IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රුවන්පුර අධිවේගී පාර කෝ?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නතර කිරීමෙන් රත්නපුරේ ජනතාවගේ බලාපොරොත්තු සුන් වී ඇතැයි පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී ජේ.සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රජයට මුදල් නැතැයි කියමින් මෙම ව්‍යාපෘතිය නතර කර තිබෙන බවද සෙනෙවිරත්න  මහතා කීය.

2020 වසරේ කැබිනට් තීන්දුවක් ගෙන රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කොට කිලෝමීටර් දහයක් පමණ ඉදිකිරීම්ද කර ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී 2013 වසරේ අදාල අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජනා වූ බව කී සෙනවිරත්න මහතා පසුව සක්‍යතා අධ්‍යන කටයුතු ආරම්භ කොට යහ පාලන ආණ්ඩුව යටතේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ද සිදු කළ බව සඳහන් කළේය.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූයේ රුවන්පුර අධිවේගී මාර්ගය විදේශ ආයෝජන වලින් ඉදිකෙරෙන මාර්ගයක් වශයෙන් ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබෙන බවයි.

ණය ප්‍රතිව්‍යුගත කරණය කරන තෙක් කිසිම අධිවේගී මාර්ගයකට මුදල් සපයා ගන්නට පුළුවන්  කමක් නැතැයි ද අමාත්‍යවරයා කීය.



අදහස් (9)

රුවන්පුර අධිවේගී පාර කෝ?

ajith Wednesday, 29 November 2023 05:11 PM

තමන්ගේ පොකට් එකෙන්ද පාර හදන්ට සල්ලි දෙන්නේ?

:       2       13

ජේ .සිල්වා Wednesday, 29 November 2023 05:12 PM

ඒක අවශ්‍යම නැහැ... 1970 සමගි පෙරමුණු රජයේ හිටපු උපඇමති කෙනෙක් ඇතුළු තවමත් පාර්ලිමේන්තුවේ සිටින තමන්ගේ ආසනය දක්වාවත් මාර්ගය තබාගැනීමට නොහැකිවූ මන්ත්‍රී ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින කෙනා හා හිටපු මංත්‍රීලාගේ අවශ්‍යතාව මත වසාදැමීමට කටයුතු කළ කැළණිවැලි දුම්රිය මාර්ගය අඩුම තරමින් රත්නපුර දක්වා හෝ සංවර්ධනය කරන්න කියලා මතක්කරනවා..

:       1       22

LallaWednesday, 29 November 2023 07:36 PM

දුම්රිය මාර්ගය ඉදිකිරීම අධිවේගි මාර්ගයට වඩා ප්‍රතිඵල ලබාගත හැකියි.අනික මිල අඩුයි.කැලණිවැලි මාර්ගය තිබූ ඉඩම් අතාවුද ලොක්ක හෙන්චයියන්ට බෙදුව නේද එයාගේ ඉඩම්වගේ...

:       0       2

Bamunuarachchi Wednesday, 29 November 2023 05:53 PM

රජයට එදිනෙදා වැඩටික කරගෙන යන්න සල්ලි නැහැ. මෙයා රත්නපුරේට අධිවේගී මාර්ග ඉල්ලනවා.

:       3       13

විජේතුංග Thursday, 30 November 2023 05:42 AM

මීයක් කඩන්නෙ අත ලෙවකන්න නොවෙයිනේ දේශපාලුවො පොහොසත් වෙන්නෙ මාර්ග සංවර්ධනය හරහා තමයි රටේ කලයුතුම අවශ්‍යතා හදුනා නොගෙන තමන්ගෙ උදර පෝෂණය හා පරම්පරාවෙ අනාගත පෝෂණය සදහා බලයේ සිටින කාලයේ කටයුතු කරනවා මිස රටට ආදායම් ඇතිකරන ව්‍යාපෘති විදේශ විනිමය ලැබෙන කිසිවක් යෝජනා කරන්න මුන්ට කල්පනාවක් හැදෙන්නෙම නැහැ

:       0       4

Rata Perata Wednesday, 29 November 2023 09:53 PM

ඇයි ඕක විතරද? පෝෂ්‍යදායි ආහාර මල්ලක් දෙනවා කිව්වා.. බ්‍රේස්ලට් දෙනවා කිව්වා. සුහුරු පන්ති කාමර හදනවා කිව්වා. තව මතකත් නෑ. තවමත් මොවුන්ගේ කතාවලට රැවටෙන්න හිතෙනවා නම් තණකොළ කන එක ගැනත් හිතන්න...

:       0       1

de silva Thursday, 30 November 2023 07:21 AM

ඕව හදන්න තිබුන ඔබ ඇතුළු පොහොට්ටු නඩය හොරකම් කලේ නැතිනම්

:       0       4

Milan Thursday, 30 November 2023 09:30 AM

60 පැනපු මෙයා ආයෙත් පාර පෙන්නලා කොමිස් ගහලා රත්නපුරෙන් ඡන්දෙ ගන්න හදන්නෙ. රත්නපුරේ මිනිස්සුන්ට ඕනි කැළණිවැලි දුම්රිය මාර්ගය. ඔහේ ඒක තේරුම්ගත්තොත් හොඳයි.

:       0       8

අරවින්ද Thursday, 30 November 2023 11:58 AM

අනේ මිලාන් මෙයා හැට නොවෙයි අසූවත් පැනල ඉන්නෙ ඔය හදන්නෙ ඊළඟ මැතිවරණය සදහා එන්නත් බැරිඑකේ මේ නහින දෙහින කාලේ තවත් ටිකක් යටිමඩි ගසා ගන්න පුළුවන්ද කියලා තමයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site