IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රවී කරුණානායකට සිතාසි

(නිමන්ති රණසිංහ)

සතොස වැඩබැලූ  සාමන්‍යධිකාරීවරයකුට එරෙහිව  අල්ලස් නඩුවකට අධිකරණය හමුවේ සාක්කි ලබා දීම සඳහා හිටපු වෙළෙඳ ඇමැති රවී කරුණානායක මහතාට ලබන  නොවැම්බර් මස 16 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි  දන්වා  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (06) සිතාසි නිකුත් කළේය.

 ආනයනික සුදු කැකුළු සහල් විකිණිමේ ක්‍රියාවලියේදී මිල දර්ශනයට පටහැනිව සහල් මෙට්‍රික්ටොන් දාහක්  විකිණිමට නියම කර රුපියල් මිලියන 4 ක්  රජයට පාඩු කළැයි මෙම නඩුව සතොස වැඩබැලු හිටපු සාමාන්‍යධිකාරී සුනිල්  නිලේෂියස් විමල් පෙරේරා  යන අයට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවක් සම්බන්ධයෙන් මෙසේ  සිතාසි නිකුත් කර තිබේ.

මෙම සිද්ධියට අදාලව එවකට වෙළෙඳ ඇමැතිව  හිටපු රවී කරුණානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඈන් වින්ද්‍යා ප්‍රනාන්දු යන අධිකරණය හමුවේ සාක්කි ලබා දුන්නාය .



අදහස් (5)

රවී කරුණානායකට සිතාසි

OMG Thursday, 06 September 2018 08:31 AM

සමාවෙන්න. මට මතක නැහැ සංකල්පයේ පියා සාක්කි දෙනවා නැවතත් "මට මතක නැහැ" කියලා...

:       7       65

krishantha Thursday, 06 September 2018 09:05 AM

මිලියන 160 මතක නැති එකාට මිලියන 4 මතක තියෙන්න විදිහක් නැහැනේ . මම දන්නේ නැහැ .. මට මතක නැහැ .

:       35       1188

Hafeel Thursday, 06 September 2018 09:21 AM

මතක නැති මිනිහගෙන් මොන සාක්ෂි විමසීම?

:       52       822

Perakum Thursday, 06 September 2018 10:41 AM

විත්තිය සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරනු ලැබේ...!

:       0       22

වසන්ත Thursday, 06 September 2018 12:29 PM

අන්න හෙට අනිද්ද ආයෙත් ඇමතිකම දෙන්න යනවලු.

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site