IMG-LOGO

රයිගමයයි ගම්පලයයි කුඩු ගෙනල්ලා

  රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා හෙරොයින් කිලෝවක්  රැගෙන ඉන්දියාවේ ට්‍රිචී  නුවර සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයකු හා මාළිගාවත්තේ කාන්තාවක  කටුනායකදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ  නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගැනුනු  බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.
දෙදෙනාම සතියකට වරක් ඉන්දියාවට ගොස් ඇති බවත් ඔවුනොවුන් නොහඳුනන බවත් කියති.
ඉන්දියානුවා  තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි හතලිස් එක් හැවිරිදි රෙදිපිලි ව්‍යපාරිකයෙකි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර විජේවීර  මහතාගේ උපදෙස් පිට රාජ්‍ය  බුද්ධි තොරතුරු සේවය  සමග එක්ව රේගු සමාජ ආරක්ෂන අංශයේ රේගු අධ්‍යක්ෂක කේ.ඒ.ඩී නිකොලෂ්, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පී. නන්දසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ රේගු අධිකාරී නිහාල් අලහප්පෙරුම මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන්වන එම්.කේ උයද ගාමිණී, අයි.එන් ඒකනායක, ඩී.ඩී.එස්.සී මයිකල්, කීර්ති අබේසේකර, තිලින විෙජ්සේකර, ප්‍රබුද්ධ පෙරේරා, තනුෂ්ක විෙජ්සූරිය, උදේෂ් ජයවර්ධන යන නිලධාරීන් විසින් සිදුකරති.
මේ  පිළිබඳව රේගු පරික්ෂනය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව මහතා විසින් සිදුකිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය  පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය වෙත බාරදීමට නියමිතය.     

 

 



අදහස් (0)

රයිගමයයි ගම්පලයයි කුඩු ගෙනල්ලා

පුෂ්පා Tuesday, 26 February 2013 04:56 AM

රේගුවට ලොකු මල් මිටක්! අපේ අහිංසක සහෝදර සහෝදරියන් මත් රකුසාගේ බේරා ගැනීමට ඔබ දරන උත්සාහයට කොපමණ ස්තුති කළත් මදි. (නි)

:       0       0

සිල්වා Monday, 25 February 2013 12:02 PM

අපේ කාන්තාවෝ ඉන්දියන් බිස්නස් කරනවා කියලා කරන්නේ මේවා තමයි. ජාතිය වනසන මෙවැනි වැඩ කරන අයට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න.(නදී)

:       0       0

නිමල් Monday, 25 February 2013 12:03 PM

දින දෙකකදී කුඩු ගැන අහන්න ලැබෙන කී වෙනි පුවතද මේ?(නදී)

:       0       0

සූකිරි Monday, 25 February 2013 12:03 PM

මෙන්න ලංකාවේ උතුම් බව කියාපාන තවත් එක සිදුවීමක්.(නදී)

:       0       0

සෑම් Monday, 25 February 2013 05:06 PM

අන්තවාදී ආගම් කල්ලිවල සම්බන්ධයක් ඇත්දැයි සොයා බලන්න. (නි)

:       0       0

Nimal Tuesday, 26 February 2013 03:31 PM

මේව අල්ලපු එක නම් හොඳයි, හැබැයි මගේ ජීවිත කාලෙටම තාම කුඩු 'මුදලාලිලා'ට දඬුවම් කරනවා අහලා නෑ. මේ වගේ ගෝල බාලයෝ තමයි හැමදාම අහුවෙන්නේ. (ස)

:       0       0

මහින්ද Monday, 25 February 2013 12:30 PM

නීතිය නම් වල්වැදිලා ඉතින් බොහොම කල්නේ. (නි)

:       0       0

ලලිත්-දෝහා Monday, 25 February 2013 12:49 PM

මේවා බරපතල වැරදි. උපරිම දඩුවම් දෙන්න.(නදී)

:       0       0

කුමාර් Monday, 25 February 2013 01:19 PM

දැඩි දඩුවම් ලබාදිය යුතුයි. (නි)

:       0       0

චන්ද්‍රකුමාර Monday, 25 February 2013 01:32 PM

දකුණු ඉන්දියාවේ අය ලංකාවේ අනෙක් දේවල් ප්‍රතික්ෂේප කළාට මෙහෙම දේවල් වලට නම් ලංකාව හොදයි. (නි)

:       0       0

ගාමිණි Monday, 25 February 2013 07:52 PM

ළමා පරපුර විනාශ කරනවා (දී)

:       0       0

ගාමිණී Monday, 25 February 2013 02:27 PM

රේගු නිළධාරීන්ගේ කාර්යක්ෂමභාවයට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

ගාමිණි Monday, 25 February 2013 02:34 PM

ලංකාව විනාස කරන්න ඇවිත් තියෙන්නේ (දී)

:       0       0

හාවී Monday, 25 February 2013 04:06 PM

රයිගමයයි ගම්පලයයි කියුවේ ඇයි (දී)

:       0       0

මහින්ද-ඩුබායි Monday, 25 February 2013 12:02 PM

ඔක්කොමත් හරි. ඕක අර ආයතනයට බාරදුන්නම කුරක්කන් පිටි වෙයිද දන්නේ නැහැ. ඔය අහුවෙන කුඩු ප්‍රසිද්දියේ විනාශ කරන්න ක්‍රමයක් සකස් කලොත් හොදයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 604 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site