(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රුසියාවේ නිෂ්පාදිත "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා තවත් මිලියන 6ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මීට පෙර ද “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන 7ක් මිල දී ගැනීම සඳහා මාර්තු 23 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණි.
එම එන්නත් තොගයට අමතරව එම මිලටම තවත් "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා මිලියන 6ක් මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.
මෙහිදී එක් එන්නත් මාත්‍රාවක් අමෙරිකානු ඩොලර් 9.95ක් බැගින් මිල දී ගැනීමට නියමිතය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ද රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී ඇත.
2025 නොවැම්බර් මස 04
545
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවෙන් කොරෝනා එන්නත් තව ලක්ෂ 60ක්
Lakshitha Tuesday, 06 April 2021 07:37 AM
ඕක ගෙන්නන්න තිබුණේ මීට කලින්. ඔක්ස්ෆර්ඩ් එන්නතේ සාර්ථකත්වයට සාපේක්ෂව ෆයිසර් සහ ස්පුට්නික් එන්නත් වල සාර්ථකත්වය ඉහළයි. ඒවා 92%-95% අතර පවතිනවා. ඉන්දියාවයි බ්‍රිතාන්‍යයි සතුටු කරන්න ඔක්ස්ෆර්ඩ් එක ගෙනාවා.
Raveendra Tuesday, 06 April 2021 11:25 AM
සීනි වලට වැඩිය වැක්සීන් එකෙන් වාසි ඇති... තව ගෙන්නගෙන ඔයාලා සතුටින් ඉන්නකෝ...!!!