රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, 2012 වසරේ සිට කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු එම තනතුරින් ඉවත් කර, නව ආරක්ෂක අමාත්‍යවරයකු නම් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවරගෙන ඇත.
සර්ජී ෂොයිගු රුසියන් හමුදා ප්‍රධානියකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු පුටින්ගේ සමීපතමයකු බව ද පැවැසෙයි.
කෙසේ නමුත් සර්ජී ෂොයිගු වෙනුවට ආරක්ෂක අමාත්‍ය ධුරයට පුටින් නම් කර ඇත්තේ සිවිල් වැසියකු සහ පරිනත දේශපාලනඥයකු ද වන 65 හැවිරිදි ඇන්ඩ්‍රෙයි බෙලොසෝව් ය. රුසියාවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයකු ද වන මොහු ආර්ථික විශේෂඥයෙකි.
මේ අතර, ආරක්ෂක අමත්‍ය ධුරයෙන් ඉවත් කළ සර්ජී ෂොයිගු රුසියන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයකු ලෙස පත් කිරීමට ද ජනාධිපති පුටින් පියවර ගෙන ඇත.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියාවට නව ආරක්ෂක ඇමැතිවරයෙක්
ravin Monday, 13 May 2024 07:06 AM
රුසියාවේ නව ආරක්ෂක අමාත්‍ය ආර්ථික විශේෂඥයෙකි. අපේ රටේ පත්කළොත් පත් කරන්නේ පට්ට හොරෙක්...