ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉතාලියේ පවතින දැඩි විරැකියාව හා අධික උද්ධමනයට එරෙහිව විරෝධය පෑම සඳහා රෝම අගනුවරට එක් වූහ. දහස් ගණනක තරුණ පිරිස් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධරයන් ඇතුළු 135 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. ඉතාලි ජනමාධ්‍ය පවසන පරිදි විරෝධතාකරුවන් විසින් සිදු කැරුණු දේපළ හානිවල වටිනාකම යුරෝ ලක්ෂ 16ක් හෙවත් රුපියල් කෝටි 24කට අධිකය. අන්තවාදි තරුණ පිරිස් දෙවස්ථාවලට කඩාවැදි ප‍්‍රතිමා පවා විනාශ කොට ඇත. රෝම අගනුවර අතිවිශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් පදිංචි වී සිටිති. මෙම ගැටුමෙන් ඔවුන් කිසිවකුටත් අනතුරක් නොමැත. එහෙත් ඉතාලියේ රැකියා පතා ශ්‍රී ලංකාවෙන් එන අයට තදබල අසුබ කාලයක් උදාවී ඇත. එසේ අවුත් රැකියා නොමැතිව දහදුක් විඳින අය කියනුයේ තමන් රුපියල් ලක්ෂ 15ක් පමණ තුරැව්කරුවනට දී ඉතාලි ආ බවයි.


2025 නොවැම්බර් මස 04
546
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රෝමය ගිනි ගනී
රංජිත් Tuesday, 18 October 2011 01:36 PM
නීරෝ හිටියානම් වීණාව හරි අහන්න තිබුණා
සිසිර කුමාර Tuesday, 18 October 2011 01:43 PM
ලංකාවේ සහොදරයින්ට හානියක් නොවෙන්න පතමි
සුරාන් ප්‍රනාන්දු Wednesday, 19 October 2011 09:09 AM
දිට්ඨ දම්ම වේදනීය කර්ම
හිමාලි මහේෂිකා -රුහුණු සරසවිය Wednesday, 19 October 2011 09:48 AM
අනේ අපේ මිනිස්සුන්ට හැදිලා තියෙන පිස්සුවක් රපියල් ලක්ෂ 15 තියෙන කෙනෙකුට තවත් මොකටද මේ වාගේ දුක් විදින්නෙ වර්තමානයේ දියුණුවෙච්ච මිනිස්සු ගැන පොත් පත් කියවන්න ඒ අය රුපියල් පහළොවක් අතේ තියාගෙන කොළඔට ඇවිත් තියෙන්නේ ලක්ෂ ගණන් දීලා පිට රට යන එහෙම යන්නේ ඒ අයගේ දෙමව්පියන් හම්බ කරල ඉතිරි කළ මුදල් වලින් නේද අපරාදේ සල්ලි ඒ කාලේ දෙමව්පියන් මුදල් පසුපස්සේ දුවන්නේ නැතිව ඒ දවස් වල දරුවනගේ ඔලු හැදුවානම් අද මේ අය ලංකාවේ උසස් රැකියාවක් කරලා සතුටින් ඉන්න ඉන්න තිබුණා දැන් ඉතින් කියන්න තියෙන්නේ අපේ කණගාටුව! කියලා තමයි
අජිත් ඒකනායක Tuesday, 18 October 2011 12:23 PM
කවුද ලක්ෂ 15 දීලා යන්න කිව්වේ ??
චින්තක Tuesday, 18 October 2011 12:34 PM
වීණා වාදනය කරල තියෙන්නේ කවුද
ඉන්දික වරාපිටිය Tuesday, 18 October 2011 12:48 PM
නීරෝ කොහෙද ?????
K G K පාලිත Tuesday, 18 October 2011 01:08 PM
ඉතාලියේ සිටින අපේ සහෝදර සහෝදරියනි ඔබ ප්‍රවේසමෙන්