෙරනිමිත්ත දැනගන්න බැරිවුණාද? (නි)

:       0       0

චන්ද්‍රදාස Sunday, 17 February 2013 09:21 AM

අපිටත් උල්කාපාතයක් ගෙන්වගන්න බැරිවෙයිද? පොඩ්ඩක් තුවාල වුනාට නම් කමක් නැහැ. මොකද ජීවිතේටම මතක තියෙයි.(නදී)

:       0       0

චන්ද්‍රාස Sunday, 17 February 2013 09:24 AM

අපිටත් උල්කාපාතයක් ගෙන්වගන්න බැරිවෙයිද? පොඩ්ඩක් තුවාල වුනාට නම් කමක් නැහැ. මොකද ජීවිතේටම මතක තියෙයි.(නදී)

:       0       0

සමන් Saturday, 16 February 2013 12:54 AM

විශ්වය පුරා ජීවීන් ගෙනියන එකක් වෙන්න ඇති. (නි)

:       0       0

නීලා Saturday, 16 February 2013 12:56 AM

යන එකක් දිහා බලා හිටියා. මේක ළඟට එනකම් වීද්‍යාඥයෝ කවුරුවත් දැක්කේ නැද්ද? . (ස)

:       0       0

වසන්ත Saturday, 16 February 2013 06:20 PM

මදෑ ඔයින් ගියා... (නි)

:       0       0

සෙනරත් Saturday, 16 February 2013 07:35 AM

අපිට බැරිවෙයිද මේ වේගෙට දුවන වාහනයක් හදන්න? (නි)

:       0       0

සරත් Saturday, 16 February 2013 08:25 AM

අලය මේ ගැන කලින් දැන ගන්න තව ගොඩක් ඉදිරියට යන්න වේවි.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site