අධිවේගී මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් 20%ක් පමණ නිදිමත ගතිය නිසා අනතුරුවලට ලක්වී ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරු එස්.ඕපනායක මහතා කියයි.
අධිවේගී මාර්ගය දෙපස ප්‍රියමනාප වනගහණයක් ඇති කිරීමෙන් එවැනි අනතුරු අවම කරගත හැකි බවද ඔහු කියයි.
පරිසරයට හිතකර ගස් වැවීමෙන් වාතය පිරිසිදුවී කාබන්ඩයොක්සයිඩ් වැනි අහිතකර වායු අවම කර බලශක්ති පිරිමැසීමට බලපාන බවත් වැහිවතුර රඳා පැවැතීමෙන් සෝදා පාළුව නතර කළ හැකිය. ජලය පිරිසිදු කිරීම් සඳහා යන වියදම අඩුවීම, මග දෙපස ජනයාට ආදායම් මාර්ගයක් සලසා දීම ආදියෙන් ස්වභාවික පරිසරයක් ඇතිකිරීමේ යෝජනා ක්‍රම අධිවේගී මාර්ග පවත්වාගෙන යන බටහිර රටවල ක්‍රියාත්මක වේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම කොටසේ මුලින්ම පැල රෝපණය කරන බව ඕපනායක මහතා පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රියදුරු නින්දට ගහෙන් බෙහෙත්
උපාලි Thursday, 21 July 2016 03:49 PM
එක ගහයි මිනිස්සු එකොළහයි ටයි කාරයෝ හතරයි. වෙනරටක නම් එක මිනිහෙක් ගිහිල්ල පලටික හිටවල එනවා. අනේ අපට ගිය කල. ඔක්කොම පින්තුර වල විතරයි (අ)
වික්ටර් Thursday, 21 July 2016 05:55 PM
උපාලි, පින්තූරයට නොවැටුන තව අයත් ඉන්නවද දන්නේ නැහැ නේද? (නි)
දුෂාර Thursday, 21 July 2016 09:59 AM
අඹ , කොස් කොහොඹ වගේ ගස් වවන්න ඕනේ. එකපාරක් කල වගේ ෆිනස්, ටෙර්පන්ටින් වගේ ඒවා හිටවල තියෙනටිකත් කෙලවගන්නේ නැතිව (අ)
බන්දුල. Thursday, 21 July 2016 10:10 AM
එකනම් හොද අදහසක්. පරිසර වගේම ස්වභාවික ලස්සනත් වටිනවනේ.(ම)
සෑම් Thursday, 21 July 2016 10:28 AM
අපේ රියදුරන්ට ට්‍රැෆික් තදබදයක් නැතිව, එහෙන් මෙහෙන් ත්‍රි විල් කාරයෝ, පදිකයෝ, බල්ලෝ, හරක් පනින්නේ නැතිව, හෝන් සද්දේ නැතිව වාහන එළවලා පුරුද්දක් නැහැ . එහෙම කලබල නැතිව සන්සුන්ව වාහන එලවනකොට නින්ද යනවා . (බ)
සිරිල් Thursday, 21 July 2016 10:29 AM
එ් දවස් වල හිටවල තිබූන පැල ටික තිබුන නම් අද ලොකුවෙලා ... අනේ මෙහෙමත් පිස්සෝ ටිකක්. (බ)
ලලිත් Thursday, 21 July 2016 11:51 AM
එහෙම කියලා පාර අයිනටම වෙන්න ගස් වවන්න එපා. අන්තිමට පාර ලොකු කරන්න වෙන දවසට පරිසර සම්බන්ධ අය උද්ඝෝෂණ කරයි ගස් කපනවා කියලා.(හේ)
සත්‍යයා Thursday, 21 July 2016 01:33 PM
පාර දෙපස විතරක් නොවෙයි මුළු රටේම ගස් වැව්වත් ඒක ඉතාම හොඳ වැඩක්. නමුත් අනතුරු ඇතිවීමට තුඩුදෙන රියදුරන්ට නින්ද යාමට ගස් වැවීම විසඳුමක් වෙන්නේ නැහැ. (හේ)
ධම්ම Thursday, 21 July 2016 02:33 PM
කොහේ හරි කරනවා නම් අපිත් එහෙම කරමු. ඒක තමයි අපේ ක්‍රමය.(හේ)