
(ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර )
සිංහල හින්දු අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් මෝටර්රථයක් බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ගණදෙවි දේවාලය අසලදී අද (14) මාර්ගයෙන් ඉවතට පැන මාරගසක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් පියකු සහ දියණියක බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .
ගම්පහ දොම්පේ පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එච් .එම්. කමලාවතී (70) , සහ මුදුගමහේවගේ සිරියාවති (51) යන නැන්දම්මා සමඟ ලේලියක මෙසේ මියගිය බවද පොලිසිය කීය .
මෙම අනතුරින් 53, හැවිරිදි පියා සහ 22 හැවිරිදි දියණිය ක තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලිසිය පැවසීය .
මොවුන් හාලිඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටින සිය දියණිය ගේ නිවසට සිංහල හින්දු අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .
හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් දෙකක් මරුට:දෙකක් රෝහලට