ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ආරම්භවීමට සතියක් තිබියදී පිහිනුම් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකාවේ පිහිනුම් ශූර හේෂාන් උණම්බුව සහ රෙෂිකා උඩුගම්පොළ හෙට (20) ලන්ඩන් නුවර බලා පිටත්ව යති.
ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය මේ මස 27 වැනිදා පැවැත්වෙන අතර ඊට පසු දිනයේම (28 වැනිදා) පිහිනුම් තරගාවලිය ආරම්භවන බැවින් හේෂාන් සහ රෙෂිකා කලින්ම ලන්ඩන් නුවරට යති.
සිය ක‍්‍රීඩා දිවියේ හොඳම තරග නිමි කාලය වාර්තා කරමින් ජාතික වාර්තාවක් පිහිටුවීම ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පළමු ඉලක්කය බව මීටර 100 පසුපස ආර ඉසව්වට (පිරිමි) සහභාගිවන හේෂාන් උණම්බුව පවසයි.
ජාත්‍යන්තර තරග අත්දැකීම්වලින් හෙබි 20 හැවිරිදි හේෂාන්ගේ මීටර 100 පසුපස ආර ඉසව්වේ හොඳම තරග නිමි කාලය තත්පර 57.47 කි.
පසුගිය මැයි මසදී මැලේසියාවේ පැවැති අන්තර්ජාතික විවෘත පිහිනුම් තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමත්, ලෝක පිහිනුම් ශූරතාවලියට සහභාගිවීමට අවස්ථාව ලැබීමත් ඔලිම්පික් වරම් හිමිකර ගැනීමට ඉවහල් වු බව හේෂාන් පවසයි.
”පසුගිය මාස පහක පමණ කාලයක් ජාතික ඔලිම්පික් කමිටුවේ අනුග‍්‍රහය ඇතිව ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර පිහිනුම් පුහුණු කඳවුරකට මම සහභාගිවුණා. එරට ඔලිම්පික් පදක්කම් ලාභී ක‍්‍රීඩකයන් සමග පුහුණුවීමට ලැබීම වැරදි හදා ගැනීමට අවස්ථාවක් වුවා යැයි” යයිද හේෂාන් පැවසීය.
මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙන් පසුව ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ඉංජිනේරු උපාධියක් සඳහා සිවු වසරක පමණ කාලයක් ඇමරිකාවේ අධ්‍යාපනය ලබන හේෂාන්, සාග් ක‍්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරගවලට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවද පැවසීය.
මෙවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගිවන ලාබාලතම ශී‍්‍ර ලංකා ක‍්‍රීඩිකාව වන රෙෂිකා උඩුගම්පොළයි. 18 හැවිරිදි රෙෂිකා, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 නිදහස් ආර ඉසව්වට (කාන්තා) සහභාගිවෙයි.
ඔලිම්පික් උළෙලේදී මීටර 100 නිදහස් ආර ඉසව්වේදී (කාන්තා) තමන් වාර්තා කළ හොඳම කාලය වන විනාඩි 1. තත්පර 3.36 ක කාලය අබිබවා යාම සිය මුලික ඉලක්කය බව රෙෂිකා පවසන්නීය. රෙෂිකාට ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට වරම් හිමිවීම සඳහා පසුගිය වසරේ චීනයේ පැවැති ලෝක පිහිනුම් ශූරතාවලියට සහභාගිවීම සුදුසුකමක් විය.
”මම 2011 වසරේ චීනයේ පැවැති ලෝක පිහිනුම් ශූරතාවලියට සහභාගි වුණා. ලෝක තරගාවලියට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව වුණේ මමයි”
”ඔලිම්පික් වරම් හිමිවීමට ලෝක තරගාවලියට සහභාගිවීම සුදුසුකමක් වෙනවා. ඒ අනුව තමයි මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගිවීමේ අවස්ථාව මට හිමිවුණේ’’ යැයි රෙෂිකා පවසන්නීය.
ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී පිහිනුම් ඇකඩමියක පසුගිය මාස තුනක කාලයක් පුහුණුවීමේ අවස්ථාව ද ඇයට හිමිවුවාය. කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබු රෙෂිකා ඇමරිකානු අන්තර්ජාතික පාසලේ උසස් අධ්‍යාපනය ලබයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රෙෂිකා - හේෂාන් හෙට ලන්ඩන් යති
හිල්මි Saturday, 21 July 2012 11:07 AM
අපගේ හෘදයාංගම සුභ පැතුම්...... ඔයාලාට.. (ස.වි)
සේනානායක Thursday, 19 July 2012 11:28 PM
සුබ පැතුම් සමගින් ලක්නම ලොව රන්දන්න
වරුණ Friday, 20 July 2012 07:20 AM
ස්වෝත්සාහයෙන් සුදුසුකම් ලැබූවාට සුභ පැතුම්! පදක්කමක් දිනන්න ලැබේවා!
නිලුක්ෂි Friday, 20 July 2012 08:56 AM
සියල්ලන්ටම සුභ පැතුම්!