(සුමිත් පොතුපිටිය )
කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රීරෝද රථයක් රැගෙනගොස් බඩට සහ පපුවට පිහියකින් ඇන ත්‍රීරෝද රථය පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පින්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පහරකෑමට ලක්වූ ත්‍රීරෝද රථ රියදුරුගේ පවුලේ සාමාජිකයින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇත.
වාද්දුව තල්පිටිය ලෝලුගස්මංකඩ හන්දියේ දී ඊයේ රාත්‍රි එක් පුද්ගලයකු ත්‍රීරෝද රථයට ගොඩවී කුලී ගමනක් යාමට කතිකා කරගෙන ඇති අතර , අතර මගදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු එයට ගොඩවී ඇති බව සදහන් වේ.
රථය පින්වත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ දී ත්‍රීරෝද රථ රියදුරුට රථයෙන් බැසයන ලෙස අණකර ඇති අතර , එය ප්‍රත්ක්ෂේප කිරිම හේතුවෙන් එක් අයෙක් ඉනේ සගවාගෙන සිටී පිහියක් ගෙන ත්‍රීරෝද රථ රියදුරුට උදරයට සහ පපුවට පිහියෙන් ඇන පලාගොස් ඇති බව සදහන් වේ.
පහරකෑමට ලක්වූ ත්‍රීරෝද රථ රියදුරු පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රියදුරාට පිහියෙන් ඇන ත්‍රිරෝද රිය සොරකම් කරලා
පියනන්ද Thursday, 16 November 2023 12:12 PM
රථය රියදුරුට බැහැලා පලයං කියලා අණ කළා කියන්නෙ ඒක මාර සොෆිස්ටිකේටඩ් වාහනයක් වෙන්න එපායැ. නයිට්රයිඩර්ගෙ කාරෙක වගේ. එහෙනං ඒ වගේ වීල් එකක් උස්සන එකේ අරුමයක් නෑ.