IMG-LOGO

රුසියන් යානයත් සඳේ කක්ෂයේ

ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය පමණක් නොව, රුසියාව වසර 47 කට පසු සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය ද මේ වනවිට සඳුගේ කක්ෂයට පිවිස සිටී.

මෙම රොබෝ යානා දෙකම ලබන සතියේ සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථාන දෙකකට පතිත කිරීමට නියමිතය.

මීට පෙර දක්ෂිණ ධ්‍රැවයට රොබෝ යානා පතිත කිරීමක් සිදු වී නැතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමත්, ‘ලූනා 25’ මෙහෙයුමත් ඉතා වැදගත් වෙයි.

මෙම යානා දෙකේ ප්‍රධාන අරමුණ සඳේ පස්වල ඇති ජල අංශු අධ්‍යයනය කිරීමය.

පළමුවෙන් සඳට පතිත කරනු ඇත්තේ ‘ලූනා 25’ යානයයි. ඒ ලබන අගෝස්තු 21 වැනිදාය.

‘වික්‍රම්’ යන නමින් නම් කළ ඉන්දීය යානය සඳට පතිත කරනු ඇත්තේ අගෝස්තු 23 වැනිදාය.



අදහස් (0)

රුසියන් යානයත් සඳේ කක්ෂයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 340 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 514 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 209 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site