අයි. පී. එල්. තරගාවලියේ දෙවැනි තරගයේදී මුම්බායි ඉන්ඩියන්ස් පිල පරදවා ලකුණු 2 ක තියුණු ජයක් ලබාගැනීමට බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය. තරගය බැංග්ලෝර්හීදී පැවැත්විණ.
කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්ඩියන්ස් පිලේ නායක රිකී පොන්ටින් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට ආරාධනා කළ අතර දෙවැනි ඕවරයේ මිචෙල් ජොන්සන් යැවූ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් තිලකරත්න ඩිල්ශාන්ට ලකුණු නොලබා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
දැවැන්ත හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමගින් පන්දු 58 කදී නොදැවී ලකුණු 92 ක් ලබාගත් කි‍්‍රස් ගේල් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.
දිනේෂ් කාර්තික් පන්දු 37 කදී හයේ පහර 4 සහ හතරේ පහර 3 සමගින් ලකුණු 60 ක් රැස්කළත් තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
බැංග්ලෝර් පිල නියෝජනය කළ මුත්තයියා මුරලිදරන්ට ඕවර 4 ක් යවා ලකුණු 30 ක් ලබාදෙමින් එකදු කඩුල්ලක් වත් ලබාගැනීමට නොහැකිවිය.
බැංග්ලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 20 තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 156
(කි‍්‍රස් ගේල් නොදැවී 92, විරාට් කෝලි 24, අරුන් කාර්තික් 19, ජස්පී‍්‍රත් බුම්රා 32/3)
මුම්බායි ඉන්ඩියන්ස් පිල ඕවර 20 තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 154
(රිකී පොන්ටින් 28, සචින් ටෙන්ඩුල්කාර් 23, දිනේෂ් කාර්තික් 60, විනය කුමාර් 27/3 )
(**)
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රෝයල් චැලෙන්ජර්ස් පිලට තියුණු ජයක්
උපේක්ෂා Friday, 05 April 2013 09:10 AM
අපේ කට්ටියට මේ පාර නම් වැඩ වරදියි වගේ. (නි)
අනුර Friday, 05 April 2013 10:30 AM
අපේ කට්ටියට ජයලලිතා මොනවා හරි කරලා වගේ (ස)
සුරාජ් Friday, 05 April 2013 11:37 AM
රට පාවාදීලා හොයන සල්ලි වලින් වැඩක් නැහැ පුතේ (නි)
අශෝක Friday, 05 April 2013 04:50 PM
ඉන්දියානු අදාර ගන්න ලජ්ජා නැහැ. ඒත් ක්‍රීඩා කළාම ලැජ්ජයි. (නදී)
ශාන්ත ලාල් Friday, 05 April 2013 01:00 PM
අපේ අකමැත්තෙන් අයි.පී.එල් ගිහින් ආරම්භයේ දීම 0 නේද දරුවෝ.. (ස)
ශනිත් Friday, 05 April 2013 01:06 PM
බැංගලෝර් ඉන්දියානුවන් අපේ රටට ආදරෙයි... ඔවුනට සුභ පැතුම්... !(ස)