IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


රාමනාදන් අර්චුනා පොලිසියේදී අර්චුනෑ ලෝචනා වෙලා

(උපාලි ආනන්ද)

අනුරාධපුර රථවහන අංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුවේ සැකකරු තමා බව පවසමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වුවද ඔහු මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් පිළිගැනීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය.

මහේස්ත්‍රාත්වරයා ඒ බව දැනුම් දුන්නේ සැකකරු සිය ජාතික හැඳුනුම්පත සමඟින් අධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ රාමනාදන් අර්චුනා යන නමින් වුව ද අනුරාධපුර පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති මුල් බී වාර්තාවේ සැකකරුගේ නම ලෙස සඳහන් කර ඇත්තේ අර්චුනෑ ලෝචනා යනුවෙන් බවයි.

ඒ අනුව අද දින අධිකරණයට ඉදිරිපත් වුණ සැකකරුගේ නම සහ පොලිසිය බී වාර්තාව මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇති නම අතර පරස්පරතාවයක් තිබෙන බැවින්  මහේස්ත්‍රාත්වරයා ඒ අනුව නඩුවට අදාළ සැකකරුවකු ලෙස රාමනාදන් අර්චුනා යන අය ඉදිරිපත්වීම පිළිගත නොහැකි බව සඳහන් කළේය.

 



අදහස් (9)

රාමනාදන් අර්චුනා පොලිසියේදී අර්චුනෑ ලෝචනා වෙලා

Archunae Lochanae Wednesday, 22 January 2025 04:12 PM

පීතී පීතී.. ශ්‍රී ලංකා පොලීසිය...

:       1       76

Kule Wednesday, 22 January 2025 05:24 PM

දැන් හොයපල්ලකෝ අර්චුනා ලෝචනා කවුද කියලා... නේද නි. පොලිස්පති තුමනි...?

:       1       55

ravin Wednesday, 22 January 2025 07:02 PM

අනේ මන්දා ඉස්සෙල්ලාම නීතිය ක්‍රියාත්මක කරන උදවිය නීතිය යනු කුමක්ද කියන එක අවබෝධ කරගත්තා නම් හොඳ නැද්ද?

:       2       40

AB Wednesday, 22 January 2025 11:00 PM

අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරිය හොදින් අධ්‍යාපනය ලද තරුණ මන්ත්‍රීවරයෙකි . ඔහුහේ හැකියාවන්ගෙන් සහ දැනුමින් උගත්කමින් ප්‍රයෝජන ගැනීමට ඔහුට පාර්ලිමේන්තුවේ කාරක සභාවල යම් වගකීමක් පවරා ඔහුට අවස්තාවක් ලබාදෙන්න. ඔහු ස්වාධීන මන්ත්‍රීවරයෙකු උවත් ඔහුට යම් වගකීමක් පැවරීමෙන් හෝ ලබාදීමෙන් ඔහුට පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබද අත්දැකීම් ලබාගැනීමට අවස්තාවක් ලැබෙනු ඇත. ඔහුට වගකීමක් නොමැති නිසා මෙසේ හැසිරීම සිදු උවත් ඔහුට වගකීමක් ලැබුණු පසු ඔහු එම වගකීමට අනුව කටයුතු කරනු ඇත සහ ඔහුට පළපුරුදු දේශපාලකයකුගෙන් යම් අවවාදයක් ලබාදීමත් සිදුවිය යුතුවේ. වෙනත් දේශපාලකයන් මෙන් නොව ඔහුට දේශපාලන අද්දැකීම් නොමැති උවද උගත් තරුණ පුද්ගලයකු නිසා බෂා 3 කතා කිරමේ හැකියාව ඇති නිසාත් ඔහුගේ උපරිම ප්‍රයෝජන ලබාගැනීමට හැකිය එමනිසා ඔහුට පාර්ලිමේන්තුවේ කාරක ශබවල වගකීමක් ලබාදීම සුදුසුවේ. ඔහුගේ යම් වැරදි තිබෙන්නට පුළුවන නමුත් ඔහුව නිවැරදි කර අවස්තවක් ලබාදීම සුදුසු වේ. දක්ෂයන්ට බියවිය යුතු නොවේ..

:       6       3

Tharindu Thursday, 23 January 2025 12:29 AM

මාර්ග නීති උල්ලංඝනය කරමින් සිදු කරන ලබන රියදුරෙක් තමන්ගේ හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය ඉදිරිපත් නොකිරීම ම නීතියට පටහැනි..එම අවස්ථාවේදීම එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිය....හැබැයි ඔහු ඔබ මා වගේ සිවිල් වැසියන් විය යුතුය

:       1       4

Dasa P Thursday, 23 January 2025 03:46 AM

මේ මගේ පරණ පෙම්වති ලෝචනාද ?තාමත් මන් පන පිටින් ලෝචනා

:       1       5

අනුර Thursday, 23 January 2025 07:32 AM

කොහොම හරි කරලා සතියෙන් සතිය ගොඩ දාගත්ත නම් ඇති. වෙල් ඩන් බෝයිස්. හරියටම ස්ක්‍රිප්ට් එකට වැඩේ යනවා. අම්බරුවනේ අපි රැකුණේ තොපි හන්දා

:       1       5

Nimal Thursday, 23 January 2025 08:15 AM

ඔහොම තමයි පොඩ්ඩක් දාඩ්ම් වෙනවා ඩූම් වෙනවා

:       1       3

Gag Thursday, 23 January 2025 10:12 AM

ඇත්තටම පව්. මේ මනුස්සයා සැහෙන දුරක් ඩ්‍රයිව් කරං පාර්ලිමේන්තුවට එන්න ඕනෙ. ලේසි නෑ මේ කාර්යය. ස්පීඩ් බෝට්ටුවක් ගත්තනං මේ මොන ප්‍රශ්නයක්වත් නෑ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 568 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17378 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site