(විමුක්ති එස් රුද්‍රිගු)
එම්.අයි.ආර් ලෙස හඳුන්වන රුසියානු මීර් ගෙවීම් පද්ධතියට ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට අනුමැතිය දීම මෙම අවස්ථාවේ අපහසු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
බටහිර රාජ්‍යයන් රුසියාවට 2014 වසරේ දී සම්බාධක පැනවීමත් සමග මෙම ගෙවීම් ක්‍රමය හඳුන්වා දුන් අතර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග වීසා සහ මාස්ටර් කාඩ්පත් භාවිතය රුසියානුවන්ට අත් හිටුවිමත් සමග මෙම ගෙවීම් ක්‍රමය රුසියාවේ ප්‍රධාන ගෙවීම් ක්‍රමය විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇති පරිදි ඇමෙරිකානු සම්බාධක හමුවේ මෙම අවස්ථාවේ රුසියානු එම්.අයි.ආර් කාඩ්පත් සඳහා අනුමැතිය ලබා දීම ඉතාමත් අපහසු බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.
රුසියානු ගෙවීම් පද්ධතිය වන එම්.අයි.ආර් සමඟ සම්බන්ධ වීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් මොස්කව් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, මහ බැංකු අතර සාකච්ඡාව සිදුවෙමින් පවතින බවත් පසුගිය මාසයේ වාර්තා විය.
කියුබාව, දකුණු කොරියාව, තුර්කිය, වියට්නාමය සහ පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ අතලොස්සක් එම්.අයි.ආර් ගෙවීම් පද්ධතිය දැනටමත් පිළිගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියානු මීර් ක්‍රමයට මහ බැංකුවේ අකමැත්ත
ෂෙල්ටන් Saturday, 15 October 2022 05:31 AM
මෙහි සඳහන් වෙන්නේ දකුණු කොරියාවද නැත්නම් උතුරු කොරියාවද?