IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රුවන්පුරේ මැණික් ව්‍යාපාරකයකුටත් කොරෝනා

(අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර මුද්දූව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මැණික් වෙළඳ ව්‍යාපාරිකයකුට නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරුව ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.

එම රෝගියා කොළඹ අයිඩීඑච් රෝහල වෙත යොමු කිරීමට රත්නපුර මහ රෝහල මගින් කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

මෙම වෛරස ආසාදිත පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයා සමඟ ගනුදෙනු කළ අයෙකු බව සෞඛ්‍ය අංශ කළ සොයා බැලීමේදී අනාවරණය වී තිබේ.

කොරෝනා වෛරසයෙන් ආරක්‍ක්‍ෂා වීමට මහජනයා විශාල වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳීසිටීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ පවසයි. එසේම යම් අයෙකුට කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත නම් එම පුද්ගලයන් වහාම රජයේ රෝහල කරා යොමු වී වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ පවසයි.

රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා වෛරස ආසාදිත යැයි තහවුරු වී නොමැති  සැක සහිත රෝගීන් 14  ක් අතරින් රෝගීන් 7කට වැඩි ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බව රෝගීන්ගේ සාම්පල පරීක්‍ෂණ වාර්තා  අනුව තහවුරු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (1)

රුවන්පුරේ මැණික් ව්‍යාපාරකයකුටත් කොරෝනා

terry Tuesday, 17 March 2020 01:30 PM

අපේ පුංචි දුප්පත් රටට මේවගේ වසංගත තත්වයක් ඇතිකිරීමට හේතුවූ සියල්ලන්ට රටේ නීතිය මගින් දඬුවම් ලබාදී, ඊට වැයවන අසරණ මිනිසුන්ගේ මහජන මුදල් වැරදිකරුවන්ගෙන් අයකරගෙන, මෙම ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය කල කිසිඳු වගකීමකින් තොරව හිතාමතාම කටයුතු කල ව්‍යාපාරිකයා වැනි අනෙකුත් අයටත් ආදර්ශයක් වෙන්නට ඔවුන්ට උපරිම දඬුවම් ලබාදෙනමෙන් ඉල්ලමි. මෙවැනි කාර්යයකට දේශපාලන මැදිහත්වීමක් අනවශ්‍ය බවද මතක් කරනු කැමැත්තෙමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13561 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 964 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site