IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රිවෝල්වරයක් සමග අයෙකු අත්අඩංගුවට

(තිලකරත්න දිසානායක)

විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 17ක්  සමග ගම්පහ දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි. 

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබී ඇති තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ගිනි අවිය සමග ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන ජීව උණ්ඩ  10 ක්  , මිලි මීටර්  2.2 ප්‍රමාණයේ ජීව උණ්ඩ 7 සහ අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 4337 ක ප්‍රමාණයක්ද ඔහු සතුව තිබූ බවත් පොලීසිය පවසයි. 

මෙම සැකකරු උඳුගොඩ , රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු බවද  අනාවරණය වී ඇත. 

සැකකරු අත් අඩංගුවට ගැනීම පිනිස ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත ජේෂ්ඨ පොලිස් අධිකාරී නාලක සේනානායක මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතාගේ අධීක්ෂණය මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන්වන වික්‍රමසිංහ , උදය ශාන්ත සහ බණ්ඩාරනායක යන මහත්වරුන් සමග සැරයන්වරුන්වන පුෂ්පානන්ද  - 2926 , ධනපාල - 55460 , සෙනෙවිරත්න  - 55466 , වීරසූරිය  - 61971 සහ කොස්තාපල් ලකෂාන් - 25075 යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කොට ඇති අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ. 



අදහස් (0)

රිවෝල්වරයක් සමග අයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site