IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රිය අනතුරින් පියා -පුතු මරණයට: මව රෝහලේ

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

ආණමඩුව ලබුගල ප්‍රදේශයෙදී  අද(25 )  සිදුවු මාරක අනතුරකින් පියා හා පුතු මරණයට පත්ව මව බරපතල තුවාල ලබා පුත්තලම මූලීක රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

මෙම අනතුරීන් මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම වෙලේවැව පදිංචි 38 හැවිරිදි යුද හමුදා විශේෂ බළකායෙ ලුතිනන් වරයකු වන  ජීවක සෙනවිරත්න නැමති නිළධාරීයකු හා ඔහුගේ පුතු වන මනුජය ප්‍රභාෂ්වර නැමති  දස හැවිරිදි දරුවෙකී.

මෙම අනතුරීන් බරපතල ලෙස තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කර ඇත්තේ මිය ගිය යුද හමුදා නීළධාරීයාගේ බිරීද බව පොලිසිය කියයි.

මිය ගිය යුධ හමුදා විශේෂ බලකා නිළධාරීයා තම පුතු හා බිරිද සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ආණමඩුව නවගත්තේගම මාර්ගයෙ ලබුගල රජමහා විහාරස්ථාන ඉදිරීපිට නවතා තිබු දැව ප්‍රවාහන කරමින් තිබු ලොරි රථයක ගැටි ඇති බව කියයි.

 



අදහස් (0)

රිය අනතුරින් පියා -පුතු මරණයට: මව රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site