IMG-LOGO

රුවින්ගෙන් ඉතාලි ගීතයක් ළඟදීම

'රිදම් ෆ්ලෑෂ්' සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියෙකු ලෙස මීට වසර 10කට පෙර සංගීත ක්ෂේත්‍රයට එක්වූ රුවින් සඳපහන් මේ වනවිට ඉතාලියේ රැකියාවක නිරතව සිටියි. එහෙත්, තවමත් නිරන්තරයෙන්ම සිය සංගීත කටයුතු සිදුකරමින් සිටින ඔහු පසුගියදා සිය අලුත්ම ගීතය වූ 'වේදනා නෑ' නම්න් එළිදක්වනු ලැබීය.

 

20160708Ruwni-1"ගීත පහකට වඩා වැඩි ප්‍රමාණයකට මම දැන් දායක වෙලා තියෙනවා. ක්ෂේත්‍රයට ආවේ 'මගේ දෑස' කියන ගීතය ගායනා කරමින්. මේ ගීතය සංගීතවත් කළේ චතුරංග ගමගේ. ලිව්වේ ක්‍රිෂාන් සංජිව. දෙවැනි ගීතය තමයි 'වෙන්වී යන්නද' කියන ගීතය. සංගීතය නිර්මාණය කළේ දමිත අයෝධ්‍ය. ලිව්වේ ඩිලංක ගයාන්. මගේ තුන්වැනි ගීතය  මව් ගුණ ගීතයක්. 'කඳුළට රහසින්' තමයි ගීතයේ නම. ඒ ගීතයේ සංගීතය නිර්මාණය කළෙත් දමිත. ලිව්වේ ප්‍රසන්න කුමාර දම්මලගේ. සිවුවැනි ගීතය පියගුණ ගීතයක්. 'මගේ තාත්තා' තමයි ඒ ගීතයේ නම. සඳරුවන් ජයසිංහ තමයි සංගීතවත් කළේ. ගීතය ලිව්වේ ප්‍රසන්න කුමාර දම්මලගේ. අන්තිමට කරපු ගීතය 'වේදනා නෑ' ගීතය සංගීතය නිර්මාණය කළේ තිවංක පින්නවල. පද රචනය අයෝධ්‍ය ෆර්නැන්ඩෝ.

 

'වේදනා නෑ' ගීතය එළිදක්වලා තාම ලොකු කාලයක් නැහැ. ඒ නිසා ඒ ගීතය තව කාලයක් රසවිඳින්න මම මගේ රසික, රසිකාවියන්ට අවස්ථාව ලබා දෙනවා. ඒ ගීතයෙන් පස්සේ අලුත් වැඩ කිහිපයකටම හිත යොමු කරන්න අදස් කරමින් ඉන්නවා. මම දැනට ඉතාලියේ ඉන්නේ. ඉතාලි භාෂාවෙන් ගීතයක් නිර්මාණ කරලා ඉතාලියේ ඉන්න සංගීතලෝලීන්ට ශ්‍රවණය කරන්නට අවස්ථාවක් දෙන්න හිතාගෙන ඉන්නවා. දැනට ඒ ගීතය පිළිබඳව ඉතාලියේ සංගීත ශිල්පින් කිහිප දෙනෙකුම සාකච්ඡා කරමින් ඉන්නවා."

 



අදහස් (0)

රුවින්ගෙන් ඉතාලි ගීතයක් ළඟදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site